අනුර ජනාධිපතිතුමා ලොකු කතාවක් බොහෝම පහත් ලීලාවෙන් නීතිඥ සංගයම ඉදිරියේ කිව්වනේ පහුගිය දවසක. මේකට ඉතිං ජා.ජ.බ බයියන් නොහොත් ඩෝබිවරුන් ගොඩක් තෙත් වෙලා තිබුනනේ. හැබැයි මෙතෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි, අනුර මහත්තයට එයා මේ රටේ 9 වැනි විධායක ජනාධිපතිබව අමතක වෙලා.
ඔය පොලිටිකල් ඩෝබිලා ගොඩක් ඉහලින් කතා කරපු දෙයක්නේ අනුර මහත්තයා කියපු "මම මේ ධුරයෙන් යන්න උනත් ලෑස්තියි" කියන කතාව. ඉතිං ඩෝබිවරුනේ විපක්ෂය හෝ අනෙක් දේශපාලන පක්ෂ හැරුනාම නීතිඥ සංගමය වේවා වෙනයම් හෝ සංවිධාන ව්‍යුහයක් මේ සංශා්ධනයට විරුද්ධ වෙන්නේ අනුර මහත්තයව තියාගන්න නොවෙයි. මේ රටේ 7 වැනි විධායක ජනාධිපති උන ගෝඨාභය මහත්තයට උනා වගේ පෑල දොරෙන් පැනල යන්න උනොත් එකෙන් අරාජිකවන්නේ මේ රට සහ මේ රටේ දුක් මහන්සියෙන් එදාවෙල හොයාගන්න මිනිස්සු.
අනෙක් කාරනාව තමයි ජනාධිපති මාධ්‍ය ඒකකය කරා කියන හරිම බාල උප්පරවැට්ටිය. ජනාධිපති සමග මොනයම් හෝ සංගමයක් ජාතික මට්ටමේ දෙයක් ගැන කතා කරද්දි කවමදාවත් මෙරට හිටපු ජනාධිපතිවරු තමන්ගේ කතාව විතරක් දාන්නේ නෑ. අඩුම තරමේ ඒ හමුවට ආපු කාන්ඩායමේ ප්‍රධානියාගේ කතාව හෝ මාධ්‍යට දෙනවා. මේ සැරේ ඒක වෙනස් කරේම එහෙම කොටසක් දැම්මත් අනුර මහත්තයට කෙලවෙන බව දන්න නිසයි. හැබැයි දාලා වෙන හානියට වඩා හානියක් නොදා ඉදිමෙන් උනා කියලා දැන් ඒ මහතැන්ලට තේරිලා ඇති.
අනුර මහත්තයා ජනමත විචාරණයකට ගියෙත් එයා දිනනවා. මොකද මේ රටේ මිනිස්සු වෛරයකින් ඉන්නවා පරණ දේශපාලකයින් ගැන. ඒ වගේම මේ ආන්ඩුව වැරදි උනත් ජනතාව කැමති නෑ තමන් වසර 5 තුල ගත්ත දෙවැනි තීරනයත් වැරදියි කියන්න. හැබැයි මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තියෙනවා. රජපක්ෂලා, වික්‍රමසිංහලා හෝ වෙන ඔිනෑම දේශපාලනයක් අනුමත කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න බලය තියෙන්න ඔනේ මේ රටේ මිනිස්සුන්ට. ඉතිං මිනිසුනේ මුහුන එක්ක තරහට බෙල්ලම කපාගන්නවාද ?

0 comments:
Post a Comment