Sunday, August 16, 2026
Friday, November 20, 2020
අපේ රටේ ස්ටාර්ස්ලා
ඔය ප්‍රශ්ණ වලට එක හේතුවක් තමයි මේ පොඩි රට ඇතුලේ මාකට් උනාම තමුන් සෙලිබ්‍රිටි කියලා හිතාගෙන හොලිවුඩ් උණ හැදාගැනිම.එහෙම උණ හදාගත්තට කමක් නෑ තමන්ගේ රංගන පෞර්ෂය තුලත් ඒ හොලිවුඩ් ගති තියෙනවානම්.ඔය ගොඩක් නිහතමාණි කලාකරුවෝ කියලා ලේබල් ගහගෙන පොටෝ දාන උදැලැව කැමරාවක් නැති තැනකදි කතා කරලා බලන්නකෝ නිහතමානිකම දෙකොනින් ගලන හැටි බලන්න පුළුවන්.තමුන්ට මේ ක්ෂේත්‍රයට එන්න උදව් කරපු මිනිස්සු එක්ක වචනයක්වත් කතා නොකර තමයි ඔය මහා ලොකු නිහතමානි කලාකරුවෝ වේදිකාවලින් බැහැලා යන්නේ.ප්‍රවීණයි කියන සමහරුත් ඔහොමය තමයි.
අනෙක් හේතුව තමයි අපේ රටේ කලා තරු තමන්ගේ ශෝෂල් මීඩියා ගිණුම් පරිපාලනයට වෙනම කන්ඩායමක් හෝ පුද්ගලයෙක් සම්බන්ධ කර නොගැනිම. ලෝකේ අපිටත් වඩා කුඩා සිනමා කර්මාන්ත තියෙන රටවල නළු නිලියන්ට පවා මේ සදහා වෙනම අත්දැකිම් සහ පලපුරුද්ද සහිත කන්ඩායමක් ඉන්නවා.ඉතිං කවුරුහරි මනුස්සයෙක් විවේචනයක් ඉදිරිපත් කරලා ඒක වෛරල් උනොත් ඒ කන්ඩායම ඒක ලස්සනට කලමණාකරනය කරනවා.
ඒ සියල්ල අමත කරමු.අඩුම තරමේ තමන්ගේ රසිකයෙක්ට බනින්න ටයිප් කරන්න කලිං මනුස්යෙක් විදිහටවත් හිතන්න මේ ඊනියා ස්ටර්ලාට කවදා හිතේවිද මන්දා.
Saturday, April 14, 2018
ඔස්තාර්ලා නස්තාර් විම - 1
![]() |
බෝහෝවිට උත්තරේ “බෑ“ කියන එකයි.ඇයි අපිට මෙහෙම උනේ ? අපි දකුණු ආසියාවේ නිසාද?
නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය නිසාද ? නැත්නම් අධිරාජ්‍යවාදය නිසාද? නෑ නෑ මිත්‍රරුනි සාස්තර පුංචාට හිතෙන විදිහට නම් මේ රටේ ඔස්තාර්ලා නිසා තමයි මේ ප්‍රශ්ණ.හෙණ දාර්ශණික පොර ටෝක් දුන්නට ටොපි කොලෙත් බිම දාලා යන ඇත්තෝ තමයි මේ රටේ ඉන්නේ.
මීට කලිං කතා වලදිත් සමාජ මධ්‍ය ගැන තමයි පළිඟුවෙන් වැඩිපුරම කතා කලේ.ඉතිං අද කතාවටත් උදාහරන සමාජ මාධ්‍යයෙන්ම ගන්න පුළුවන්.
නිකංමට හිතන්න කට්ටිය ෆේස්බුක් වල දාන කමෙන්ට් දිහා.තමංගේ මතයට විරුද්ධ මතයක අනෙකා සිටියොත් ඔහුගේ ජාතකේ අලුතින් ලියලා ඌ අවජාතකයෙක් කරනවා.සකර්බග් මහත්තයගේ මේ ෆේස් බුකිය කොච්චර ඵලදායි වේදිකාවක්ද ලෝකේ ඉන්න මිනිස්සුන්ට අදහස් හෝමාරු කරගන්න.නමුත් අපේ උන්දැලා කරන්නේ තමන්ගේ පොර මානසිකත්වය එලියට දාන තැනක් කරගෙන.
ගෙදර ප්‍රශ්න අහස උසට තියෙද්දි බුකියේ අැවිත් රට හදන්න.අපි හැමෝටම අපේ දේශපාලනයක් තියෙන බව ඇත්තයි.නමුත් ගරුකරන්න අනේකාගේ මතයට.තමන් වැරදි බව දැක්කම පිලිගන්න ඒ වැරැද්ද.
අනෙක් වැරැද්ද තමයි තමන් ලග තියෙන තොරතුරු ප්‍රමාණය ගැන තියෙන අධිතක්සේරුව.සතිපතා දින පතා බුකියේ හිටිවෙන කාරණා වලට එක ඔස්තාර් කෙනෙක් 90 දශකයෙන් උදාහරන ගත්තොත් අනෙකා එය වැරදියි කියලා පෙන්නනේ පලමු ලෝක යුද්ධ සමයේ සිදුවිමකින්.ඔහොම ගිහිං ඕක ප්‍රාග් ඓතිහාසික කල්පිත වලටම යනවා.
මිත්‍රරුනේ තර්ක විතර්ක කරලා මදි අපිට ඵලක් ඇති දෙයක් කරමු.එතකොට රටටත් සෙත්ක් වෙයි.මේ අවුරුද්දේ සාස්තර පුංචාගේ බලාපොරොත්තුව ඒකයි. තව කතා නම් බොහෝමයි එත් අදට ඇති.
Popular Posts
-
බොහෝම කාලේකට පස්සේ අයෙත් බ්ලොග් එක පැත්තේ එන්න උනා.ඔව් සමහර දේවල් දැක්කම ඒ ගැන ලියන්නමයි හිතෙන්නේ.අපේ රටේ සිනමාව කඩා වැටිලා කියලා ඇහෙනවනේ....
-
මේ අවුරුද්දදේ පලවෙනි කතාව තමයි මේ .හැම අවුරුද්දකම වගේ පරණ අවුරුද්දට වඩා හොද අවුරුද්දක් අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.හැබැයි ඒ පෞද්ගලි සාර...


