Friday, November 20, 2020

අපේ රටේ ස්ටාර්ස්ලා


 

බොහෝම කාලේකට පස්සේ අයෙත් බ්ලොග් එක පැත්තේ එන්න උනා.ඔව් සමහර දේවල් දැක්කම ඒ ගැන ලියන්නමයි හිතෙන්නේ.අපේ රටේ සිනමාව කඩා වැටිලා කියලා ඇහෙනවනේ.ඒකට විවිධ හේතු තියෙනවා.ඉන් එකක් තමයි වර්ථමානයේ රංගන ශිලිපින් තුල තාරකා ගුණයක් නැති බව.නමුත් සමහර අයට අනුවනම් ලංකාවේ එහෙම තාරකා ගුණය තියෙන ස්ටාර් පන්නයේ රංගන ශිල්පීන්/ශිල්පිනියන් ඉන්නවා ඉතිං මේ ලගදි ඔය කියපු විහිහේ බොනිකර තරුවක් තමන්ගේ සමාජ ජාල ගිණුමෙහි ඇති ඡායාරූප වලට සෘණාත්මක ප්‍ර‍තිචාර දක්වන රසිකයන්ව විවේචනය කරා.ඒ රසික ප්‍ර‍තිචාර වලට දක්වපු ප්‍ර‍තිචාර නම් අතිශය නින්දිතයි.මිනිස්සු කොහොමත් ප්‍ර‍සිද්ද,ජනප්‍රිය චරිත වලට මඩ ගහනවා. ඒක අපිට විතරක් නෙවෙයි ලෝකේ ඕනෙම තැනක එහෙමයි.නමුත් අදාල ප්‍ර‍තිචාර දක්වපු මනුස්සයගේ ගිණුමට ගිහිං ඒ මනුස්සයගේ අඩුපාඩු උපුටා දක්වමින් ප්‍ර‍තිචාර දැක්විමද කල යුත්තතේ ?

ඔය ප්‍ර‍ශ්ණ වලට එක හේතුවක් තමයි මේ පොඩි රට ඇතුලේ මාකට් උනාම තමුන් සෙලිබ්‍රිටි කියලා හිතාගෙන හොලිවුඩ් උණ හැදාගැනිම.එහෙම උණ හදාගත්තට කමක් නෑ තමන්ගේ රංගන පෞර්ෂය තුලත් ඒ හොලිවුඩ් ගති තියෙනවානම්.ඔය ගොඩක් නිහතමාණි කලාකරුවෝ කියලා ලේබල් ගහගෙන පොටෝ දාන උදැලැව කැමරාවක් නැති තැනකදි කතා කරලා බලන්නකෝ නිහතමානිකම දෙකොනින් ගලන හැටි බලන්න පුළුවන්.තමුන්ට මේ ක්ෂේත්‍රයට එන්න උදව් කරපු මිනිස්සු එක්ක වචනයක්වත් කතා නොකර තමයි ඔය මහා ලොකු නිහතමානි කලාකරුවෝ වේදිකාවලින් බැහැලා යන්නේ.ප්‍ර‍වීණයි කියන සමහරුත් ඔහොමය තමයි.

අනෙක් හේතුව තමයි අපේ රටේ කලා තරු තමන්ගේ ශෝෂල් මීඩියා ගිණුම් පරිපාලනයට වෙනම කන්ඩායමක් හෝ පුද්ගලයෙක් සම්බන්ධ කර නොගැනිම. ලෝකේ අපිටත් වඩා කුඩා සිනමා කර්මාන්ත තියෙන රටවල නළු නිලියන්ට පවා මේ සදහා  වෙනම අත්දැකිම් සහ පලපුරුද්ද සහිත කන්ඩායමක් ඉන්නවා.ඉතිං කවුරුහරි මනුස්සයෙක් විවේචනයක් ඉදිරිපත් කරලා ඒක වෛරල් උනොත් ඒ කන්ඩායම ඒක ලස්සනට කලමණාකරනය කරනවා.

ඒ සියල්ල අමත කරමු.අඩුම තරමේ තමන්ගේ රසිකයෙක්ට බනින්න ටයිප් කරන්න කලිං මනුස්යෙක් විදිහටවත් හිතන්න මේ ඊනියා ස්ටර්ලාට කවදා හිතේවිද මන්දා.

Share:

Blog Archive

Popular Posts