Saturday, April 14, 2018

ඔස්තාර්ලා නස්තාර් විම - 1




මේ අවුරුද්දදේ පලවෙනි කතාව තමයි මේ .හැම අවුරුද්දකම වගේ පරණ අවුරුද්දට වඩා හොද අවුරුද්දක් අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.හැබැයි ඒ පෞද්ගලි සාර්ථකත්වය.නමුත් රටක්  විදිහට අපිට එහෙම සුභවාදි බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද ?
බෝහෝවිට උත්තරේ “බෑ“ කියන එකයි.ඇයි අපිට මෙහෙම උනේ ? අපි දකුණු ආසියාවේ නිසාද?
නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය නිසාද ? නැත්නම් අධිරාජ්‍යවාදය නිසාද? නෑ නෑ මිත්‍ර‍රුනි සාස්තර පුංචාට හිතෙන විදිහට නම් මේ රටේ ඔස්තාර්ලා නිසා තමයි මේ ප්‍ර‍ශ්ණ.හෙණ දාර්ශණික පොර ටෝක් දුන්නට ටොපි කොලෙත් බිම දාලා යන ඇත්තෝ තමයි මේ රටේ ඉන්නේ.
මීට කලිං කතා වලදිත් සමාජ මධ්‍ය ගැන තමයි පළිඟුවෙන් වැඩිපුරම කතා කලේ.ඉතිං අද කතාවටත් උදාහරන සමාජ මාධ්‍යයෙන්ම ගන්න පුළුවන්.

නිකංමට හිතන්න කට්ටිය ෆේස්බුක් වල දාන කමෙන්ට් දිහා.තමංගේ මතයට විරුද්ධ මතයක අනෙකා සිටියොත් ඔහුගේ ජාතකේ අලුතින් ලියලා ඌ අවජාතකයෙක් කරනවා.සකර්බග් මහත්තයගේ මේ ෆේස් බුකිය කොච්චර ඵලදායි වේදිකාවක්ද ලෝකේ ඉන්න මිනිස්සුන්ට අදහස් හෝමාරු කරගන්න.නමුත් අපේ උන්දැලා කරන්නේ තමන්ගේ පොර මානසිකත්වය එලියට දාන තැනක් කරගෙන.
ගෙදර ප්‍ර‍ශ්න අහස උසට තියෙද්දි බුකියේ අැවිත් රට හදන්න.අපි හැමෝටම අපේ දේශපාලනයක් තියෙන බව ඇත්තයි.නමුත් ගරුකරන්න අනේකාගේ මතයට.තමන් වැරදි බව දැක්කම පිලිගන්න ඒ වැරැද්ද.

අනෙක් වැරැද්ද තමයි තමන් ලග තියෙන තොරතුරු ප්‍ර‍මාණය ගැන තියෙන අධිතක්සේරුව.සතිපතා දින පතා බුකියේ හිටිවෙන කාරණා වලට එක ඔස්තාර් කෙනෙක් 90 දශකයෙන් උදාහරන ගත්තොත් අනෙකා එය වැරදියි කියලා පෙන්නනේ පලමු ලෝක යුද්ධ සමයේ සිදුවිමකින්.ඔහොම ගිහිං ඕක ප්‍රාග් ඓතිහාසික කල්පිත වලටම යනවා.
මිත්‍ර‍රුනේ තර්ක විතර්ක කරලා මදි අපිට ඵලක් ඇති දෙයක් කරමු.එතකොට රටටත් සෙත්ක් වෙයි.මේ අවුරුද්දේ සාස්තර පුංචාගේ බලාපොරොත්තුව ඒකයි. තව කතා නම් බොහෝමයි එත් අදට ඇති.


ඔබට සුභ අලුත් අවුරුද්දක් !
Share:

0 comments:

Post a Comment

Blog Archive

Popular Posts