Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

බලධාරියා විසින් කපාහරින ලදි

අද කියන්න යනනේ මේ වෙන‍කොට සයිබර් අවකාශයේ අපේ කට්ටිය අතරේ තියෙන සංවාදයක් ගැනයි. ඒත තමයි විදේශිය "වැඩිහිටියන්ට පමණයි" හෝ "අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි" කාන්ඩයේ සිනමාපට අපේ රටේ ප්‍රසිද්ධ කිරිම සුදුසුද යන වග.
ඒක බෝහෝම සංවේදි වගේම බැරැරුම් මාතෘකාවක් නමුත් කියන්න තියෙන්නේ අපේ රටේ මේ සම්බන්ධයෙන් කෙරුණ සමික්ෂණ බොහොම අඩුයි.කට්ටියක් මේකට විරුද්ධව දක්වන හේතුව තමයි මේ සම්භාව්‍ය හෝ සම්මානනීය චිත්‍රපට වුවත් මෙවායේ අසබි දර්ෂණ ලාංකික ප්‍රක්ෂකත්වයට නුසුදුසු බව. නමුත් එහෙම තිරනයක් ගන්න කාටද අයිතියක් තියෙන්නේ . අනෙක් ශ්‍රීලංකා පොලිසියේ වාර්ථා අනුව ස්ත්‍රි දුෂණ කල අයගෙන් අති බහුතරය(73%) කෙදිනකවත් අසැබි අනත්ර්ගතයක් නොබැලු අයයි.ඒ අනුව මේවායේන සෘජු හානියක් සාමාජයට ඇතිදැයි සොයැබැලිය යුතුයි.(වෙනත් හානි නැතුවාම නොවෙයි)
අනෙක විද්වත් ප්ලේටෝ කියලා තියෙනවා කලා නිර්මාණයක් කිසිදා අපේ ජිවිත වලට බලපෑමක් ඇති නොකරන බව. අන්න එ් කතාවෙන් එක ගැටලුවකට පිලිතුරක් ලැබුනත් තවත් ප්‍රශ්ණයක් පැනනැගෙනවා .
               ඒසේ නම් මේ කලා කෘති නිර්මාණය කරන්නේ කුමකටද කියන එක. ඇත්තටම සාස්තර පුංචාට හිතෙන විදිහට නම් කලාකරුවාද යම් මායාවක පැටලි ඉන්නේ . මොකද ඔවුන් සිතනවා ඔවුන් දකින්නේ මිනිස් ජිවිතවල සැබෑ යතාර්ථය බව. ඒක නිසා ඔවුන් සමාජයේ සැගවිගිය සමහර කාරණා සමාජය ඉදිරියට ‍ගේන්න උත්සහාකරනවා . නමුත් ඇත්තනම් මේ සියල්ලම එකිනෙකා විසින් මවාගන්නාලද මතිමතාන්තර බවයි. උදාහරනයකට කලකට පෙර අපේ රටේ භික්ෂුන් වහන්සේලාගේ ‍‍ෙලෟකික ජිවිත අලලා චිත්‍රපට බිහිවුවා නමුත් ඒවා සියල්ලම අදාල නිර්මාණකරුවන්ගේ හුදු කල්පිතයන් පමනයි.(යම් සිදුවිම් සත්‍ය වියහැකියි)
ලෝක සිනමාවේ විචාරක ප්‍රසාදයට පත්වු බෝහෝසිනමා පට තුල මිනිසාගේ අභ්‍යන්තර මානසිකත්වය පිලිබද කතාකරනවා.අවාසනාවකට අපේ රටේ අය මේ සිනමාපට වල අසැබි දර්ෂණ අල්ලාගෙන මුළුසලරුවම නිර්ධය ලෙස වි‍වේචනය කරනවා .නමුත් මොහොතකට සිතා බලන්න ඇත්තටම අපි අන්තගාමි විය යුතුද?
කුඩා දරුවාටත් අන්තරජාලයට පිවිසෙන් පුළුවන් නිසා මෙවැනි චිත්‍රපට ජනප්‍රිව වෙබ් අඩවි තුලින් පලකිරිම නුසුදුසුද? දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දෙන්න බැරිවු නිසා ඔවුන් නොමග යෑම නිසා තවකෙනෙකුගේ රසවින්දනයට බාධාකිරිම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදිද ? සිතන්න ඔබත් මේ ගැන


 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive