Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

විවෘතය විකිණිමට තිබේ

පළිගුව කවදාවත් පාට පක්ෂ දේශපාලනය ගැන කතාකලේ නෑ.                                                               
නමුත් අද මේ කතාකරන ප්‍රශ්නය  ගැන කතා කරද්දි එහෙම දේශපාලනයක් පළිගුවෙත් තියෙනවද කියලා ඔබට සිතෙන්නට පුළුවන්  
සහෘද පාඨකයිනේ මෙය අපගේ අතිශය පෞද්ගලික අදහසක් පමනක් බව කරුණාවෙන් සලකන්න.         



ඊයේ(30) නාවල විවෘතය ඉදිරපිට දැවැන්ත විරෝධතාවක් තිබුනා.ඉතිං සාස්තර පුංචාත් කිට්ටු කරලා බැලුවා මේ මොකද වෙන්නේ කියලා . එතකොට දැනගන්න ලැබුනා විවෘතය විකුන්න දාලාලු 

ගිය වසරේ පටන් විවෘත විශ්ව විද්‍යාලය පෙර නොවුවිරූ අන්දමින් වෙනස්වන්නට විය.එයට හේතුවුවාවයි සැලකෙන්නේ එහි වර්ථමාන උපකුලපති ආචාර්‍ය විජිත නානයක්කාර මහාතාගේ පැමිනිමයි. ඒ සමග එතෙක් තිබුනු සියළු ශිෂ්‍ය සංගම් නැවත පිහිටුවිම දින නියමයක් නොමැතිව කල් දමන ලදි . එමෙන්ම එතෙක් පැවිති ගාස්තු සංශෝධන ක්‍රියවලිය සම්පුරනයෙන්ම වෙනස් කරන ලදි. උදාහරනයකට සමානයෙන් විවෘතයේ ගාස්තුව වසරින් වසර වැඩි වුයේ 10% වැනි ඉතා සුලු මුදලකිනි. නමුත් 2013/2014 අධ්‍යන වර්ෂයේ එය 120% ඉහල නැංවිය. එමෙන්ම උපකුලපතිවරයා පුවත්පතක් සමග කල සාකච්චාවකදි මෙය 300% වියයුතු බව ප්‍රකාශ කර තිබුනි ( 2014-08-24 රාවය) . 


? එහෙම වුනේ ඇයි ?

උපකුලපතිතුමා ප්‍රකාශකරන අන්දමට වි.වි.ප්‍ර. කොමිෂන් සභාව විවෘතයට දෙන මුදල කප්පාදු කරලාලු .නමුත් සිසුන්ගේ අදහසන් උපකුලපතිතුමන් නිවැරදි ඉලක්කයන් සපුරා නොගත් නිසා වි.වි.ප්‍ර. කොමිෂන් සභාව මේ ප්‍රතිපාදන කප්පාදු කල බවයි.
අනික විජිත නානයක්කාර මහතා කියන්නේ ගියවර මහාමැතිවරනයෙන් ඡන්දය ඉල්ලා පරාජය වුනු අපේ්ක්ෂකයෙක් .එවගේම මහාචාර්‍යවරු උගන්වන මේ විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරයෙක් තමයි උපකුලපති
මේක තනිකරම දේශපාලන පත්විමක්.

? එ්ත්ඇයි මේකට අරගල කරන්නේ මේක පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නේද?
 -නෑ
 විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ
1978 පාර්ලිමෙන්තු පනතක් මගින් පිහිටවු විශේෂ අධ්‍යන ආයතනයක්,  නෛතික හා අධ්‍යනය මට්ටමවලන් අනෙකුත් සම්ප්‍රදායික විශ්වවිද්‍යාල හා සමාන වේ. විවෘතය කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15 එකක්. මෙය කිසිසෙත්ම අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නොවෙයි
ශ්‍රිලංකාවේ විශාලතම රාජ්‍ය විශ්වවිද්‍යාලයත් මෙයයි(ශිෂ්‍ය සංඛ්‍යාව මත)

? එත් මේකට මුදල් ගන්නවානේද ?

 යම් මුදලක් අය කරනවා නමුත් එය සිසුන්ට ලබාදෙන ඉගෙනුම් උපකාරක (පෙළපොත්) සදහා පමනයි .අනෙක් සියළුම මූල්‍යමය අවශතා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ලැබෙනවා.ඒ අනුව සිසුන්ට තම උපාධිය වෙනුවෙන් දැරිමට සිදුවුයේ එහි මුලු වියදමින් 25% පමනයි

? දැන් මොකද වෙන්නේ

දැනටත් ක්‍රිඩාවන් හා සියළු කලා කටයුතු උපකුලපති තුමා තහනම් කරලා. 2012දි විශ්වවිද්‍යාල ශ්‍රේණි ගතකිරමේ 4 වෙනි තැන තිබුනු විවෘතය අද 7 තැනට වැටිලා.
වර්ථමාන තත්ත්වය අනුව එය  ඉදිරියේදි පහල මධ්‍යමපාන්තියන්ට තහනම් කලාපයක් වේවි .එමෙන්ම එය අර්ධරාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස ඉදිරියෙදි නැවත පිහිටුවාවි.38000 පමණවු වාර්ෂික ශිෂ්‍ය සංඛයාව ඉතා අවම වේවි
බරපතලම කාරනය එය රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලිකකරනයේ පලමු පියවර විමයි.

ඔබත් මමත් විදින මේ නිදහස් අධ්‍යාපනයේ අවසානය වැඩි ඈතක නම් නොවනවගයි මේක දැකපු සාස්තර පුංචාට නම් සිතුනේ.

                                        
                                        කපා කොටා - කෑලි කපා
                                   අප වලකනු   - සිතනු එපා!


විශේෂ ස්තුතිය - විවෘත විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive