Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

Sherlock (2010) S1 E1 A Study in Pink - වරනය‏

                                                                                  Torrent මෙතනින්                                        
                                                                                   sub එක ‍මෙතනින්                                       
BBC නාලිකාවෙන් 2010 දි තමයි පලමු වරට විකාශය වුන මේක හුඟක් ජනප්‍රිය වුනු එකක් (පේනවනේ IMDB එක)
මුලින්ම ඔගොල්ලන්ට කියන්න ඕනේ මේක Elementary වලට වඩා වෙනස් කතාවක් .
ඔගෝලලෝ අහල තියෙන් ෂර්ලොක් හොම්ස් කතාවේ චරිත ටික වෙනසක් නැතිවම මේකතා‍වේ බලන්න පුලුවන්.
වෙනසකට තියෙන්නේ 21 සියවසේ ෂර්ලොක් හොම්ස් කෙනෙක් ගැන කියන කතාවක් ඒක නිසා පරිඝනක අන්තර්ජාලය
දුරකතන මේ කතාවේ තියෙනවා
 Season එකක කොටස් 3 තියෙනවා දැනට සීසන් 2 විකාශය වෙලා ඉවරයි ඒකියන්නනේ කොටස් 6ක් (3 සීසන් එක ලබන ජනවාරි 19 විකාශය වෙනවා)
Benedict Cumberbatch සහ Martin Freeman තමයි ෂර්ලොක් සහ වෛද්‍ය වොට්සන්ගේ චරිත වලට රංගනයෙන් දායක වන්නේ
මේ කතාවක් සාමානයෙන් පැ 1යි විනාඩි 25 විතර යනවා ඒ කියන්නේ සාමානයෙන් කොටස් 2 බලන්න පුළුවන් ප්‍රමානයයක්
මේකේ හරි අපූරු සංස්කරන රටාවන් එවගේම ෂර්ලොක් කතාමාලවන්ටම අවේනික ප්‍රහසන ජවනිකාත්  තියෙනවා. මම හිතන්නේ මේකට ඔගොල්ලෝ ගොඩක් කැමති වේවි.

අද මං කියන කතාව ඔගෝලො දන්නවා ඇති ෂර්ලොක් හෝම්ස් කතා වල පලමු කතාව තමයි  Study in Scarlet (ශ්‍රිමත් ආතර් කෙනන්ඩෙයිල්) එහෙම නැතිනම් ලෝහිත පරීෂනය(චන්දන මෙන්ඩිස් මහාතා)  ආං ඒකතාවේ සමහර කොටස් ටිකක් වෙනස් කරලා මේ කතාවේ තියෙනවා . 
මේකේ නමට මම "වරණය " කියලායි දැම්මේ මොකද කතාව ඉදිරියට යන්නනේ තෝරාගැනිම් එක්ක

21 සියවසේ නොදන්නා වර්ෂයක හිටි හැටියේ ලන්ඩන් නගරයේ පුද්ගලයින් 3 මිය යනවා ඊට පස්සේ 4වෙනියත් ඝාතනය වුනට පසසේ ලැබෙන හෝඩුවාවකින් තමයි හොම්ස් වැඩේට බහින්නේ...............


                          ඔං ඉතිං මම මගේ පලමු වෙනි සබ් එක දැම්මා ඔයත් වැඩේට දායක වෙන්න  කැමතිනම් පල්ලෙහයෙන් දාන්න
සබ් එකේ මෙකක් හරි අවුල් නම් ඒකත් දාන්න. මම මෙකට ඉංග්‍රිසි සබ් 3 යොදා ගෙන තමයි මේක හැදුවේ අරගෙන බලන්නකෝ  

මහාරාජා = නඩරාජා හෙවත් සිරස විකිනීම

රූපවාහිනී නලිකාවක් උනාම දැන්වීම් ප්‍රචාරය කරන්න ඕනේ බව ඇත්ත නමුත් රටට වින කිරිම නම් ඒකේ අවසාන ප්‍රථිපලය ඒක එච්චර හොද නෑ.
අපේ රටේ වාසනාටව හෝ අවාසනාවට ලංකාවේ විශාලම මාධ්‍ය ජාලය පෞද්ගලික ආයතනයක් සතුයි.
ෆොන්ටේරා සමාගම මෙන්න මේ වාසිය උපයෝගි කරගෙන තමයි තම බලය නැවත පතුරවන්න හදන්නේ.

නමුත් M.B.C මාධ්‍ය ජාලය මෙතෙක් ලංකාවේ මාධ්‍ය ජාලයක් කරපු නින්දිතම අලවිප්‍රචාරණය කරා.
ඒකමයි තමන්ගේ ප්‍රවෘත්ති තුල කිරිපිටි ආයතනයකට සුදු හුණු ගෑම.
 ඇත්තටම සිරස මාධ්‍ය සම්ප්‍රදායන් බොහොමක් බිදලා තියනවා මීට පෙරත්. දාහරණයකට තමන්ගේ ප්‍රවෘත්ති විකාශය පමාකලා දේශපාලුවෙකුට කඩේ යන්න .  I.T.N එකවත් ඒවැඩේකරලා නෑ.
ඒත් සමහර අවස්ථාවල කරපුවා ජනප්‍රියත් උනා.

සිරස මේ වැඩේ කරන්න ඇත්තේ කිරිපිට ප්‍රශ්ණය මතුවෙන්න දේශපාලන හේතුවකුත් බලපෑ බවට කතාවක් යන නිසා වෙන්නැති.(රටේ මිනිස්සු නොදන්න බොහෝ දේ  MEDIA දන්නවා)
 නමුත් ඇත්තටම සිරස මහජන සුභසිද්ධිය උදෙසා කරා කියලා  හිතන්න අමාරුයි.
අපේ රටේ ජන මතය එක මාධ්‍ය ජාලයකට පමණක් වෙනස් කරන්න බෑ. (ඒහෙම පුළුවන් ඉන්දියාවේ ප්‍රාන්තයක් නම්)

DCD පරික්ෂණය ෆොන්ටේරා විදේශ රටකින් පරික්ෂා කරලා උන් "අපි නං හරි අහිංසකයි" කිව්වට මධ්‍ය ජාලයක් කොහොමද ඒ පැත්ත ගන්නේ.
බටහිර විද්‍යාවේ තියෙන දුර්වලකම් පාවිච්චි කරලා තමයි ෆොන්ටේරා මේ ගැටේ ගැහුවේ.
ෆොන්ටේරාට එරහිව වු අපේ රට වෙළෙද ව්‍යාපාරිකයන්ට සමහරවි යටි අරමුණු තියෙන්න පුළුවන් ඒත් මහාචාර්යවරුන් රටට සිරස වගේ වින කරන කතානම් කියන්නෑ.
සිරසට වෙළෙද දැන්වීම් අඩුයි කියලා මෙහෙම කරලා හරියන්නෑනේ.(සමහර වැඩසටහන් වලට එක අනුග්‍රාහකයෙක්වත් නෑ. මමනං දන්නෑ ඒ ඇයි කියලා)

ඔන්න ඕකයි තත්ත්වේ



චංගුමී Vs චංචලා

 මම ඔබෙන් අහනවා මෙහෙම ප්‍රශ්ණයක් !
    දශක 6 කටත් වැඩි අපේ සිනමා ඉතිහාසයේ සිනමා පට අතරින් වඩාත්ම ඔබේ සිතට කාවැදුනු සිනමා පටයක් තියෙනවාද?
 ජේම්ස් කැමන්ගේ ටයිටැනික් තරම්ම ආදරණීය වෙන්න සනේෂ් බණ්ඩාරගේ ආදරණීය වස්සානෙට බැරිවුනා නේද?
     මම දන්න තරමින් ලාංකීය යොවුන්/තරුණ්‍යට දැනෙන සිනමාවක් වත් ,වේදිකා හෝ ටෙලි නාට්‍යක්වත් බිහිවෙලා නෑ.
   නමුත් ගීත වලින් නම් ඒ කාර්ය ඉටුවෙනවා කියලා මම හිතනවා.

චංගුමී අපේ සමාජයේ ඇතිකරපු බලපෑම අපේ එක නාට්‍යකින් වත් කරලා තියෙනවාද (තියෙනවානම් කියන්න)( චංගුමී වගේ සුදෝ සුදු චරිත හැබෑ ලෝකේ කොහෙවත් නැති නිසා මමනං කතාවට කැමති නෑ)
78-80 තරුණ පිබිදිමේ හිටපු අය කියනවා ඒගෝල්ලෝ තරම් සම්භාව්‍ය හැගීම් තිබුනු තවත් පරපුරක් ආයේ බිහිවෙන්නෑ කියලා.
( අපේ දැං හැදෙන Music video බැලුවමනං කතාව ඇත්ත.)
නමුත් ඔබ තරුණයෙක් නම් දන්නවා ඒ කතාව වැරදියිකියලා
   කොහොම වුනත් අපි දුක්වෙන්න ඕනේ බොලද නවකතාවලින් එහාටගිය ආදරණීය සාහිත්‍යක් හදන්න ඔය ප්‍රවීන අයටත් බැරිවීම ගැනයි. 
රුණ අසහනය වැඩියි! කියකිය බොරුවට කිව්වට අඩුකරන්න කාටත් උවමනාවක් නෑ. ඔහොම ගියොත් අපේ ආච්චිලා සීයලා කියයි කොසොල් රජතුමාගේ හීන 16 ඇත්තවෙනවා කියලා(ඒක එහෙමවෙන්න බෑ පොතේ හටියට නම්).(16නේද)
  මම කියන්නේ ඔබට පුලුවන් නම් තරුණයන්ට දැනේන කලා නිර්මානයක් කරන්න ඒක පංතියේ ඩෙස් එකේ ලියපු පොඩි සටහන උනත් වෙන්න පුලුවන්. එතකොටවත් කට්ට්යක් නිර්මාණ කරනයට පිවිසෙවි..........


    

CIDයවත් නොදන්න DCD හෙවත් කිරිපිටි පැකට්ටුවේ මාරයා

 DCD [ඩයිසයන්ඩයමයිඩ්]

ඇත්තටම මේ රසායනිකය  නවසීලන්තේ කිරි පට්ටි වලදී යොදන්නේ පසේ පවතින බැක්ටීරියාවක් නැසිමටයි . මේ බැක්ටීරියාව හරිතාගාර ආචරනයට හේතුවන වායු (ගෝලීය උණුසුම ඉහල යෑමට උදව්වන වායු) නිපදවනවා. නවසීලන්තය ඒ සිදුවන හානිය අවම කරන්න ගිහින් අන්තිමේදි වෙනම ලෙඩක් තමයි වැටුනේ.
        නමුත් කවුරු හරි කියනවානම් මේක එතරම් විෂ සහිත දෙයක් නොවේ කියලා ඒක මිත්‍යා මතයක් මොකද මේක උග්‍ර විෂ සහිත සංයෝගයක් (නමෙන්ම පැහැදිලියිනේ) .
 ලෝක ජනමාධ්‍ය මේගැන කිව්වේ 2012 වසරේ නමුත් ෆොන්ටේරා සමාගම සහ තවත් සමාගමක නිෂ්පාදනවල සුලු වශයෙන් DCD තිබෙන බව හෙලිවුනා. ඒ අවස්ථාවේ වෙළද පොලෙන් ඉවත් වුනා.
ඒත් දැං ලංකාවේ ඒවා තියෙනවා වසරකටපසු ?
  පැහැදිලයිනේ ඉවත් කරපු නිෂ්පාදන දැං ලංකාවේ

ඔබේ ආරක්ෂාව ඔබම සලසාගන්නේ නම් එය වඩාත් සුදුසුයි !

රණවිරුවන් ?ලු වීම (රතුපස්වල ඛේදවාචකය)

අද මාතෘකාවට සමහරවිට ඔබ අකමැති වෙන්නත් පුඵවන් නමුත් අද තත්ත්වෙ තමයි ඒ.
රණවිරුන්ව අගය කරපු අපිටමෙන් ෙමෙහෙම උෙන්.
අෙප් හෘද සාක්ෂිෙය් ෙෙමාන අවිනිෂ්චිත බව තිබුනක් අපි කිව්ෙව් අෙප් හමුදාව විනය ගරුකම හමුදාව කියලා ෙෙන්ද?
                  ෙපාලිස්සිය නම් බලුවෙලා  හුගක් කල්ෙන්.
ජිවිත 3 නම් රටට නැතිවුනා
 කතාෙව් ඉතුරු ටික ඔබම පුරවන්න.....

රතු වැස්‌සේ වූ ජීවීන් පෘථිවියෙන් බැහැරක සිට ආ බවට ඇති මතය පහසුවෙන් බැහැර කරන්නට බැහැ

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ
පොද වැසි, මල් වැසි, මොරසූරන වැසි ආදී නානාප්‍රකාර වූ වැසි පිළිබඳ අත්දැකීම් ඇති ව සිටිය ද, "රතු වැස්‌සක්‌" පිළිබඳ ශ්‍රී ලංකාවේ ජනතාවට අසන්නට දකින්නට ලැබුණේ පසුගිය නොවැම්බර් මැද දී ය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) හා කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) ඇතුළු පර්යේෂණ ආයතන කීපයක්‌ ම ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට කටයුතු කළේ ය. රතු වැසි පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ඇති මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ පැවැත්වීමේ සුවිශේෂී අවස්‌ථාව විදුසරට උදා වූයේ මේ අතර ය. එය නොවැම්බර් 28 වැනි දා විදුසරහි පළ විය.

එදා මෙදාතුර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම රතු වැසි ගණනාවක්‌ ම වාර්තා වුණු අතර මේ කාලවකවානුවේ ම ගෝලාකර වූ දීප්තිමත් ආලෝක බෝල නැතිනම් ගිනි බෝල (fire balls) ආකාරයේ ආකාශ වස්‌තූන් නිරීක්‍ෂණය කිරීමේ අවස්‌ථාව ද ශ්‍රී ලාංකික ජනතාවට හිමි විය. එසේ ම එයට සමගාමීව දිවයිනේ නන් දෙසින් උල්කාෂ්මවල සුන්බුන් හමු වූ බවට ද වාර්තා විය.

ශ්‍රී ලාංකිකයන්ට නුහුරු නුපුරුදු අත්දැකීම් ගණනාවක්‌ ම කැටි වුණු මේ සුවිශේෂී සිදුවීම් මාලාව තවමත් යම් පමණකින් සිදු වෙමින් පවතින බව ද පෙනී යයි. එසේ ම මේ පිළිබඳ විවිධාකාර වූ මතිමතාන්තර හා අදහස්‌ පළ වී ඇති බව පෙනේ.

කෙසේ වතුදු, මේ හා සබැඳි විද්‍යාත්මක පසුබිම දැනගැනීමේ කුතුහලයෙන් මඬනා ලද ශ්‍රී ලාංකික ජනතාව මේ අරභයා පිළිගත හැකි පැහැදිලි කිරීමක්‌ ලැබෙන තුරු මඟබලා සිටින බව නම් පැහැදිලි ය.

ප්‍රථම රතු වැස්‌ස ඇද වැටීමෙන් සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ කළ කෙටි සංචාරය නිම කර පෙරළා එක්‌සත් රාජධානියට පැමිණි මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමඟ එරට දී යළි සාකච්ඡාවක නිරත වීමේ අවස්‌ථාව විදුසරට හිමි විය.

අපි එය මෙසේ සටහන් කරමු.

* ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ඔබට රතු වැසි නියෑදි පරීක්‍ෂා කිරීමේ අවස්‌ථාව ලැබුණා ද?

රතු වැසි නියෑදි සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙතෙක්‌ කළ පර්යේෂණ පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදෙන්නටත්, ඒවා නිරීක්‍ෂණය කරන්නටත් මට අවස්‌ථාව උදා වුණා. එසේ ම ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සමඟ ඒ සම්බන්ධව පුළුල් සාකච්ඡාවල ද මා නිරත වුණා.

මේ අනුව ලංකාවේ රතු වැස්‌ස ද බොහෝ දුරට කේරළ රතු වැස්‌සට සමාන බවකුයි පෙනී යන්නේ. කේරළ රතු වැස්‌සේ දී මෙන් ශ්‍රී ලංකාවේ රතු වැස්‌සේ හමු වූ සෛල ද පෘථිවියේ මෙතෙක්‌ දන්නා හඳුනන ජීවී ආකාරයක්‌ ලෙස මේ තාක්‌ තහවුරු වී නැහැ.

මේ අනුව මේ ජීවී ආකාරවලට පාථිවියෙන් පරිබාහිර සම්භවයක්‌ ඇති බව දැනට අනුමාන කරන්නට පුළුවන්.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑදිවල වූ සෛල ආකාරය ට්‍රැකෙලොමොනාස්‌ (Trachelomonas) ලෙස ප්‍රකාශ වී තිබුණා නේ ද?

ඔව්. ඒ මුල් අවධියේ දී. එලෙස ප්‍රකාශ කෙරුණේ ද, එම සෛලවල මතුපිට හැඩය දෙස බැලීමෙන්. නමුත් මේ ජීව ආකාරය ට්‍රැකෙලොමොනාස්‌ නො වන බව දැන් පෙනී ගොස්‌ තිබෙනවා. එසේ ම එය තවම හඳුනා නො ගත් කිසියම් ජීව ආකාරයක්‌.

* ප්‍රථම රතු වැස්‌සෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් ම ගෝලාකර වූ දීප්තිමත් ආකාශ වස්‌තූන් ද ((fire balls) ඒ හා සමාන්තරව ඇතැම් ප්‍රදේශවලින් උල්කාෂ්ම කැබැලි ද (meteoritic stones) හමු වූ බවට වාර්තා වුණේ ශ්‍රී ලාංකිකයනට නවමු අත්දැකීමක්‌ හිමි කරවමින්. ඔබ මේ සංසිද්ධීන් දකින්නේ කෙසේ ද?

අපේ අදහසට අනුව මේ සිදුවීම් තුන ම එක ම කථාන්තරයක කොටස්‌කරුවන් ලෙස සලකන්නට පුළුවන්. මන්ද පසුගිය දා පෘථිවිය වල්ගාතරුවක සුන්බුන් ධාරාවක්‌ අතරින් ගමන් කරන්නට යෙදුණා. එම සුන්බුන් කැබැලි විශාලත්වයෙන් සෙන්ටිමීටර් කිහිපයක සිට මීටර් ගණනාවක්‌ නැතිනම් ඊටත් වැඩි ප්‍රමාණයක්‌ විය හැකියි.

පෘථිවිය මේ සුන්බුන් ධාරාව අතරින් ගමන් කරන විට මේ සුන්බුන් පෘථිවියේ වායුගෝලය හා ගැටී වායුගෝලයට ඇතුළු විය හැකියි.

එහි දී මේ සුන්බුන් අතරින් කුඩා සුන්බුන් කුඩා ගිනිබෝල ලෙස දෘශ්‍යමාන වෙමින් දැවී යා හැකියි. ඇතැම් සුන්බුන් සම්පූර්ණයෙන් ම දැවී නො ගොස්‌ පොළොවට පතනය විය හැකියි. මේ අතර වල්ගා තරුවේ සුන්බුන්වල අඩංගු ජීව ආකාර වලාකුළුවලට ඇතුළු විය හැකියි. විශාල සුන්බුන් ඇත්නම් ඒවා පුපුරා යමින් ඒවායේ අඩංගු ක්‍ෂුද්‍ර ජීවී ආකාර වලාකුළුවලට ඇතුළු විය හැකියි. ඉන් අනතුරුවයි වැසි දිය හා මුසු වී වර්ෂාවක්‌ ලෙස පතනය විය හැක්‌කේ.



* මහාචාර්යතුමනි, සිය ගමන් මඟෙහි දී පෘථිවිය විටින් විට වල්ගා තරුවල සුන්බුන් අතරින් ගමන් කරනවා. එහි දී වල්ගා තරුවල අඩංගු නොයෙකුත් අංශූන් වායුගෝලයට ඇතුළු වීමේ හැකියාව පවතිනවා.

මේ බව සනාථ කරලීම සඳහා පර්යේෂණ සිදු කර තිබෙනවා ද? එසේ ම ඒ බව සනාථ වී තිබෙනවා ද?

ඔව්, පෘථිවි වායුගෝලයේ කිලෝමීටර් 10 සිට 50 දක්‌වා අතරතුර පවතින වායු ස්‌ථරය වන ස්‌තර ගෝලයෙන් (sඑර්එදිචයෑරු) වල්ගා තරුවලට අයත් අංශූන් (stratosphere) එකතු කරගෙන තිබෙනවා.

වල්ගා තරුවල සුන්බුන් අතරින් පෘථිවිය ගමන් කරද්දී පෘථිවි වායුගෝලයට ඇතුළු වන වල්ගා තරුවල සුන්බුන් ශේෂයන් ප්‍රථමයෙන් ම හඳුන්වා දෙනු ලැබුයේ ඩී. ඊ. බ්‍රවුන්ලී (D. E.Brownlee) නමැති තාරකා විද්‍යාඥයායි. ඔහු ගේ නමින් බ්‍රවුන්ලී අංශූන් (Brownlee particles) යනුවෙන් නම් කරනු ලැබූ අන්තර්තාරීය දූවිලි අංශූන් පිළිබඳ කලකට ඉහත අධ්‍යයන පවත්වා තිබෙනවා. මේ අධ්‍යයනවල දී වල්ගා තරුවලට අයත් කාබනික ද්‍රව්‍යයන්වලට විනාශ නො වී පෘථිවියේ වායුගෝලයට ඇතුළු විය හැකි බව පෙනී ගොස්‌ තිබෙනවා.

වර්ෂ 2001 දී හා 2008 දී අප මෙවන් අංශූන් එකතු කරගෙන පර්යේෂණ පවත්වා තිබෙනවා.

ඒ වගේ ම මෑතක දී ජපානය විසින් උඩුගුවනට යවන ලද බැලූන (Japanese balloon experiments) මඟින් පොළොවේ සිට කිලෝමීටර් 40ක්‌ තරම් වූ ඈතකින් ලබාගත් නියෑදිවල ක්‍ෂුද්‍ර ජීවී ආකාර වාර්තා වී තිබෙනවා. මේ ක්‍ෂුද්‍ර ජීවී ආකාරවලට වල්ගා තරුවල සම්භවයක්‌ (Cometary origin) ඇති බව සැලකෙනවා.

එසේ ම පෘථිවි වායුගෝලයේ පරිවර්තී ගෝලය (troposphere) එනම් පොළොවට වහා ම ඉහළින් පිහිටන වායු ස්‌ථරය ද ක්‍ෂුද්‍ර ජීවීන් සඳහා පර්යේෂණවලට බඳුන් කර තිබෙනවා. එම පර්යේෂණවල දී එම ස්‌ථරයේ ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බව පැහැදිලිව ම වාර්තා වී තිබෙනවා.

* ඉඳහිට "කඩා වැටෙන තරුවක" (shooting star) ආකාරයෙන් අත්දැක ඇති උල්කාපාතයක්‌ හැරුණු කොට දීප්තිමත් ආකාශ වස්‌තූන් නිරීක්‍ෂණය කරන්නට ලැබීම ශ්‍රී ලාංකික ජනතාවට තරමක්‌ නුහුරු අත්දැකීමක්‌. මේ හදිසියේ ම මේ දේවල් අත්දකින්නට ලැබීම ඔබට පැහැදිලි කළ හැක්‌කේ කෙසේ ද?

පෘථිවිය වල්ගා තරුවක සුන්බුන් අතරින් ගමන් කරද්දී එම අදාළ සුන්බුන් පිහිටා තිබෙන්නට ඇත්තේ පෘථිවියේ ශ්‍රී ලංකාවේ පිහිටීමට ආසන්න ව නැතිනම් වහා ම ඉහළින්ග එය මා දකින්නේ අහම්බයෙන් සිදු වූ දෙයක්‌ (chance event) ලෙසයි.

* ඔබ ගේ අදහසට අනුව ශ්‍රී ලංකාවට ඇද හැළුණු රතු වැස්‌සේ හමු වූ සෛල මොනවා ද?

මගේ අදහසට අනුව නම් මේ පිටසක්‌වළ ජීව ආකාර නිරන්තරයෙන් පෘථිවියට ඇතුළු වන බවට ඇති සාක්‍ෂි.

පෘථිවියේ ජීවය ඇති වූයේ ද මීට වසර බිලියන සතරකට පෙරාතුව උල්කාපාත (comets) මඟින් සිදු වූවා යෑයි සිතිය හැකි ජීව ආකාර හඳුන්වා දීමකින් යෑයි ජීවයේ සම්භවය පිළිබඳ එක්‌ මතයකට අනුව සැලකෙනවා. මේ ක්‍රියාවලිය කාලයෙන් කාලයට නිරන්තරව සිදු වන්නක්‌ ලෙස විස්‌තර කළ හැකියි.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑදි පරීක්‍ෂා කිරීමේ දී එම නියෑදිවල සිල්වර් (Ag) හා ආසනික්‌ (As) අඩංගු ව තිබූ බව පෙනී ගිය ද මේ සම්බන්ධව කිසියම් මතභේදයක්‌ බැහැර කිරීමක්‌ නැතිනම් ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වැනි තත්ත්වයක්‌ ඇති වූ බව සත්‍යයක්‌ ද?

නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ බව ප්‍රතික්‍ෂේප කළේ හෝ බැහැර කළේ හෝ නැහැ. පළමුව මේ පිළිබඳව ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකියාවක්‌ තිබුණේ නැහැ. නමුත් දැන් එය ස්‌ථිර වී තිබෙනවා.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑදි පරීක්‍ෂා කිරීමේ දී සිල්වර් හා ආසනික්‌ යන මූලද්‍රවයයන් නියත වශයෙන් ම හමු වූයේ කොහි දී ද? වැසි දිය නියෑදියේ පොදුවේ ද? නැතිනම් නියත වශයෙන් ම සෛලවල ද?

සෛවල. පෙරා වෙන් කර ගත් සෛලවල. (from filtrate)

* මේ රතු වැසි නියෑදි පරීක්‍ෂා කිරීමේ දී ඒවා පරීක්‍ෂා කරන්නට යෙදුණු ආයතන දෙක අතරින් එක්‌ ආයතනයකට සිල්වර් හා ආසනික්‌ හමු වන්නටත් අනෙක්‌ ආයතනයට සිල්වර් හා ආසනික්‌ හමු නො වන්නටත් හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්‌ ද?

ඒ සඳහා ප්‍රධාන හේතුව මේ ආයතන දෙක භාවිත කරන්නට යෙදුණු පර්යේෂණ ක්‍රමවේදයන් (Techniques) දෙකෙහි වෙනස.

නමුත් මූලද්‍රව්‍ය විශ්ලේෂණය සඳහා ඇති පර්යේෂණ අතර මේ දෙක ම ඉතා ම පිළිගත් ක්‍රමවේදයන් දෙකක්‌ ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑදිවල සිල්වර් හා ආසනික්‌ අඩංගු බව පෙනී යැමෙන් සනාථ වන්නේ කුමක්‌ ද?

මේ සෛල පෘථිවියේ දැනට දන්නා හඳුනන ජීවී ආකාරයක්‌ නො වන බවට මෙය තවත් සාක්‍ෂියක්‌.

* රතු වැස්‌සේ හමු වූ සෛලවල සිල්වර් හා ආසනික්‌ අඩංගු වීම කිසියම් පාර්ශ්වයක්‌ විසින් ජීව විද්‍යාත්මක අවියක්‌ භාවිත කළ බවට සලකුණක්‌ ලෙස පිළිගත හැකි ද?

අනුමානයක්‌ වශයෙන් (In theory) කෙනකුට එලෙස සිතන්නට පුළුවන්. නමුත් රතු වැස්‌ස හා සබැඳි සියලු ම සංසිද්ධීන් සලකා බලන විට එවැන්නක්‌ සිදු වූවා යෑයි පිළිගැනීම අපහසුයි.

* ඔබ මේ රතු වැසි නියෑදි එක්‌සත් රාජධානියේ දී පරීක්‍ෂාවට ලක්‌ කිරීමට බලාපොරොත්තු වෙනවා ද?

ඔව්. මේ පිළිබඳ ගවේෂණ කණ්‌ඩායමේ නායකයා වන අනිල් සමරනායක මහතා ගේ සමීප සහයෝගීතාවෙන් නොබෝ දිනයක දී මෙය සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා සුදුසු ම පර්යේෂණාගාරය තීරණය කර ඒ කටයුතු සූදානම් කරගත් වහා ම පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමටයි බලාපොරොත්තුව.

කෙසේ වෙතත් මේ සෛල සම්බන්ධව ස්‌ථීර නිගමනයට එළැඹීමට ප්‍රථම කළ යුතු පර්යේෂණ රාශියක්‌ ම පවතිනවා.

සෛල අභ්‍යන්තරය පරීක්‍ෂාවට ලක්‌ කිරීම, රසායනික මූලද්‍රව්‍යවල සංයුතිය හා ව්‍යාප්තිය විශ්ලේෂණය කිරීම, විද්‍යාගාර මාධ්‍යයන් තුළ විවිධාකාර වූ තත්ත්ව යටතේ මේ සෛල වගා කිරීම (culture) හා මේ සෛලවල ඇති ඩී. එන්. ඒ. (DNA) වෙන් කරගෙන ඒවා පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කිරීම ඒ අතරින් කිහිපයක්‌.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑඳිවල සිල්වර් හා ආසනික්‌ අඩංගු බව පෙනී යැමෙන් සනාථ වන්නේ කුමක්‌ ද?

මේ සෛල පෘථිවියේ දැනට දන්නා හඳුනන ජීවී ආකාරයක්‌ නො වන බවට මෙය තවත් සාක්‍ෂියක්‌.

* රතු වැස්‌සේ හමු වූ සෛලවල සිල්වර් හා ආසනික්‌ අඩංගු වීම කිසියම් පාර්ශ්වයක්‌ විසින් ජීව විද්‍යාත්මක අවියක්‌ භාවිත කළ බවට සලකුණක්‌ ලෙස පිළිගත හැකි ද?

අනුමානයක්‌ වශයෙන් (ෂබ එයෑදරහ) කෙනකුට එලෙස සිතන්නට පුළුවන්. නමුත් රතු වැස්‌ස හා සබැඳි සියලු ම සංසිද්ධීන් සලකා බලන විට එවැන්නක්‌ සිදු වූවා යෑයි පිළිගැනීම අපහසුයි.

* ඔබ මේ රතු වැසි නියෑදි එක්‌සත් රාජධානියේ දී පරීක්‍ෂාවට ලක්‌ කිරීමට බලාපොරොත්තු වෙනවා ද?

ඔව්. මේ පිළිබඳ අධ්‍යයන කණ්‌ඩායමේ නායකයා වන අනිල් සමරනායක මහතා ගේ සමීප සහයෝගීතාවෙන් නොබෝ දිනයක දී මෙය සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා සුදුසු ම පර්යේෂණාගාරය තීරණය කර ඒ කටයුතු සූදානම් කරගත් වහා ම පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමටයි බලාපොරොත්තුව. කෙසේ වෙතත් මේ සෛල සම්බන්ධව ස්‌ථීර නිගමනයට එළැඹීමට ප්‍රථම කළ යුතු පර්යේෂණ රාශියක්‌ ම පවතිනවා.

සෛල අභ්‍යන්තරය පරීක්‍ෂාවට ලක්‌ කිරීම, රසායනික මූලද්‍රව්‍යවල සංයුතිය හා ව්‍යාප්තිය විශ්ලේෂණය කිරීම, විද්‍යාගාර මාධ්‍යයන් තුළ විවිධාකාර වූ තත්ත්ව යටතේ මේ සෛල වගා කිරීම (ජමකඑමරු) හා මේ සෛලවල ඇති ඩී. එන්. ඒ. (DභA) වෙන් කරගෙන ඒවා පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කිරීම ඒ අතරින් කිහිපයක්‌.

එක්‌සත් රාජධානියේ බකිංහැම් අභ්‍යවකාශ ජීව විද්‍යා (Astrobiology) මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ, බකිංහැම් විශ්වවිද්‍යාලයයේ හා කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරින්

මදාරා සරසි ද සිල්වා


සටහන- මෙම ලිපිය විදුසර   විද්‍යා සඟරවෙන් ඔබේ දැනුම සදහා උපුටා ගන්නා ලදී.

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive