Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

ෆේස් බුක් පේජ් Unpublished විමේ ඇතුල් කතාව

ඔබත් Facebook සමාජ ජාලය භාවිත කරන්නෙක් නම් මේ දිනවල සිංහල  Facebook පිටු කිහිපයක් Unpublished(අත්හිටුවිම) වු බවට පුවතක් දකින්නට ඇති.යම් පිරිසක් මෙය අන්තවාදි ආගමික කන්ඩයමක ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වුවුද එම තර්කය බිදි වැටෙන්නේ එවැනි අන්තවාදින් විසින්ම සියුම්ව සිංහල බෞද්ධයන්ගේ සංකල්ප පැරොඩි බවට පත්කර සමාජයෙන් කොන්කිරිමේ වෙනුවෙන් ඇරඹි පිටු කිහිපයක්ද මෙසේ අත්හිටුවා තිබිමයි.මෙය Facebook හරහා සිදුකරන තාවකාලික අත්හිටුවිමක් වුවත් පිටුව නැවත ලබාගැනිමට ඈපෑලක් ඉදිරිපත් කොට  සාර්ථක පිලිතුරක් ලැබෙන තෙක් බොහො කාලයක් බලා සිටිමට සිදුවේ.එය සත්‍යකි.නමුත් ඔබ නිකමටවත් සෙයා බැලුවාද මේ පේජ්ස් ඇත්තටම Unpublished ඇත්ද කියා ?.ඔබට නිකමටවත් සිතුනාද මෙලෙස පේජස් ගනනාවක් එකවර “අතුරුදහන්විම“ යම් සැලැස්මකට සිදුවුවක් කියා ?.
ඔබත් මේ අතුරුදහන්වු ජේජස්වලට ලයික් කර ඇත්නම් ටික දිනකින් ඔබ කිසිදා ලයික් නොලක පේජස් කිහිපයක් Pages I Like ටැබ් එක තුල දකින්නට ලැබේවි.

ඔබ කුමක් සිතුවත් ඇත්ත කතාව නම් එම පේජස්වල ඇති ඔබගේ Like රුපියල් සතවලට විකුනා අවසන් බවයි.මෙය කලක් තිස්සේ අපේ රටේ යහමින් ගෙන ගිය ව්‍යාපාරයකි.“අපේ පේජ් එක හැක් උනා“,“අපිව ###යෝ රිපෝට් කරනවා ඒ නිසා අපේ රීච් අඩුවෙලා.කමෙන්ට් එකක් දාලා යන්න“  හෝ මේ හා සමාන අර්ථ සහිත පොස්ටු ඔබ දකින්නට ඇති.ලෝකයේ කිසිදු පරිඝනක පද්දතියක් ආරක්ෂිත නොවන බව සැබෑවකි.ෆේස්බුක් සේවවටත් එය එසේමයි. Facebook යනු ලෝකය පුරා බොහෝදෙනෙක් දෛනිකව හැක් කිරිමට උත්සහ කරන පද්දති අතරින් එකකි.නමුත් අපේ රටේ මේ හැක් කතන්දරය සම්පුරනයෙන්ම මිත්‍යාවක්.
සැබැවින්ම තමන්ගේ පේජ් එකක් හැක් උනා කියමුකෝ එතකොට මේ ඊනියා අතිනැනවත් පේජ් අඩ්මින් අයියලාට අලුත් පේජ් එකක් පටන් ගැනිමට කලිං තමන්ගේ හැක්වුනා යැයි කියන පෙජ් එක නැවත ලබාගන්නට අවස්ථා කිහිපයක් Facebook  සේවාවෙන් ලබාදි තියෙනවා.එවගේම ඔය කියන විදිහේ ආරක්ෂක අවුලක් තියෙනම් අපේ අසිරිමත් සිරිලකේ ජෙජ්වලට කලිං “කෙලවන්නට“ තව ඔනේ තරම් වටිනා පේජස් ඔය ජාලයේ තියෙනවා. ඒ තමයි තාක්ෂණික කතන්දරය.

දැන් අපි බලමු මේකේ මාකටින් කතාන්දරය.මේ හැක්විම අපේ රටේ මැතිවරන කාලවලදි හරියට සිද්ද වෙනවා.ඒ ඔබේ ලයික් එකයි ඔවුන් විකුනන්නේ ,ඒ ඔබේ කමෙන්ටුවයි ඔවුන් විකුනන්නේ.දැන් ඔබෙන් සමහරෙක් අහයි විකුනන එක වැරදිදි කියලා.අපෝ නෑ එයාලගේ අදහස්,එයාලගේ පේජ් එක,එයාලගේ පොස්ට්. ඒත් ඇයි එක විකුණුවා කියලා නොකියා බොරු බොරු කතන්දර කියන්නේ ඔවුන් ඔබව රවටනවා.එහි බරපතලම කාරනය එය නෙවෙයි.මේ ඇඩ්මින් අයියලාට සල්ලි දුන්නොත් ඔනේම ජරාවක් තමන්ගේ පොස්ට් වලට දානවා කියන ඉගිය තමයි මේ දෙන්නේ.මේ විදහට එක එකාට ඔනේ විදිහට රටේ ජනමතය හසුරුවන්න ලැබෙනවා.

 මේ සිදුවිමේදි නම් නුදුරේදි පටන් ගැනිමට යන යම් මාධ්‍ය ජාලයකට අයත් අයතන කිහිපයක් වෙනුවෙන් තමයි මේ ඇඩිමින් අයියලා ඔබේ ලයිස් ටික විකුනනලා තියෙන්නේ.විකිනු ගාන නම් දන්නේ නෑ හැබැයි .ගනනං හිලව් තීරනය වෙන්නේ ලක්ෂ ගනනින් කියලයි ආරංචිය.

අපේ රටේ පේජස් ජනප්‍රිය උනේ අධිපතිවාදි ජනමාධයට එරෙහි විකල්ප ධරාවේ ජනමාධ්‍ය කලාවක් ලෙසිනුයි.අදටත් ඒ විශ්වාසය රකිය ෆේස්බුක් පිටු කිහිපයක් තවමත් ඉතිරිව පැවතිම සතුටට කරුනක්.එ පිටු පවත්වාගෙන යන පිරිසටත් සුභ පතනවා.

 විකල්පයටත් විකල්පයක් අවැසි කාලයකි මේ.
       
                                පරිස්සමෙන්......
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive