Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

මතක මංපෙත - A walk to remember (පලමු කොටස)

Nicholas Sparks යනු අලවි වාර්ථා තැබු ජනප්‍රිය අාදර ගනනාවක්ම විශ්ව සාහිත්‍යට තිලිණ කල 
නවකතාකරුවෙකි.ඒ අතරින් නවකතා කිහිපයක් සිනමා නිර්මාන ලෙසින්ද ප්‍ර‍තිනිර්මානය විය.A walk to remember 
යනු එලෙස නිර්මානයවු ආදරණීය නවකතාවකි.අපගේ අලුත්ම විශේෂාංගය ලෙස අප එම ආදර අන්දරයේ
සිංහල පරිවර්ථනය මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු “



මේ1985 සිසිර සෘතුව ආසන්නයේ එක් නිසන්සල රැයකදි බියුෆෝට් නගරයයි. බියුෆෝට් යනු  ඇමරිකා එක්සත් 
ජනපද සතුවු මනරම් ජනපදයකි.   මගේ ජිවිතයේ වෙනස් විම ඇර‍ඹෙනුයේ මේ දින යැයි මා කිසිලෙසකින්වත් සිතුවේ 
නැත. නමුත් එය එසේම සිදුවිය.අප,අපගේ මිතුරු හවුලට තවෙකෙකු එක්කිරිමට තිරනය කලදා පටන් මේ දිනය පිලිබද
සැලසුමක් අප සතුව විය.
"එයා කොහෙද , හරි නම් දැන් එන්න ඔනේ නේ" මා එසේ පවසන විට එයට පිලිතුරු දුන්නේ මගේ අතිජාත මිතුරාවූත් 
හින්දෑරි සිරුරකට හිමිකම් කියනාවූත් කටකාර එරික්ය.
"මට නම් කෑගහන්න හිතෙනවා" යැයි ඔහු කිහ. ඔහුගේ ප්‍රකාශය මගේ පැනයට පිලිතුරක් නොවුවද ඒ වන විට අප පසුවු
දැඩි කලකිරිම දැක්විමට ප්‍රමාණවත් විය. 
"උඔ නිකං කෙදිරිගාන්නේ මදුරුවෙක් වගේනේ"
-"මට ඔනේ නටන්න" දැන් පැය භාගයක පමන සිට නිහඩව සිට බේලන්ඩාද තම හඩ අවදි කලේය.බේලන්ඩා යනු සැපවත්
දිවියක් ගත කරනා කුමාරිකාවක් බදු යුවතියකි. ඇය හා මා කලකට පෙර පෙම්වතුන් වු නමුදු අද අප හොද මිතුරන් බවට
පත්ව ඇත්තේ ඇගේ උඩගු අහංකාර ගතියයි. සුන්දරයුවතියකට යම් ආඩම්බර බවක් තිබිය යුතුය. නමුදු ඇය ඒ සිමාව 
පසුකර බොහොදුර ගොස් සිටියේය.
"ඉතිං ගිහින් නටන්න"
-"ඔයත් එන්න ඔනේ ලැන්ඩන්"
"මට ඔනේ නෑ නටන්න" මා අකමැති බව ඇය හොදින් දනිතත් ඔවැනි දෑ ඈ නිතරම වගේ සිදුකරයි.
අප බලාපොරොත්තුවෙන් සිටි සගයා පැමිනියේය . අපේ අභියෝගය වුයේ අඩි 20 පමන ඉහලින් වු අපද්‍රව්‍ය
නලයේ සිට පහල ජලාශයට සාර්ථකව පැනිමයි. නවකයා ඊට සුදනම්ව පැමිනියේය. මා ද ඔහු සමග එම ක්‍රියාදාමයට
එක්විම ඔහුගේ සිතට අස්වැසිල්ලක් ගෙන දුන්නද එය අපගේ සැලසුමේ තවත් එක් පියවරක් පමනක් විය. තම
බියගුලු ගතිය වසන් කරමින් ඔහු ඉහලට නැග. මරන්නට ගෙන යන මුවපොව්වෙකු මෙන් අසරන සිනාවක් පැවේ
තවදුරටත් බිය යටපත් කරගත නොහැකිවු නිසාවෙනි.
"බයවෙන්නෙපා මමත් ඕක සියපාරක් විතර කරලා තියෙනවා"
ඔහු සමග මා පැනිමට සුදානම් වුවද මා පැන්නේ නැත.මා මින් පෙර මේ නලය අසලට පැමින ඇත්තේද අවස්ථා දෙකක් හෝ
තුනකදි පමනි. ඔහු සිතුලෙසම ජලාශය තුල නොපෙනිගියේය.
"ලැන්ඩන් අර යකා උඩට ආවේ නෑ" එරික් කෑ ගැසිය.
ඒ සමගම අප්‍රාණික වු ඔහුගේ සිරුර ජලයෙන් මතුවිය. සියල්ලන්ම භිතියට පත්වි සිටි. මා විගස ජලාශයට බැස ඔහුව
ගොඩට ගෙන එන විට ජලාශයේ ශබ්ධය නිසා  අවදිවි කම්හල්හිමියා විදුලි පන්දමද රැගෙන පැමිනෙමින් සිටියේය.

මතුසබැදි....
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive