Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

Star Trek Beyond (2016)

1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්රපටමාලාවේ 13 වැනි චිත්රපටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්යක්ෂනයක් වන මෙය පෙර චිත්රපට මාලාවේ රගපෑ Star Trek Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන් ක්රික් ඇතුලු පිරිස යෝක් ටවුන් වෙත ලගා විමෙන් . ඩරේෂනයේ අතිත හා සම්බන්ධ සිදුවිම් පෙලක් සමගකතාව දිගහැරෙනවා. මේ යුගය වනවිට මිනිසා අනෙකුත් චක්රාවට තරනයටත් අලුත් ජිවි විශේෂ සමග සම්බන්ධතා ගොඩනගාගන්නත් , සරලවම කිව්වොත් එකම සමාජයක් ලෙස ජිවත් වෙනතරම් තාක්ෂණික හා ආකල්පමය වශයෙන් දියුනු යුගයක් . මෙහි පෙන්වන ඇතැම් තාක්ෂනයන් මේවෙනකොට සත්යක් වෙලා තියෙනවා. සමහර ඒවා ඉදිරියෙදි සත්ය වේවි (Warp Drive). කතාව ගැන වැඩි දෙයක් කියන්නේ නෑ අරගෙන බලන්න කෝ . මේ කතාවේ කලිං චිත්රපටි නරඹලා නැතිවුනත්රසයේ කිසිම අඩුවක් නැතිව පැය 2 කුත් මිනිත්තු 2 ක් විශ්ව චාරිකාවක යන්න ඔයාටත් පුළුවන්.

                                   Download

අපේ රටේ සිනමාව - සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුගේ සටහන

පේරටේ සිනමාව කොයිබටද යන්න පිලිබදව ප්‍රේක්ෂකයෙකු ලෙස මා දකිනා ආකාරය පිලිබද ඔබ සම්පුරණයෙන් එකග නොවෙනවා විය හැකිය.නමුත් පොදුවේ අප සියළුදෙනා එකගවෙන ඒක කාරනයක් ඇත.ඒ අපේ සිනමාවද දිනෙන් දින පරිහානියට යන බවයි.එයට හොදම නිදසුන වන්නේ ලගදි මා දුටු  එක්තරා චිත්‍ර‍පටයක් ලෙසිනි.එහි නම පවා සදහන් කිරිමටවත් වටින්නේ නැත.රොෂාන් රනවන යනු කිසිදිනක දක්ෂ නළුවෙකු නොවේ.එය ඔහුට කරන අපහස  නොවන්නේ ඔහුට වඩා ප්‍ර‍තිභාපූර්ණ රංගන ශිල්පින් අපරට තුල සිටින නිසාවෙනි.අපේ රටේ චිත්‍ර‍පට මා දකිනා ලෙස වර්ග කිහිපයකි.එකක් නම සල්ලි දිලා ටිකට් ගත්ත මෝඩකමට නරඔන චිත්‍ර‍පටවේ,අනෙක නම් සිනමා  ශාලාවේ සේවකයන් සමග මරාගෙන හෝ තම ප්‍රවේශපත්‍රයේ මුදල නැවත ඉල්ලා පිටව යන වර්ගයේ ඒවායේ.තෙවැන්න නම් “සල්ලි උඔලම තියාගනිං“ කියා ශාලාවෙන් පිටව යාමට සිතින වර්ගයේ චිත්‍ර‍පට වේ.ලංකාවේ බොහෝමයක් මුල් කාන්ඩයට වැටෙන අතර පෙර කියු චිත්‍ර‍ටය නම් තුන්වැනි කාන්ඩයටම වැටේ.මෙවැනි චිත්‍ර‍පට තිරගත විම ජාතික ගැටලුවක් වන්නේ ප්‍ර‍තිභාපූර්ණ දක්ෂ,නිර්මානශිලි යොවුන් චිත්‍ර‍පට අධ්‍යක්ෂකවරුන් තම කුලුදුල් නිර්මාන තිරගත කිරිමට අවුරුදු ගනන් බලා සිටිමට සිදුවිමයි.මෙහි අවසන් ප්‍ර‍තිඵලය විය හැක්කේ තම නිර්මාන ඔවුන් විසින්ම අන්තර්ජාලයට මුදා හැරිමයි.එවැනි ප්‍ර‍වනතාවක් අප රට තුල ඇති උවහොත් එය ලාංකිය සිනමාවේ අවසානය බව අමුතුවෙන් කිව යුතු නොවේ.පෙරකී ආකාරයේ අවරගනයේ නිර්මාන පොලිම් පන්නා තිරගත විම තවත් ගැටලුවකි.ඒ නිසා දක්ෂ සිනමාකරුවන්ට වන අසාධාරන මේසායැයි කිවහැකි නොවේ.එයට හොදම උදාහරනය නම්  මෑතදි තිරගතවිම ආරම්භ කල “බයිසිකල්“ චිත්‍ර‍පටයයි.චිත්‍ර‍පටයක් ලෙස මට නම් ඒ චිත්‍ර‍පටය අවුලක් නැත.මන්ද චිත්‍ර‍පට යනු වට්ටෝරුගත ඒවා යයි  මා නොසිතන නිසාවෙනි.එය හොදම නිර්මානයක් නොවුවද අවර ගනයේ එකක් යැයි පැවසිමට නොහැක.මොකද එහි නිර්මානකරුවන් තම නිර්මානය වෙනුවෙන් අවංක උත්සහයක් දරා ඇති බව පෙනෙනෙ නිසාය. එමෙන්ම අන්තර්ජාතික සම්මාන පවා ලැබු මේ නිර්මානයට මෙවැනි ඉරනමක් ලංකාවේ අත්වුයේ ඇයි.එයට සාධක බෝහෝ ගනනක් තිබිය හැකි වුවද පලමු සාදක නම් චිත්‍ර‍පටය කල්ඉකුත්විමකට ලක්වි ඇති බව පැහැදිලිවම පේනේ.ඒ චිත්‍ර‍පටය තත්කාලීන සමාජය නිරුපනය කිරිමක් නිසා මේ ගතිය වැඩිපුර දැනේ.බෝහෝ ප්‍රේක්ෂකයන් නොදන්නා කරුණ නම් එම චිත්‍ර‍ටය නිර්මානය කර වසර 3කට වැඩි කාලයක් පෝලිමේ සිටි බවයි.මීට අවුරුදු 3කට පෙර සමාජයට වඩා දැන් සමාජය වෙනස් වි ඇත.එදා මහා ව්‍යසනයන් ලෙස දුටු දෑ අද සාමාන්‍යකරනය වි ඇත.එම නිසා නිර්මානකරුවා මතුකරන සියුම් රසයන් ප්‍රේක්ෂකයන්ට නොදැනියාමක් සිදුවි ඇති බව මගේ හැගිමයි.තවත් ඉදිරියට නවක නිර්මාණශිල්පින්ගේ නිර්මානවලට මේ ව්‍යසනයම විමට බෝහෝිවට ඉඩ ඇත.
            මුදල්,බලය,හිතවත්කම් මත අවරගනයේ නිර්මාන එලි බසිමින් ප්‍රේක්ෂකයන්ට ලාංකික සිනමාව එපාකරවිම නැවැත්විමට බලධරයන්ට හෝ කේත්‍රයේ බලය කේන්ද්‍ර‍කරගත් කලාකරුවන්ටද උවමනාවක් ඇති බව නොපෙනේ.මේ ව්‍යසනයම වේදිකා නාට්‍ය කලාවටද උදවෙමින් පවති නමුත් කලාව වෙනුවෙන් අවංකව කැපවෙන කලාකරුවන් එනපොට හොද නැතිබව කලිංම වටහාගෙන එයට එරෙහි ගාමක බලයක් වු නිසා යම් තරමකින් හෝ වේදිකා නාට්‍ය කලාව සුරක්ෂිතව පවති.
නමුත් ඇයි අපේ රටේ සිනමාවට මෙවැනි දුර්භාගයක් උදාවුනේ.
සිනමාව තුල තිබෙන කලාත්මක ස්භාවය අතින් අප ඉන්දියාව හා සමාන හෝ ඊට ආසන්න මට්ටමේ යැයි මට සිතේ.නමුත් අප සල්මාන්ලා,ෂාරුක්ලා වෙනුවෙන් මෙහෙ ආදේෂක ලෙස යොදාගත්තේ ගැලපෙන නළුනිලියන් දැක් සැම විට සැකයක් පවති.
අඩුම තරමේ ඉහතකි වර්ගයේ අවරගනයේ නිර්මාන සිනමාශාලාවල ප්‍ර‍දර්ෂනය නොකරන ආකාරයේ නියාමනයක් සකස් නොකලහොත් තව තවත් සල්ලිතියෙන සල්ලාලයන්,උන්මත්තකයන් මේ කලා මාධ්‍ය විනාශ කිරිම වැලැක්විය නොහැක.
    
                                                       *                *                     *

සයිබර් ක්‍ර‍යිම්ස් and අපේ කියුම්


           අතිගරු/ගරු ජනපතිදුන්ගේ නිල වෙඩ් අඩවිය පසුගිය දවසක සයිබර් ප්‍ර‍හාරයකට ලක් වුනා .හැබැයි එකම සතියේ දෙවනි වතාවටත් හැක් උනාට පස්සේ තමයි අති දක්ෂ ජනපති පරිඝනක අංශයේ මහත්වරු ඇහැක් ඇරලා බැලුවේ.දැන් බුකියේ අලුත්ම සුපස්ටර් මේ දහහතේ හැකර්.හැබැයි  පරිඝනක කේත්‍ර‍ය ගැන දන්න ඔනේ කෙනෙකුට පැහැදිලි වෙනවා මේක මේ තරුණයෝ දෙන්නාගේ දක්ෂතාවයම පමනක් නෙවෙයි කියලා.මොකද අදටත් අපේ රාජ්‍ය වෙබ් අඩවි පවත්වාගෙන යන යාන්ත්‍ර‍යේ ලොකු ගැටලු තියෙනවා.ඒ තරුණයෝ කරපු දේ කොහොමත් හොද වැඩක් නොවෙන්න ඇති.නමුත් මතක තියාගන්න ඔවුන්ට අවශ්‍යනම් 
කාටවත් නොදැනෙන්න ඉතා සියුම්ව වෙබ් අඩවියේ දත්ත හා තොරතුරු වෙනස් කරන්න තිබ්බා.එහෙනම් ඔය පරිඝනක අංශවල මහත්තුරුන්ට කියටවත් හොයාගන්න ලැබෙන්නෑ.සාස්තර පුංචට නම් මේක පෙන්නේ පැහැදිලවම නිසි සැලකිල්ලකින් සැදු වෙබ් අඩවි යාන්ත්‍ර‍යක් නොවන බවයි.
  පරිඝනක ලෝකයේ හැකර්කරුවන්ගේ ස්වර්නමය නිතියක් තියෙන්වා මෙන්න මෙහෙම 

                       "ලෝකයේ කිසිදු පද්දතියක් ආරක්ෂිත නැත" 

ඒක  හැමදාම හැම තත්පරයකම ලොකේ කෙහේදි හරි ඇත්තක් වෙනවා.නමුත් අදටත් ලෝකේ  සමහර පද්දති ආරක්ෂිතව තියෙනවා.මේ සිරිලංකා ද්විපය හරිම අමුතු රටක් .සාක්ෂරතාවයෙන් දකුණු ආසියාවේ 1 උනාට අනෙකාගේ හැගිම් තේරුම් ගැනිමෙන් ඉන්නේ ලොකෙන්ම අන්තිම හරියේ.පරිඝනක සාක්ෂරතාවයත් ඒහෙමය. පරිඝනක සාක්ෂරතාවය අතින් ආසියාවේ නැගි වේගව්ම රට උනාට හැකි වුනා කියන එකවත් දැන්නැති උන් ඉන්නේ.තමන්ගේ මුරපදය(password) එක එකාට දිලා අන්තිමේදි උන් account වලට රිංගුවට පස්සේ  කැහැගානවා මාව හැක් කරලා කියලා.ඒත් ඇත්ටම වෙලා තියේන්නේ එයා ව හැක්කිරිම කෙසේ වෙතත් එ අය ගොන් වෙච්ච එකයි. මේ සින් එකේදිත් කට්ටිය දෙපිල බෙදිලා .කට්ටයක් කොල්ලව බේරගන්න කියද්දි.කට්ටියක් පරිඝනක අපරාද පිලිබද ඔස්තාර්ලා වගේ රජයේ ක්‍රියාමාර්ග හොදයි කියනවා.සකර්බර්ගේ ෆේස් බුක් ඇතුලු ඔනේම අඩවියක් හැක්කරන්න පුළුවන් නමුත් ඒවා බෝහොම අපහසු වැඩ ඒවා කරන්න ලංකාවේ වැඩ්ඩෝ නැතිවෙන්න බෑනේ මොකද ලංකාවේ කොල්ලෝ කෙලේලෝ ජාතියන්තරව ලබාගන්නා පරිඝනක ජයග්‍ර‍න දිහා බැලුවම.(උදා,Imagine Cup ) හැබැයි අපි නිකමට හිතුවද මෙච්චර සුපිරි චරිත ඉදලත් අපේ රටෙන් එක ක්‍රැක්(Crack) කරපු සොෆ්ට්වෙයා එකක් ගැන අහන්න ලැබෙනවද.සාස්තරපුංචා දන්න තරමින් නම් උත්තරය නෑ කියන එකයි.ඒ මොකද ඒ තම් හැකියාවක් තියෙන උන් ගෙදරට වෙලා සොෆ්ට්වෙයා ක්‍රැක් කරමින් ඉන්නේ නැති විම .අනිත් එක තමයි එතරම් පරාර්ථකාමි සිතක් එවැනි දක්ෂතා තියෙන අයට පහල නොවෙම.ක්‍රැක් කිරිමත් අපරාධයක් තමයි නමුත් ඒක ඉතාම අපහසු කාර්යක්.ක්‍රැක් කරන,හැක් කරන උන්ට ලොකු ලොක පරිඝනක ආයතනවල රැකියා දෙන්නේ අන්න ඒ නිසයි.දැන් මේ තරුණයෝ දෙන්නටත් කවුරුහරි එහෙම රස්සාවක් දෙයි කියලලා කියන්නේ නෑ .නමුත් සිගිරි චිත්‍ර‍ විනාශ කරපු ඒ දරුවට නිදහස දුන්නු මේ ජනපතිට මේ  තරුණයන්ට නිදහස දෙන්න බැරිවිම නම් ලොකුගැටලුවක්.ඔවුන් කරපු වරදට දඩුවමක් විදින් ඔනේ හැබැයි ඒ දඩුවමේන් තවත් අපරාධකාරයෙක් බිහි නොවෙන්න ඔනේ.දෙමල කෙල්ල කරුටුගෑවේ නොදැනුවත්කම නිසාමයි කියලා කියන්න බෑ වගේම සිංහල කොල්ලෝ දෙන්නා හැක්කරේ ලොකු සැලසුමක් ඇතුව කියලා කියන්නත් බෑ. කට්ටිය ඉතිං තමන්ගේ පාට පක්ෂ දේශපාලන මඩ ගොහොරුවට මේවත් ඇලා ගන්නවා නමුත් සාස්තර පුංචා නම් කියන්නේ මිටඩවා පරිඝනක සාක්ෂරතාවයෙන් සන්නද්ධවෙන්න පොරටෝක් දුන්නා කියලා හැක් නොවි ඉන්නත් බෑ,සයිබර් අපරාධකරුවන්ට නිදහස දුන්නා කියලා මේවා නවතින්නේත නෑ.මේ සිදුවිමේදි අදාල පරිඝනක අංශ හැසිරුණු විදිහ හරිම ලැජ්ජා සහගතයි.ඔවුන්ට අඩවියේ දෝශය යතාතත්වයට ගන්න පැය 24කට ආසන්න කාලයක් ගියා.ඒ අතරතුරේදි ජනපති අඩවියේ ඔවුන් සටහන් කරනවා මේක සාමාන්‍ය යාවත්කාලින(update) කිරිමක්  නිසා ඇතිවු තත්ත්වයක් කියලා.ඇත්තටම මේ තරුණයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අතිදක්ෂ රජයේ IT ලොක්කන්ට පෙන්නුවේ අපේ රට සයිබර් ආරක්ෂාව අතරින් තියෙන තැනයි.
                 ......ශ්‍රිලාකික වෙඩ් අඩවිගැන මිට වඩා සැලකිලමත් වන්න.එසේ නොවුනහොත් අප රටටද සයිඉර් යුද්ධයකට හසුවිමට ඉඩ ඇත.........

 
මීට ශ්‍රිලාකික තාරුන්‍ය

1995 මයික් ටයිසන්ගේ බොක්සිං තරගය බලන්නට කාලයාත්‍රිකයෙකු පැමිනෙයි - විග්‍ර‍හය

අද අපි ගෙනාවේ අපේ රටේ ජනමාධ්‍ය පවා කතාකල විඩියෝවක් ගැන පැහැදිලි කිරිමක් අරගෙනයි.මේක ඇත්තටම 1995 දි රෑපගතකල මයික් ටයිසන් සහභාගිවු තරගයක විඩියෝපටයක්.මුලින්ම ඒක බලලා ඉන්නකෝ.


දැන් ඔයටත් පෙන්න ඇතිනේ මයික්ටයිසන්ට පිටුපසින් ඉන්න ප්‍රේක්ෂකයෙක් ජංගමදුරකථනයකින් ජායාරූප ගන්නවා. නමුත් ජංගමදුරකථනයට කැමරාව එක්වුනේ 2000 පසුවයි.ඒ වගේම විඩියෝ එකේ අපිට පෙන්නනවා 1995 දි ලෝකේ තිබුන සාමාන්‍ය කැමරාවල ස්භාවය.ඒකට අනුව  ඒ එක කැමරාවකවත්
කාචය උපාංගයේ කෙලවරින් සවිවෙලා නෑ.

මේක උනේ කොහොමද ?

මේ විඩියෝ එකේ කිව්වට ඇත්තටම ඔයා හොයලා බැලුවොත් පෙනෙවි 1995 වෙනකොට ලෝකේ තිබුන සාමාන්‍ය කැමරා වර්ග
 ඔන්න එකකොට අපිට පේනවා මේකට ගැලපෙන කැමරාවක් තියෙන බව . 








ඒත් ඒ සාක්ෂිය විතරක් මදි නම් පහල තියෙනවා කරුණු ටික කියවන්නකො

හරි දැන් අපි බලමු  මේක වෙන්න පුළුවන් දෙයක්ද ?



   1.අපි දැනට දන්න විදිහට කාලතරනය කරන්න බෑ .ඒකට හේතුව තමයි කාලතරනයේදි ඇතිවන බාධා(Paradox).
   (Paradox ගැන ඉදිරියේදි කතාකරමු)
 
  2.මේ පුද්ලගයා සතුව තිබෙන්නේ වර්ථමානයේ අපි භාවිතාකරන වර්ගයේ ජංගම දුරකථනයක්.ඒ කියන්නේ අපි නුදුරු අනාගතයේදි (තව අවුරුදු 5 ඇතුලත)  කාලතරන තාක්ෂණය හොයාගන්නවා කියලද?
    මොකද මේයා අනාගතයේ කෙනෙක් නම් මීට වඩා වෙනස් තාක්ෂණයක් හා හැඩයක් සහිත ජංගම දුරකථනයක් වෙන්න ඔනේ .අපි දැනටමත් දන්නවා අනාගතයේ ජංගමදුරකතනවල ස්භාවය.

3.1995 මයික් ටයිසන් සහ මැක් නීලීගේ තරගය වගේ දෙයක් බලන්න කාලය හරහා එනවා . නමුත් සාමානයෙන් අපි දන්නා විදිහට කාලතරනය අපි හොයාගතත් අපි අතිතයට යන්නේ අතිශය වැදගත් සිදුවිමක් වෙනස්කරන්න හෝ දකින්න තමයි එන්න ඔනේ.
මේ වගේ තරගයක් බලන්න එනවා කියන්නේ කාලතරනය අතිශය සාමාන්‍ය දෙයක් වෙන්න ඔනේ .හරියට පොඩි විනෝද චාරිකාවක් තරමටම සරල වෙන්න ඔනේ. අද වෙනකොට අභවකාශ තරනයකරන්න ඔයාටත් ඇමරිකන් ඩොලර් මිලියන 80 තියෙනවා නම් පුළුවන්.
හැබැයි අභ්‍යවකාශය සාමාන්‍ය ජනතාවට විවෘත මුල්ම වුනේ අභවකාශ තරනයෙන් දශක 4කටත් විතර පස්සේ. අපි දෙවන කරුණදේදි කතාකලා වගේ මේක නුදුරු අනාගතයේ වෙන දෙයක් නම් මේ වෙනකොටත් කාලතරනය කරන්න අපේ විද්‍යාඥයින්ටවත් හැකිවෙලා තියෙන්න ඔනේ .
නමුත් එහෙම නෑ නේ .(දන්නා තරමින්)

නිගමනය

 ඒ අනුව අපිට  හිතන්න වෙන්නේ 1995දි  කාලතරනයක් සිදු නොවුන බව .මේ විඩියෝ පටිය ඇත්ත එකක් වුනත් හිතාමතා හෝ නොදැනුවත්ව මේකේ සැබැ අර්ථය විකෘති කරලා. මේ වගේ අර්ථය විකෘති වුනු ජායාරූප විඩියෝපට ගොඩක් අන්තර්ජාලයේ තියෙනවා.ඒවා අපේ රටේ ජනමාධ්‍ය වගේ කිසිම වගකිමක් නැති මාධ්‍ය ආයතන විසින් ලොකු ප්‍ර‍චාරනයකුත් ලබලා දෙනවා නමුත් එකෙන් කියවෙන්නෑ කාලතරනය කියන්නේ බොරුවක් කියලා.ඉතිං අපි ඉදිරියේදි තව මේ ගැන කතාකරමු.

විපතට පත්වුනු අපේ මිනිස්සු වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් පුංචි උදව්වක් මේ

ඔබ රැකියාව සඳහා කොළඹට දුම්රියෙන් හෝ බස් රථයෙන් පැමිණෙන අයෙක්ද?
එසේනම්,
හෙට උදෑසන කාර්යාලයට පැමිණෙන විට ඔබේ කෑම පාර්සලයට අමතරව තවත් කෑම පාර්සලයක් රැගෙන එන ලෙස මනුසත් දෙරණ අපි ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ඔබේ එම කෑම පාර්සලය ගංවතුරින් අසරණ වූ ජනතාවගේ දිවා ආහාරය සඳහා ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.
එකතු කිරීමේ මධ්‍යස්ථාන
කොටුව දුම්රියපළ ඉදිරිපිට
මරදාන දුම්රියපළ ඉදිරිපිට
මහලේකම් කාර්යාල දුම්රියපළ ඉදිරිපිට
බම්බලපිටිය දුම්රියපළ ඉදිරිපිට
කොටුව බෝගහ අසළ බස් නැවතුම්පළ
කොටුව ප්‍රධාන බස් නැවතුම්පළ අසළ
ඔබ ඉහත ස්ථානයන්ට පෙර දුම්රියෙන් හෝ බසයෙන් බැස යන්නේ නම් එම කෑම පාර්සලය හිතවතෙකු අතේ හෝ එවීමට කාරුණික වන්න.
මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු 077 070 10 10 – 011 5 300 700 දුරකථන අංක ඇමතීමෙන් ද ලබා ගත හැකිය.
තවද ගංවතුරින් විපතට පත් ජනතාව සඳහා ඔබට මූදලින් ආධාර කළ හැකි නම් එම ආධාර බැර කිරීමට
http://www.derana.lk/manusathderana/donation/ ඔස්සේ පිවිසිය හැකිය.

ෆෝන් එක reset නොකර ඇන්ඩ්රොයිඩ් Pattern/password හැක් කරමු


මුලින්ම කියන්න ඔනේ මේක කාටවත් හානියක් කරන දේවල් වලට පාවිච්චිකරන්න එපා.
තමන්ගේ ඇන්ඩ්රොයිඩ් ෆොන් එකේ pattern,password හෝ pin අමතක වුනොත් ඒක අයිංකරගන්න ෆොන් එක reset කරන්න වෙනවනේ.එතකොට ඉතිං ෆොන් ඒකේ ඩේටා වලට වෙන දේ අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.හැබැයි අද අපි කියලා දෙන මේ ක්‍ර‍මයෙන් ඔයාට mobile එකේ ඩේටා වලට කිසිම හානියක් නොවි pattern හෝ password එක අයිං කරන්න පුළුවන්. එහෙනම් වැඩේට බහිමු.

පියවර - 1
පහල ලින්ක් එකේ තියෙන Aroma File manager බාගන්න(මේක .zip file එකක්)
                                           
                                                           Download 


 පියවර - 2
ඒක ඔයාගේ SD Card එකට Move කරන්න.

 පියවර - 3
දැන් ෆොන් එක ඕෆ් කරලා recovery mode එකෙන් ඔන් කරන්න.
(ඒක ෆෝන් වර්ගය අනුව වෙනස් වෙනවා සාමානයෙන් Volume Up + Power Button+ Home Key . හරියටම දැනගන්නන ෆෝන් එකේ වර්ගය සදහන් කරලා Google එකේ සර්ච් එකක් දාන්න)
 ඒක හරියට උනොත් මේන්න මේ විදිහට එයි.

 පියවර - 4
දැන් Volume Down බටන් එකෙන් පහල තියෙන Install Zip from SD Card හෝ apply update from external storage සදහන්  එක තෝරලා Power Button එකෙන් සිලෙක් කරන්න.



 ඔයාගේ SD Card එකේ ඔක්කොම ෆෝල්ඩර්ස් ටික දැන් දකින්න පුළුවන්

 පියවර - 5
 දැන් අපි බාගත්තු zip file සිලෙක් කරන්න.එතකොට ඒ ෆයිල් එකෙන් boot වෙන්න පටන් ගන්නවා. දැන්                                                                මෙන්න මේ වගේ පෙනෙවි.

  දැන් ඔයාට කරන්න තියෙන්නේ Menu  >> Settings  පාත් එකේ ගිහින් Automount all device on start  කියන එක සිලෙක්ට් කරන්නයි. එක කලාට පස්සේ Exit වෙන්න .ෆෝන් එක අයේ boot වේවි. ඔයාගේ Home screen එකට ආවට පස්සේ ආයෙත් ඕෆ් කරන්න.

දැන් පියවර 3 සහ 4 ආයෙත් කරන්න.

දැන් මෙන්න මේ පාත් එකේ යන්න

 Data >>  System  

 ( ඔයා දැම්මේ pattern lock එකක් නම් )
                        gesture.key

------------------ හෝ-----------------------


 ( ඔයා දැම්මේ password එකක් නම් )
                     password.key  
කියලා File එකක් තියේවි

 දැන් ඒ  File එක Delete බය නැතුව කරන්න. දැන් වැඩේ හරි කලිං වගේම Exit වෙන්න එකතොට අයේත් boot වේවි. ඒත් තාම pattern lock / password පෙන්නනවා නේද කිසි අවුලක් නෑ ඔනේම පැටන් එකක් හෝ පස්වර්ඩ් එකක් දෙන්න
 කොහොමද වැඩේ .......!!!



ලංකාවේ ජඩ මාධ්‍ය -1

ලාංකිය සමාජයේ පවතින ව්‍යුහයන් ජඩකම අතින් ශ්‍රේණිගකලොත්  එහි තුන්වෙනි තැනට දමන්නේ වර්ථමාන ජනමාධයයි.ඒ සාස්තරපුංචා එයට ලබා දෙන ස්ථානයයි . නමුත් ඔබට අනුවනම් එය වෙනස් වෙන්න පුළුවන්.එය ඒ තරම්ම ජඩ වි ඇත්තේ ඇයි ? මේ ප්‍ර‍ශ්නය අසන්නට ආසන්නතම හේතුව වනනේ පසුගියදා දුම්රියට බිලිවු තරුණියන් පිලිබද පුවත් වාර්ථාකරනයේදි මාධ්‍ය හැසිරිනු ආකාරයයි.වඩාත්ම  වඩාත් හාස්‍යජනක සිදුවිම වන්නේ ජාතියකට වගකියන්නාවු මේ සත්‍යයේ මුර දේවතාවුන්ට වඩා සමාජ ජාල අඩවි තුල මේම පුවත වඩා සවිස්තරාත්මකව සහ ශිෂ්ඨසම්පන්නව පලවිමයි.(පොෂ්කම ගැන ඇරියස් ඇත්තවුන්ද ඒ අතර සිටි බව සත්‍යකි) කෙසේ හෝ වේවා මේ ජඩ මාධ්‍යන් සියල්ලම සත්‍ය වසන් කලා.මුලින් එය ඔවුන්ගේ ඇති අධික තරගකාරිත්ව නිසා සිදුවු අත්වැරැද්දක් වුවද පසුව ඔවුන් සිතා මතාම එය වසන් කලා.එක්තරා නාලිකාවක් ඒ පුවත පිලිබද වාර්ථාකලේ ,“මේ සිද්දියට අදාල තවත් CCTV දර්ෂණ මේ විරාමයෙන් පසුව බලාපොරොත්තුවන්න“ යැයි පවසමින්.ඔවුන් දැන්විම් ටික විතුනාගත්තේ මරණය තව දුරටත් මේ සමාජයේ යම් ප්‍ර‍භල සංසිද්දියක් නොවන බව පසක් කරමින්.මින් පෙර මාධ්‍ය ගැන වැඩියෙන් අප කතා නොකලෙමු. මන්ද කොතරම් වැරදි තිබුනද ඒ තුල තවමත් ජනතා හඩ නියෝජනයට ඇති පුංචි ඉඩකඩ නිසාවෙනි.නමුත් තවදුරටත් මේ සිදුවන නොපනත් කම් ඔවුන්ම කියනා ලෙස ඔවුන්ව ඉහලට ඔසවා තැබු ආදරණිය සහෘද ප්‍රේක්ෂක/ශ්‍රාවකයන් ලෙස ඔබ ඉවසා සිටිය යුතුද?.එයට ඇති හොදම දේ ,සමාජ ජාල අඩවි තුල ඇති ඔවුන්ගේ පිටු වලට ගොස් නාලිකා ප්‍ර‍ානින්ගේ සිට සමස්ථ කාර්්‍යමන්ඩලයේම මව්වරුන් සිහිකරමින් මතක්  අසබ්ය වචනයෙන් බැණවැදිම නොවේතඑයද.එය අපේ ආවේගය පිටකරන්නට ඇති හොද මගත් වුවද ඉන් රටට වන යහපත් නැත. සමහර විට ඔවුන්ට තවත් එක මාකටින් ඉල්ලමක් විය හැකිය.මෙය අපේ අයියලාගේ පමණක් ඇති වරදක් නොවේය.ලෝකයේ අධිපත මාධ්‍ය සියල්ලේම ස්භාවය එලෙසය.මේ වෙනුවෙන් අපි ඔබට යොජනා කරන්නේ හැකි තරම් සබුද්ධික වන ලෙසය.ඔවුන්ගේ ජඩකම් අපට නැවැත්විය නොහැකිනම් අඩුම තරමේ ඒවාට හසුනොවි සිටිමට හෝ දැනුවත්භාවයෙන් පිටුවහලක් වෙන බැවිනි.ආන්ඩුව විවේචනය කරමින් උදේ පාන්දර කෑගහන වැඩසටන් ඉදරිපත් කරන්නන් අපේ උන්ට පෙන්නේ ජාතිය බේරාගැනිමේ දියසෙන් කුමාරයන් ලෙසින්ය.ඒකටම හරියන්න නළුවෙක් නොවන මොලයක් ඇති යැයි ප්‍ර‍චලිත රටකරවන උන්ද පාර්ලිමෙන්තුවේ ඇවිත් කෑගසා පොඩි කොල්ලන් ෆෝම් කරයි.ඇත්තටම තමන්ගේ රට ජාතිය ගැන කැක්කුමක් මාධ්‍යවේදින්ට ඇත්නම් එය සතුටට කරුණකි ඒත් පොඩ්ඩක් හිතන්න කවදාවත් නිවේදකයෙකුට/වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකුට තම මතය ප්‍ර‍කශ කරන්නට අවස්ථාවක් නොලැබෙන්නේය.එහෙම කලොත් ඊට පසුදාම ඔහු හෝ ඇය ගෙදරය.කවුරුන් හෝ පොරක් විම අපිට ගැටලුවක් නැත නමුත් ඇස්පනාපිටම බොරුව පෙනි පෙනි එය නොදැක්කා සේ සිටින්නේ ඇයි.රටේ ආන්ඩු පෙරෙලෙන කොට ඒ ඒ ආන්ඩුවේ බත්බැලයන් මුල්පුටුවලට පත්වන්නේය.අඩ සියවසකටත් වඩා අපේ රටේ සිදුවුයේ එයයි.අවාසනාවකට අද සිදුවන්නේද එයයි.මේ යහපාලන ආන්ඩුවටද මාධ්‍්‍ය ලොකු ආසාත්මිකතාවක් වි ඇත.එයට ඉදිරියේදි ලයිසන් එක ලැබෙනු ඇත.ඒ වගේම මාධ්‍යටද සමාජජාල අඩවි විටෙක පසමිතුරෙකු වන්නේය.එයට හොදම උදාහරනය වන්නේ අනුන්ගේ දවසේ වැරදි පෙන්නන්ට ගොස්  මාධ්‍ය නාලිකාවක් මේ මෑතකදි නාගැනිමයි.NEWS හිග නිසා කොහෝ හෝ කැමරාව අටවා කුමක්හෝ බහුබුතයක් තම වටිනා ගුවන් කාලය පෙන්වන සියළු නාලිකාවලට එය හොද පාඩමක්වන්නේය.
සමහර නාලිකා පටිගත කල වැඩසටහන් සජිවි ලෙස සටහන් කරමින් විකාශනය කරයි.ඔවුන්ගේම අය ද ඒ වැඩසටන්වලට දුකථනවලින් කතා කරන්නේ එහි සජිවි ගතිය රැකගැනිමටය.කලකට ඉහතදි විකාශය වු අපි නොදන්න Live වැඩසටන් පෙලින් අපට පෙන්වුයේ මේ අමිහිරි සත්‍යයයි.නමුත් එම මේ 2016දිත් මිනිසුන් මිනිසුන් එය තේරුම් ගනිවිද.අප මුදිත මාධ්‍ය ගැන කතා නොකරන්නේ ඇයි දැයි ඔබට සිතන්නට පුළුවන.නමුත් ඒ පිලිබදවද අපිට විවේචනයක් ඇත.අතිතයේදි සිංහල ඉගෙන ගැනිමට පුවත්පත් කියවිය ලොකු පිටුවහලක් වන්නේය.නමුත් අද පුවත් පත් කියවු විට අප දන්න සිංහලයද අමතක වී යයි.ඒවයේ ඒ තරමට විකෘතින්ය.දැන්විම් වලට ඉඩ ගන්න ඔනේ නිසා කුණුහරුපද තම හෙඩිමට යොදාගනිමට ඔවුන්ට සිදුවි ඇත.
ඔබේ ආලින්දයේ පුජාසනවල තබා ඇති රූපවාහිනිය හා ගුවන්විදුලිය තවදුරටත් ඔබේ ඉටුදෙවියන් නොවන බව මතක තබාගන්න.  

The Man in the High Castle (2015) [S01 : E07] with Sinhala Subtitles| සත්‍ය. [සිංහල උපසිරසි සමඟ]

කතාවේ අවසන් කොටස් හතරේ ආරම්භය විදිහට ඔන්න අද කතාව ගෙනාවා. පසුගිය කොටසෙදි අපි දැක්කා ජෙනරල් ස්මිත්ගේ තිබුන තික්ෂණ බව. ජෝට ඒ ගැන කිව්වත් ජෝ කියටවත් හිතුවේ නෑ ඒක එයාගෙත් රහස් හොයගන්න සැලසුමක් යන බව. ඒ වගේම අවසන් කොටසේ දැකපු දර්ෂනය නිසා කතාව සම්පුරනම වෙනස් වුනානේ. ඒ අනුව ආර්නොල්ඩ් කියන්නේ ජපනුන් ලග වැඩ කරන නිකං සේවකයෙක් නෙවයි අංශ ප්‍රධානියෙක්.
අද කොටසෙදි ජුලි මේක ෆෑන්කට කියනවා. ඒ වගේම නැවත වරක් අසාර්ථක වුනු සහ ලැජ්ජාවට පත්වුනු ජෝට ජෙනරල් ස්මිත් අලුත් මෙහෙයුමක් බාර දෙනවා. එ ජුලියානා ගැන රහස් සොයාගන්න. ඒකෙදි ඔවුන් දැනගන්නවා තවත් අලුත් චිත්‍රපටයක් ලැබෙන්න නියමත බව. ඒ වගේම ජුලිස් ජෝට කියනවා කලිං ඒවට වඩා මේ අලුත් චිත්‍රපටයේ වෙනසක් ඇති බව. ඒ නිසා ජෙනරල් ස්මිත් ජෝ තර්ජනාත්මක අණක් දෙනවා ඒ චිත්‍රපටය සොයාගෙන ගෙන එන්න. ඒ වගෙම ජුලිගේ අම්මා ජුලිට කියනවා ටෘඩි ඔවුන් අසල සිටිනා බව ඇයට දැනෙනවා කියලා. නමුත් අපි දන්න විදිහට ඇය මිය ගියා?. අම්මා කෙනෙකුට ඒ වගේ හැගිමක් වරදින්න පුළුවන්ද?
                                                       Download  subtitle 

The Man in the High Castle (2015) [S01 : E06] with Sinhala Subtitles| සකුරා. [සිංහල උපසිරසි සමඟ]

අද කතාව ගැන කියනවා නම් ජුලියානාට නොහිතපු විදිහට ජපන් අධිකාරියේ රැකියාවක් ලැබෙනවා. ඒ වගේම ජෝ ජෙනරල්ගේ ගෙදර සාදයට යනවා. ජෙනරල් ස්මිත් තමන්ගේ නැන්දාම්මව සාදය වෙනුනේ එක්කං එන්න ගුවන්තොටුපොලට යනවා. එහිදි ඔවුන්ට කර්නල් රැඩෝල්ෆ් වෙග්නර්ව මුනගැහෙනවා. ඔහු ස්මිත්ගේ මිතුරෙක්. පුදුම අහඹුවක් නේද? ඒක ඇත්තටම එහෙමද කියලා කතාව බලලම තිරනය කරන්නකෝ.
                     
                   Download sinhala subtitle

The Man in the High Castle (2015) [S01 : E05] with Sinhala Subtitles| විපරිතය [සිංහල උපසිරසි සමඟ]

 නාදුනන තුවක්කුකරුවෙක් ජපන්කුමරුට වෙඩිතබනවා පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනනේ. එ වගේම ලිමුවල් වොෂින්ටන් කියන්නේ කැරලිකරුවන්ගේ කදුකර නායකයා විම නිසා ජෝට බලකොටුවේ ඉන්න කෙනාව එහෙමත් නැතිනම් කැරලිකරුවන්ගේ නායකයා(දැනට දන්න විදිහට) හමුවෙන්න බැරිවුනා නේ. අදකතාවෙදි ජුලියානා වගේම ජෝත් තමන්ගේ මුල් ප්‍රෙදේශ බලා නැවත පැමිනේනවා. නමුත් ජෝ ජෙනරල් ස්මිත්ගේ අණට පිටුපෑවා මතක ඇතිනේ. එක නිසා කන්ඩායමක් ඔහුව පැහැරගන්නවා. ෆෑන්ක් සහ ජුලියානා සියල්ල නැවත යථා තත්ත්වයට ගන්න උත්සහ කලත් ඒක එහෙම වෙන්නේ නෑ කියලා ඒක හමුදා පොලිසියේ (ජපන් පොලිසිය) පරික්ෂකතුමා ජුලියානාට කියනවා. ඒ වගේම ෆෑන්ක්ට අවන්හලේදි හමුවුනු කාන්තාව මතකද ඔන්න ඇය අද ජුලියානාව මුනගැහිලා අලුත් හෝඩුවාවක් දෙනවා.
                      Download subtitle

The Man in the High Castle (2015) [S01 : E04] with Sinhala Subtitles| හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

ෆෑන්ක්ගේ හැසිරිම්වලන් පසුගිය කොටස අවසානයෙදි අපිට අනුමාන කරන්න පුළුවන් වුනා ඔහු කරන්න යන දේ ගැන. අද කතාංගයෙදි ජුලියානා තමන්ගේ රාජකාරිය අවසන් කරනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ high castle වල ඉන්න කෙනාටම එක බාර දෙන්නයි. ඒ වගේම ජෝට ඒක නිසා කැරලිකරුවන්ගේ නායකයා ලගට යන්න හොද අවස්ථාවක් සැලසෙනවා. නමුත් ජෙනරල් ස්මිත් ජෝට පවසනවා කන්ද උඩ බලකොටුවේ ඉන්න කෙනා (The Man in the high castle) හමුවුනොත් තම ජිවිතය පුද කරලා හරි එයාව ඉවරයක් කරන්න කියලා. නමුත් ඔහු තව දෙයක් කියනවා. ඒ තමයි ජෝ සතුව තියෙන චිත්‍රපටය කිසිවිටෙකත් කැරලිකරුවන්ට ලබා නොදෙන ලෙස. නමුත් ජෝ එ චිත්‍රපටය කැරලිකරුවන්ට ලබාදෙනවා. ඒ වගේම ජපන් කුමරුගේ මහජන රැස්විම අතරේ කුමන්ත්‍රනයක් සිදුවෙනවා. ඔය අතරේ ෆෑන්ක් අවිය සගවාගෙන ඒ රැස්විමට යනවා. කුමන්ත්‍රනයත් රැස්විමේදි වුනු අනපේක්ෂිත දෙයක් නිසා වැලකි යනවා. එඩ් ජුලිස්ට කියනවා ෆෑන්ක් කරන්න යන විනාශය ගැන. නමුත්ෆෑන්ක්ව බේරගන්න ජුලි නැවත ඔහු සොයා පැමිනේවිද? මොකද ඇයට ලොකුම අවශ්‍යතාවක් තියෙනවා මේ චිත්‍රපටි පිලිබද රහස දැනගන්න.
                  
                     Download sinhala subtitle

The Man in the High Castle (2015) [S01 : E03] with Sinhala Subtitles|

පසුගිය කොටස අවසන් වුනේ ජුලිස් විසින් නාසි නියෝජිතයා ඝාතනය කිරිමත් සමගයි.අවසාන දර්ශනේදි අපි දකිනවා ෆෑන්ක් විසින් අඳිනලද ජුලියානාගේ සිතුවම පාරේ වැටිලා තියෙනවා.ඒක ෆෑන්ක් සහ ජුලියානාගේ පෙම් සබධතාව බිදිවැටිමේ සංකේතාත්මක නිරූපනයක්.මින් ඉදිරියට අපිට දකින්න වෙන්නේ තුන් ඈදුතු පෙම් කතාවක් .නමුත් මේ කතාමාලාව විකාශනයවු කාලයේදි ජෝ සහ ජුලියානා අතර ඇතිවෙමින් පවතින පෙම් සබධතාවන්ට ප්‍රෙක්ෂකයන්ගෙන් එල්ල වුනේ දැඩි විරෝධයක්.මොකද ඒක කතාවේ ගලායෑමට බාධාවක් කියලා.
කොහොම නමුත් 7.9අගයක් ගන්නා අද කතාව  පසුගිය කොටසේ  දිගුවක් ලෙස දිගහැරෙනවා.ෆෑන්ක් තම සොහොයුරියගේ මරනය ඇයගේ ස්වාමියාට(මස්සිනාට) පවසනවා.ඔහුගෙන් එල්ලවෙන දැඩි චෝදනා නිසා ෆෑන්ක් ඉතා දැඩි තිරනයකට එලඹෙනවා.ඔය අතරේ තමයි ජපන් කුමාරයත් ඇමරිකාවට එන්නේ.අපි දැනටමත් දන්නවා ඔහුගේ සංචාරය හා බැදුනු කුමන්ත්‍රනයක් ඇති බව.ඒ ගැන වැඩි විස්තරයක් අද කතාවේ බලන්න පුළුවන්.ඒ වගේමයි මේ කතාමාලාව ඇත්තටම විද්‍යා ප්‍රබන්ධයක්.නමුත් කතාවේ ඒක සුවිශේෂි තැනකට එනකං ඒ බව ප්‍රෙක්ෂකයාගෙන් වසන් කරනවා.ඔන්න අද කතාවේ ඒකට පොඩි ඉගියක් දෙනවා.ඒ තමයි අපේ දෛවයේ විකල්පයන් ගැන.මේ ගැන වැඩි විස්තර ඉදිරියේදි අපි බලමුකෝ.
                Download torrent (290 MiB)
                        Download sinhala subtitle

Made in Sri Lanka | කොවුර් සහ නුතන හේතුවාදියෝ 2

ලංකාව ලෝකේ අනිත් රටවලට වඩා හරි වෙනස් නිසාද කොහෙද අපේ රටේ හේතුවාදියොනුත් හරි වෙනස්.සාමානයෙන් ලෝකේ අනිත් රටවල ඉන්නවායැයි කියන හේතුවාදිටත් ඔවුන් එකතුවි සාදාගත් සංගම් වලත් විවිධ විෂයන්ගේ ප්‍රාමානිකයන් මෙන්ම විද්වතුන් ඇතුලත් වෙනවා.නමුත් ඔවුන් යාවත්කාලිනවු විද්‍යාව මිනුම් දන්ඩක් ලෙස භාවිත කරද්දි  අපේ අතිපණ්ඩිතයන් තමන්ට හිතෙන හිතලු තමයි මිනුම් දන්ඩ ලෙස යොදාගන්නේ.ඕක තමයි තියෙන වෙනස .මිත්‍යාවට අප්‍රමාදිව පහර ගැසිය යුතුයි.අහිංසක මිනිසුන් ගොනාට අන්දවමින් තම මඩිය තරකරගන්නා සාස්තර,කේන්දරකරුවන්ටත් තක්කඩි කට්ටයන්ටත් තම ජාවාරම් තවදුරටත් කරගෙන යන්නට ඉඩදියයුතු නොවේ.නමුත් මේ හේතුවාදින් යැයි කියාගන්නා පිරිස ඒ සදහා ගෙන යන වැඩපිලිවෙල කුමක්ද?. අප දන්නා තරමින් කුමක් හෝ නොදන්නා හේතුවක් නිසා ඔවුන් තර්ක කිරිමේ අදක්ෂයෝය. ඒකට පුංචි උදාහරනයක් දෙන්නම් මෑත කාලයේදි විද්‍යුත් මාධ්‍යක නොපෙනෙන බලවේග ගැන(Media වල marketing වෙනම කතාකරමු)කතාකරන්න ආපු වෛද්‍යවරයා, තම ප්‍රතිපාර්ශවය  වන තක්කඩි කට්ටඩියන් පෙන්වු සියළු වැඩකිඩ ඔහු පැහැදිලි කල විදහ හරි අපුරුය.ඔහු එම විජ්ජාවන් නිර්දය ලෙස බැහැර කලේ "මම එක දවසක් ඔක මගේ යාළුවන් සමග ඕක කරලා බැලුවා මටත් ඔය දේම ලැබුනා.ඒක නිසා ඔය යන්ත්‍රමන්ත්‍ර වැඩ බොරුවක්"  ඔහු සියල්ලම පැහැදිලි කරන්නේ එලෙසයි.එය නරඹු ඕනෑම කෙනෙකුට සිතෙනුයේ එතුමා යහළුවන් සමග නොකෙරු දෙයක් නැති තරම් කියාය.ඔහු කලේ තමා දන්නා විද්‍යාත්මක ක්‍රමය එම කතා තුලට ඈදමින් කතාව ඉදිරිපත් කිරිමයි.එය කොතරම් අභව්‍යද.වඩාත් භයානකම දෙයනම් ඒ තක්කඩි කට්ටඩියන්ට වැඩි වාසි අත්විමයි.විද්‍යාව ඒ ජාවාරම්කරුවන් ඉදිරියේ කටඋත්තර නැති කලේ උඩගු,යමක් පැහදිලිව ප්‍රකාශ කිරිමට අසමත් වෛද්‍යවරයාය මිස විද්‍යාවේ වරදිකින් නොවේ.අවාසනාවට ප්‍රෙක්ෂකයන්ගේ කි දෙනෙකු එය තේරුගන්නට ඇතිද.වෛද්‍යවරයා නොපෙනෙන ශක්තින් නැතැයි දිගින්දිගටම ප්‍රකාශ කලා .ඇත්තටම විද්‍යාව නොපෙනෙන ශක්තින් පිලිගන්නැද්ද?

The Man in the High Castle (2015) [S01 : E02] with Sinhala Subtitles|අරුණෝදය[සිංහල උපසිරසි සමඟ]

අලුත් කතාමාලාවේ දෙවැනි කොටස ඔන්න අරං ආවා. පලමු කොටස බැලුවම පැහැදිලි ඇතිනේ IMDb 8.1 වගේ අගයක් ලැබිම හොදටම සාධාරනයි කියල. එහෙනම් අද කතාවට යන්න කලිං කොටසේ තැන් කිහිපයක් පැහැදිලි කරගමු.ඒ කොටසේ දි පෙන්වන චිත්‍රපට රීල් එකේ grasshopper lies heavy කියලා සදහන් වෙනවා. ඒ ගැන විවිධ අර්ථ තියෙනවා.මේ කතාවට වඩාත්ම සම්බන්ධ අර්ථය ගැන මේ දෙවැනි කොටසින් කතා කරනවා. තවත් මතයක් තමයි අපි දන්න ඉතිහාසයට අනුව ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් යුද්දය දින්නට පස්සේ ඇමරිකාව රටවල් පාලනය කරන්න යෙදු දේශපාලනික උපක්‍රම නිසා ඇමරිකාවට “තනකොලපෙත්තා” කියලා කියනවා. එවගේම ඒ කොටස බැලුවම පැහැදිලිවෙනවා ඇමරිකාව දෙකට බෙදිම ගැන ප්‍රභල නාසි නිලධාරින්ගේ වැඩි කැමැත්තක් නැතිබව. ඒ නිසා නාසින් ජපාන බිදවට්ටන්න කරන උපක්‍රමත්, ජපනුන් තම බලය තහවුරු කරගන්න දරන වෑයමත් ඉදිරියෙදි බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම ග්ලොබෙල්ස්ගේ සුප්‍රසිද්ධ න්‍යාය බොහෝම ජයට ඇමරිකාව තුල භාවිත කරන බව පලමු කොටසින්ම පෙන්වනවා.
අද කතාවේදි ජුලියානාට හමුවෙනවා එක්තරා අමුතු මනුස්සයෙක්. ඔහු ඇයට යම් ඉගි වගයක් ලබා දෙනවා මේ “තනකොලපෙත්තා” ගැන. ඇය ඒ හෝඩුවවන් පසුපස යද්දි. ෆෑන්ක් තවත් උභතෝකෝටික අවුලක මැදිවෙනවා. මොකද ජපන් පොලිසිය ඔහු සහ ඔහුගේ සොහොයුරිය යුදෙව් සම්භවක් ඇත්තවුන් බව සොයාගන්නවා. ඔහුට තෝරාගන්න වෙනවා පෙම්වතියද නැතිනම් සොහොයුරිය සහ ඇගේ දරුවන්ද කියන එක පසුගිය කොටසේ වගේම මේ කොටසෙදිත් අවසන් විනාඩි කිහිපයේදි කතාව වෙනස් වෙනවා. ජුලියානා අයිකිඩෝ ඉගෙන ගත්ත එකනම් පාඩුවක් වෙලා නෑ වගේ. 
            Download Tortent (290 MiB)
              Download sinhala subtitle

කොවුර් සහ නුතන හේතුවාදියෝ - සංවාදයට විවෘතයි


Palinguwa android app

 මේ දවස් වල හේතුවාදි සංගමය ගැන ගොඩක් දෙනා කතා වෙනවානේ. ඔය හේතුවාදී සංගමය පිලිගන්න (මල් තියලා වදින) කොවුර් තුමා එහෙම නැතිනම් ආචාර්‍ය ඒබ්‍රහිම් කොවුර් මහතා ගැන කරුණු කිහිපයක් අද සාස්තරයට තෝරා ගත්තා.
  ඇත්තටම ඒතුමා යම් යම් වැරදි විශ්වාස මිනිස්සුන් ගෙන් ඉවත්කරා තමයි,හැබැයි එතුමා හරියට විද්‍යාවනම් හදාරලා නැති ප්‍රාථමික භෞතිකවාදියෙක් . විද්‍යාව වෙනුවෙන් _ _ _ උපාධියක් තිබු පමනින් ඔහු හෝ ඇය විද්‍යාව හදාරා ඇති බව පවසන්න බෑ (ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව) . කොවුර් ගේ විග්‍රහයන් බැලුවමත් ඒක පේනවා. කොහොම උනන් එතුමා හොදටම දන්න දෙයක් තියෙනවා ඒ මොහනය කිරිම. නමුත් හිතවතුනි මොහනය මගිනුත් සෑම පුද්ගලයෙක්ගෙම සත්‍ය හෙලි කරගන්න බෑ.(හොයලා බලන්න) එතුමා සෑම තැනකම යොදා ගත්තේ මේ මෝහනය. 
          ඔබ බෞද්ධයෙක් නම් ඔබ දන්නවා පිරිත් නූලක තිබෙන ශක්තිය ඒක මේ L.E.D බල්බ දල්වුවා වාගේ ආලෝකය නොවිහිදුවාට ඒතුල ශක්තියක් තිබෙනවා. ඒත් කොවුර් කියනවා ධ්වනි ශක්තිය නම් එහි තියෙන්නේ එහෙනම් ඒකට හොද කපු නූල් නොව හොද තඔ කම්බි කියා.
         නමුත් වර්ථමානයේ ජලයේ අනුක ස්භාවය පවා පිරිත් මගින් වෙනස් කරන්න පුලුවන් කියලා බටහිර විද්‍යාව දැනගෙන තියෙනවා.
       ඒත් තාම අපේ රටේ වැඩි දෙනෙක් තාම කොවුර්ව අදහනවා.
                   *                        *                         *
 ලංකාවේ සංවාදාත්මක හරසරණියටත් මනෝ වෛද්‍යවරු ගෙන්වනවා සංවාද වලදි බුදු දහම ගැනත් මේ ගොල්ලො කතා කරනවා ඇත්තම ඒක කොතරම් විහිලුවක්ද
              බුදු දහමේ පදනම සිත නමුත් තවම මනෝවිද්‍යාව සිත කියලා දෙයක් දන්නේ නැහැ.  තනිකරම කපාල විද්‍යාවක් විතරයි.

The Man in the High Castle (2015) [S01 : E01] with Sinhala Subtitles | අලුත් ලෝකයක්. [සිංහල උපසිරසි සමඟ]

The man in The high castle 2015 වසරේ නිර්මානය වු විශිෂ්ඨම කතා මලා 10 අතරින් දෙවන ස්ථානයේ තියෙන මේ කතාව IMDb දර්ෂකයේ 8.1 වගේ සුපිරි අගයට හිමිකම් කියනවා. මේ කතාවට පාදක වෙන්නේ දෙවන ලෝක යුද්ධය. අපි දන්න ඉතිහාසයට අනුව නම් දෙවන ලොක යුද්ධයේදි ජර්මනිය අතුලු අක්ෂ පක්ෂයට අයත් රටවල් පරාජය වුනානේ. නමුත් මේ කතාවේ කියවෙන්නේ ඒකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ ජර්මනිය සහ ජපානය දෙවන ලොක යුද්ධය ජයගත් පසු ලෝකයට සිදුවන දේ. ඇත්තටම මේ කතාව විකල්ප ඉතිහස ගනයට අයත් වන කතාවක්. 1962 දි මේ නමින්ම Philip K. Dick විසින් රචනා කල කෘතියක් ඇසුරෙන් තමයි කතාව නිර්මානය වෙලා තියෙන්නේ. මෙහි නිර්මාන අධ්‍යක්ෂනය Frank Spotnitz. ඒවගේම Rufus Sewell, Alexa Davalos, Rupert Evans, Luke Kleintank සහ DJ Qualls ඇතුලු නලුනිලි කැලක් මීට දායක වෙනවා.කතාව ආරම්භ වන්නේ ජර්මනිය සහ ජපානය විසින් ඇමරිකාව කොටස් දෙකකට බෙදා පාලනය කරන සමයක් පිලිබදවයි. ජර්මනිය විසින් නාසි අධිරාජය ලෙස ඇමරිකාවේ නැගෙනහිර කොටසත් ජපානය විසින් ජපන් පැසිපික් ජනපදය ලෙස ඇමරිකාවේ බටහිර කොටසත් බෙදා වෙන්කරගන්නවා. මේ කලාප දෙක අතර පවතින කදුකර භූමිය නිර්පාක්ෂික පෙදෙසක්. එහි ජර්මනියට හා ජපානයට විරුද්ධ කැරලිකරුවන් වෙසෙනවා. අපේ කතා නයිකාව වන ජුලියානා ජපන් පැසිෆික් ජනපදයේ ජිවත්වන තරුණියක්. ඇගේ පියාව ජපන් සෙබලුන් විසින් ඝාතනය කරනවා. ඇගේ මව දෙවන විවාහයෙන් ටෘඩි නමින් තවත් සහෝදරියක් ජුලියානාට ඉන්නවා. කාලයක් අතුරුදහන්ව සිටි ටෘඩි ජුලියානාට එකවර මුණ ගැසෙනවා. ජුලියානාට සිනමාපටයක් දි ඇය නික්මෙනවා. නමුත් වැඩිදුරක් යන්නට මත්තෙන් ජුලියානා ඉදිරිපිටම ඇය ජපන් පොලිසියේ වෙඩි පහරින් මිය යනවා. ජුලියානට ලැබුනු සිනමා පටයේ ඇත්තටම තියෙන්නේ කුමක්ද. ටෘඩි ඝාතනය වෙන්න තරම් ඒක බරපතල දෙයක්ද?        

                               Download torrent (211MiB)     
        
                              Download subtitle from Here
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive