Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

My Sister’s Keeper (2009) | ඔබ වෙනුවෙන්ද මා [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුලක ඇති බැදිම් හා වගකිම් ගැන හරිම අපුරුවට කියාදෙන සලරුවක් මේක. මේක ඒක චරිතයක් වටා ගොනුවුණත් අනෙක් චරිත වල සිතුම් පැතුම් මේ කතාව තුළ දිග හැරෙනවා. පහළ විස්තරෙත් තියෙන නිසා වැඩි දෙයක් කියන්නෑ. වෙනදා වගේම මේ සදහා උපකාර කල බයිස්කොප් අඩවියේ සියලුම සොයුරන්ට ස්තුතිය පුද කරනවා. මතක ඇතුව ඔයාගේ අදහස් හා චෝදනා (තියෙනවානම්) පහළින් දාන්නකෝ තවත් උපසිරසකින් නැවත හමුවෙමු.
මීට කලින් පළකළ ලිපිය.
ඔන්න අද මම ටිකක් බොක්කට වදින බයිස්කෝප් එකක් අරගෙන එනවා. නාට්‍යම ලක්ෂණ එමටයි. අනිවා බලන්නකෝ.
ඉතාමත් ප්‍රසිද්ධ වුන පොතක් ආශ්‍රයෙන් තමා මේ කතාව නිර්මාණය කරල තියෙන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි. ලස්සන පවුලක් තියෙනවා, ඉතාමත් අවාසනාවන්ත තත්වයකට මුහුණපාල සිටින. ලියුකේමියා රෝගී තත්වයෙන් පෙලී සිටින දියණියක් බේරා ගැනීමට ජානමය වෙනස් කිරීමකට ලක් කර, කෘතිමව තව ළමයෙක් මේ දෙමව්පියන්ට හදන්න සිදු වෙනවා.
මොහොතකට හිතන්න, තමන් මේ ලොවේ එළිය දුටුවේ තව ජීවිතයක් බේරා ගැනීමට මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි කියල දැන ගත්තොත්. එහෙම දැනගෙන උදව් කරන්න ප්‍රතික්ෂේප කලොත්? ඒ හේතුවෙන් මුළු පවුලම දෙදරා ගියොත්?
Cameron Diazගේ අපූර්ව මෙන්ම වෙනස් රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය ඔබේ බයිස්කෝප් එකතුවට එක් කරගන්න අමතක කරන්න එපා. IMDB හි 7.4/10 ක ශ්‍රේණිගත කිරීමකට ලක් වෙලාත් තියෙනවා. 
                                        සිංහල උපසිරැස මෙතනින්
                                         ටොරන්ට්  එක මෙතනින්

No comments:

Post a Comment

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive