Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

දකුණු කොරියාව එපා කරවන ලදී ! :-(

මෑත කාලයේ සිට අපේ රටේ කොරියානු (දකුණු කොරියාව) කතා මාලාවන් පෙන්වීම වසංගතයක් මෙන් බෝවෙලා. ඒ නාලිකාවල මේ විකාරය බොහෝ විට සිදු කරන්නේ ඒවායේ අලවි අංශයෙන් . ඒ ඔලමොට්ටලයන්ට නොතේරුණ කරුණ නම් ඕනේම දෙයක් ඕනෑවට වඩා ඔනේම නැතිබවයි.
එකම වර්ගයේ දර්ෂණ තල , ඇදුම් ආයිත්තම් , සංස්කරන රටාවන් දැන් අපේ රටේ ප්‍රේක්ෂකයාට එපා වී ගොසිනි. දෙයක් ජනප්‍රිය වූ විට එයම පට්ට ගසන්නට වී තිබෙන්නනේ ජාතියේ අවාසනවට ජාතික නාලිකාවලිනි. කොරියානු ඓතිහාසික කතා හොදය. නමුත් මෙලෙස පට්ට ගැසිමෙන් නැවත සිදුවන්නේ ප්‍රේක්ෂක රසවින්දනයට හානි කිරිමක් නොවේද.
වෙනදාට රාජ්‍ය මාධ්‍ය පෞද්ගලික නාලිකාවලින්වත් බලා තම වැඩසටහන් වෙනස් කරගත්තේය.
නමුත් අද පෞද්ගලික නාලිකාවලින්ද පෙරකී ඔලමෙට්ටලයම ක්‍රියත්මක කරන්නට සැරසේ.
චීනෙට වඩා මෙහෙ චීන අවන්හල් තියෙනවා වගේම , අපි කොරියානුවන්ට වඩා කොරියන් කතා නරඹන යුගය වැඩි ඈතක නොවේ.
                                     
එහෙම නොවේව‍ා කියා අපි ප්‍රාර්ථනා කරමු !

No comments:

Post a Comment

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive