Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

තමන්ටම කියලා සොෆ්ට්වෙයා හදාගන්න මෙන්න නියම වැඩකෑල්ල

පරිඝනක මෘදුකාංගයක් නිර්මානය කරනවා කියන්නේ හරිම සංඛිරන දෙයක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මෘදුකාංගයක් හදන්න අවශවන අදහස ඔයාටලත් ඇති හැබැයි ඒක හදන්න පරිගනක ක්‍රමලේඛන භාෂාවක් (Programming Language) අන්න ඒකට විසදුමක් විදිහට අද මම ඔයාලට ගේනවා නියම සොෆ්ට්වෙයා ඒකක්. හරියටම කිව්වොත් සොෆ්ට්වෙයා හදන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් . හැබැයි මේකේ නොමිලේ දෙන සංස්කරනයේ දි ඔයාට  මෘදුකාංගයක් .exe විදිහට හදන්න ලැබෙන්නේ පැය විසිහතරකට එක් වරක් පමනයි ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එක compile කරන්න ලැබෙන්නේ ඒක දවසකට වතාවක් පමනයි. ඒ වගේම මතක තබාගතයුතුදේ තමයි වෙනත් ක්‍රමලේඛන භාෂාවලින් කරන හැමදේම මේකෙන් කරන්න බෑ හැබැයි අපිට වැදගත්වන බෝහෝමයක් දේවල් මේකෙන් කරන්න පුළුවන්.
                                                   ALGORITHM 2
                                                           
                                                              Download Here

බලධාරියා විසින් කපාහරින ලදි

අද කියන්න යනනේ මේ වෙන‍කොට සයිබර් අවකාශයේ අපේ කට්ටිය අතරේ තියෙන සංවාදයක් ගැනයි. ඒත තමයි විදේශිය "වැඩිහිටියන්ට පමණයි" හෝ "අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි" කාන්ඩයේ සිනමාපට අපේ රටේ ප්‍රසිද්ධ කිරිම සුදුසුද යන වග.
ඒක බෝහෝම සංවේදි වගේම බැරැරුම් මාතෘකාවක් නමුත් කියන්න තියෙන්නේ අපේ රටේ මේ සම්බන්ධයෙන් කෙරුණ සමික්ෂණ බොහොම අඩුයි.කට්ටියක් මේකට විරුද්ධව දක්වන හේතුව තමයි මේ සම්භාව්‍ය හෝ සම්මානනීය චිත්‍රපට වුවත් මෙවායේ අසබි දර්ෂණ ලාංකික ප්‍රක්ෂකත්වයට නුසුදුසු බව. නමුත් එහෙම තිරනයක් ගන්න කාටද අයිතියක් තියෙන්නේ . අනෙක් ශ්‍රීලංකා පොලිසියේ වාර්ථා අනුව ස්ත්‍රි දුෂණ කල අයගෙන් අති බහුතරය(73%) කෙදිනකවත් අසැබි අනත්ර්ගතයක් නොබැලු අයයි.ඒ අනුව මේවායේන සෘජු හානියක් සාමාජයට ඇතිදැයි සොයැබැලිය යුතුයි.(වෙනත් හානි නැතුවාම නොවෙයි)
අනෙක විද්වත් ප්ලේටෝ කියලා තියෙනවා කලා නිර්මාණයක් කිසිදා අපේ ජිවිත වලට බලපෑමක් ඇති නොකරන බව. අන්න එ් කතාවෙන් එක ගැටලුවකට පිලිතුරක් ලැබුනත් තවත් ප්‍රශ්ණයක් පැනනැගෙනවා .
               ඒසේ නම් මේ කලා කෘති නිර්මාණය කරන්නේ කුමකටද කියන එක. ඇත්තටම සාස්තර පුංචාට හිතෙන විදිහට නම් කලාකරුවාද යම් මායාවක පැටලි ඉන්නේ . මොකද ඔවුන් සිතනවා ඔවුන් දකින්නේ මිනිස් ජිවිතවල සැබෑ යතාර්ථය බව. ඒක නිසා ඔවුන් සමාජයේ සැගවිගිය සමහර කාරණා සමාජය ඉදිරියට ‍ගේන්න උත්සහාකරනවා . නමුත් ඇත්තනම් මේ සියල්ලම එකිනෙකා විසින් මවාගන්නාලද මතිමතාන්තර බවයි. උදාහරනයකට කලකට පෙර අපේ රටේ භික්ෂුන් වහන්සේලාගේ ‍‍ෙලෟකික ජිවිත අලලා චිත්‍රපට බිහිවුවා නමුත් ඒවා සියල්ලම අදාල නිර්මාණකරුවන්ගේ හුදු කල්පිතයන් පමනයි.(යම් සිදුවිම් සත්‍ය වියහැකියි)
ලෝක සිනමාවේ විචාරක ප්‍රසාදයට පත්වු බෝහෝසිනමා පට තුල මිනිසාගේ අභ්‍යන්තර මානසිකත්වය පිලිබද කතාකරනවා.අවාසනාවකට අපේ රටේ අය මේ සිනමාපට වල අසැබි දර්ෂණ අල්ලාගෙන මුළුසලරුවම නිර්ධය ලෙස වි‍වේචනය කරනවා .නමුත් මොහොතකට සිතා බලන්න ඇත්තටම අපි අන්තගාමි විය යුතුද?
කුඩා දරුවාටත් අන්තරජාලයට පිවිසෙන් පුළුවන් නිසා මෙවැනි චිත්‍රපට ජනප්‍රිව වෙබ් අඩවි තුලින් පලකිරිම නුසුදුසුද? දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දෙන්න බැරිවු නිසා ඔවුන් නොමග යෑම නිසා තවකෙනෙකුගේ රසවින්දනයට බාධාකිරිම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදිද ? සිතන්න ඔබත් මේ ගැන


විවෘතය විකිණිමට තිබේ

පළිගුව කවදාවත් පාට පක්ෂ දේශපාලනය ගැන කතාකලේ නෑ.                                                               
නමුත් අද මේ කතාකරන ප්‍රශ්නය  ගැන කතා කරද්දි එහෙම දේශපාලනයක් පළිගුවෙත් තියෙනවද කියලා ඔබට සිතෙන්නට පුළුවන්  
සහෘද පාඨකයිනේ මෙය අපගේ අතිශය පෞද්ගලික අදහසක් පමනක් බව කරුණාවෙන් සලකන්න.         



ඊයේ(30) නාවල විවෘතය ඉදිරපිට දැවැන්ත විරෝධතාවක් තිබුනා.ඉතිං සාස්තර පුංචාත් කිට්ටු කරලා බැලුවා මේ මොකද වෙන්නේ කියලා . එතකොට දැනගන්න ලැබුනා විවෘතය විකුන්න දාලාලු 

ගිය වසරේ පටන් විවෘත විශ්ව විද්‍යාලය පෙර නොවුවිරූ අන්දමින් වෙනස්වන්නට විය.එයට හේතුවුවාවයි සැලකෙන්නේ එහි වර්ථමාන උපකුලපති ආචාර්‍ය විජිත නානයක්කාර මහාතාගේ පැමිනිමයි. ඒ සමග එතෙක් තිබුනු සියළු ශිෂ්‍ය සංගම් නැවත පිහිටුවිම දින නියමයක් නොමැතිව කල් දමන ලදි . එමෙන්ම එතෙක් පැවිති ගාස්තු සංශෝධන ක්‍රියවලිය සම්පුරනයෙන්ම වෙනස් කරන ලදි. උදාහරනයකට සමානයෙන් විවෘතයේ ගාස්තුව වසරින් වසර වැඩි වුයේ 10% වැනි ඉතා සුලු මුදලකිනි. නමුත් 2013/2014 අධ්‍යන වර්ෂයේ එය 120% ඉහල නැංවිය. එමෙන්ම උපකුලපතිවරයා පුවත්පතක් සමග කල සාකච්චාවකදි මෙය 300% වියයුතු බව ප්‍රකාශ කර තිබුනි ( 2014-08-24 රාවය) . 


? එහෙම වුනේ ඇයි ?

උපකුලපතිතුමා ප්‍රකාශකරන අන්දමට වි.වි.ප්‍ර. කොමිෂන් සභාව විවෘතයට දෙන මුදල කප්පාදු කරලාලු .නමුත් සිසුන්ගේ අදහසන් උපකුලපතිතුමන් නිවැරදි ඉලක්කයන් සපුරා නොගත් නිසා වි.වි.ප්‍ර. කොමිෂන් සභාව මේ ප්‍රතිපාදන කප්පාදු කල බවයි.
අනික විජිත නානයක්කාර මහතා කියන්නේ ගියවර මහාමැතිවරනයෙන් ඡන්දය ඉල්ලා පරාජය වුනු අපේ්ක්ෂකයෙක් .එවගේම මහාචාර්‍යවරු උගන්වන මේ විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරයෙක් තමයි උපකුලපති
මේක තනිකරම දේශපාලන පත්විමක්.

? එ්ත්ඇයි මේකට අරගල කරන්නේ මේක පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නේද?
 -නෑ
 විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ
1978 පාර්ලිමෙන්තු පනතක් මගින් පිහිටවු විශේෂ අධ්‍යන ආයතනයක්,  නෛතික හා අධ්‍යනය මට්ටමවලන් අනෙකුත් සම්ප්‍රදායික විශ්වවිද්‍යාල හා සමාන වේ. විවෘතය කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15 එකක්. මෙය කිසිසෙත්ම අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නොවෙයි
ශ්‍රිලංකාවේ විශාලතම රාජ්‍ය විශ්වවිද්‍යාලයත් මෙයයි(ශිෂ්‍ය සංඛ්‍යාව මත)

? එත් මේකට මුදල් ගන්නවානේද ?

 යම් මුදලක් අය කරනවා නමුත් එය සිසුන්ට ලබාදෙන ඉගෙනුම් උපකාරක (පෙළපොත්) සදහා පමනයි .අනෙක් සියළුම මූල්‍යමය අවශතා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ලැබෙනවා.ඒ අනුව සිසුන්ට තම උපාධිය වෙනුවෙන් දැරිමට සිදුවුයේ එහි මුලු වියදමින් 25% පමනයි

? දැන් මොකද වෙන්නේ

දැනටත් ක්‍රිඩාවන් හා සියළු කලා කටයුතු උපකුලපති තුමා තහනම් කරලා. 2012දි විශ්වවිද්‍යාල ශ්‍රේණි ගතකිරමේ 4 වෙනි තැන තිබුනු විවෘතය අද 7 තැනට වැටිලා.
වර්ථමාන තත්ත්වය අනුව එය  ඉදිරියේදි පහල මධ්‍යමපාන්තියන්ට තහනම් කලාපයක් වේවි .එමෙන්ම එය අර්ධරාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස ඉදිරියෙදි නැවත පිහිටුවාවි.38000 පමණවු වාර්ෂික ශිෂ්‍ය සංඛයාව ඉතා අවම වේවි
බරපතලම කාරනය එය රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලිකකරනයේ පලමු පියවර විමයි.

ඔබත් මමත් විදින මේ නිදහස් අධ්‍යාපනයේ අවසානය වැඩි ඈතක නම් නොවනවගයි මේක දැකපු සාස්තර පුංචාට නම් සිතුනේ.

                                        
                                        කපා කොටා - කෑලි කපා
                                   අප වලකනු   - සිතනු එපා!


විශේෂ ස්තුතිය - විවෘත විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව

වාරියපොල නංගි ඇත්තටම NEWS එකක්ද ?

අපේ රටේ රූපවාහිනි නාලිකා වල ප්‍රවෘත්ති සදහා ප්‍රමිතියක් නැති බව ඇත්තය.නමුත් ඔවුන් යම් සම්මුතියක් රැකගෙන ආවේය  නාලිකාවක නිවුස් එකක් වන්නට නම් එ සිදුවිම සැපිරිය යුතු සුදුසු කම් ගොන්නක්ද තිබුනි.ඒඅතර ප්‍රධාන වශයෙන්ම එම සිදුවිම රටේ මහජනයාට බලපාන දෙයක්ද යන්න ඉහලින්ම සලකාබැලන ලදි.
නමුත් පසුගියදා සිදුවුබව කියන වාරිපොල තරුණියගේ ප්‍රහාරය ප්‍රධානපෙලේ කිසිදු මාධ්‍යක් අවරනය නොකරන ප්‍රවෘත්තියක් පමනක්ම විය. නමුත් සමහර මාධ්‍යට එය රස පුවත්ක් විය මේසටහන්න එගැනයි.
සමාජ ජාල තුල වේගයෙන් පැතිරුනත් එම සිදුවිමේන් අපට ඇති දෙයක් නැත. කොල්ලෙක් කෙල්ලෙක් ඉදිරයේ හිස පත්කරගෙන හොද හැටි ගුටි කන සිදුවිමකි (තරුණයා නිවැරදිකරු නොවන්නට ඇත).
නමුත් ඔබ අප යනෙන බස්රථයේ අනග රුගුම් පානා මැදිවියේ පිරිමි මිටත් වඩා සුපිරි ලෙස කාන්තාවන්ගේ ප්‍රහාරවලට ලක්වන අයුරු දැක ඇත. මේ යන විදිහට එවාද ඉදියේ නිවුස් ලෙස රාත්‍රියේ අපට දකින්න ලැබේවි. නාලිකාවක වගකිම දොදැන නිවුස් වලින් 1st බව කිවට ඔනෑම කුණු ගොඩක් විකාශනය කරන්නට තරම් ඔවුන්ගේ රේටිංස් අඩුවිලාදැයි අපට සිතේ
මෙහි භයානකම දේ අපේ රටේ නාලිකා වල ප්‍රවෘත්ති වල විශ්වාසනියත්වය පිලිබද අවුලකි
සිතන්න ඔබ ජිවත් වන මේ රටේ නාලිකාවකට නිවුස් නැති හැටි
 ඇත්තටම ඒ සිදුවිම ටිවි එකේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වියුයුතුව තිබුනු දෙයක්ද ?
                    *               *                   *

My Sister’s Keeper (2009) | ඔබ වෙනුවෙන්ද මා [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුලක ඇති බැදිම් හා වගකිම් ගැන හරිම අපුරුවට කියාදෙන සලරුවක් මේක. මේක ඒක චරිතයක් වටා ගොනුවුණත් අනෙක් චරිත වල සිතුම් පැතුම් මේ කතාව තුළ දිග හැරෙනවා. පහළ විස්තරෙත් තියෙන නිසා වැඩි දෙයක් කියන්නෑ. වෙනදා වගේම මේ සදහා උපකාර කල බයිස්කොප් අඩවියේ සියලුම සොයුරන්ට ස්තුතිය පුද කරනවා. මතක ඇතුව ඔයාගේ අදහස් හා චෝදනා (තියෙනවානම්) පහළින් දාන්නකෝ තවත් උපසිරසකින් නැවත හමුවෙමු.
මීට කලින් පළකළ ලිපිය.
ඔන්න අද මම ටිකක් බොක්කට වදින බයිස්කෝප් එකක් අරගෙන එනවා. නාට්‍යම ලක්ෂණ එමටයි. අනිවා බලන්නකෝ.
ඉතාමත් ප්‍රසිද්ධ වුන පොතක් ආශ්‍රයෙන් තමා මේ කතාව නිර්මාණය කරල තියෙන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි. ලස්සන පවුලක් තියෙනවා, ඉතාමත් අවාසනාවන්ත තත්වයකට මුහුණපාල සිටින. ලියුකේමියා රෝගී තත්වයෙන් පෙලී සිටින දියණියක් බේරා ගැනීමට ජානමය වෙනස් කිරීමකට ලක් කර, කෘතිමව තව ළමයෙක් මේ දෙමව්පියන්ට හදන්න සිදු වෙනවා.
මොහොතකට හිතන්න, තමන් මේ ලොවේ එළිය දුටුවේ තව ජීවිතයක් බේරා ගැනීමට මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි කියල දැන ගත්තොත්. එහෙම දැනගෙන උදව් කරන්න ප්‍රතික්ෂේප කලොත්? ඒ හේතුවෙන් මුළු පවුලම දෙදරා ගියොත්?
Cameron Diazගේ අපූර්ව මෙන්ම වෙනස් රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය ඔබේ බයිස්කෝප් එකතුවට එක් කරගන්න අමතක කරන්න එපා. IMDB හි 7.4/10 ක ශ්‍රේණිගත කිරීමකට ලක් වෙලාත් තියෙනවා. 
                                        සිංහල උපසිරැස මෙතනින්
                                         ටොරන්ට්  එක මෙතනින්

දකුණු කොරියාව එපා කරවන ලදී ! :-(

මෑත කාලයේ සිට අපේ රටේ කොරියානු (දකුණු කොරියාව) කතා මාලාවන් පෙන්වීම වසංගතයක් මෙන් බෝවෙලා. ඒ නාලිකාවල මේ විකාරය බොහෝ විට සිදු කරන්නේ ඒවායේ අලවි අංශයෙන් . ඒ ඔලමොට්ටලයන්ට නොතේරුණ කරුණ නම් ඕනේම දෙයක් ඕනෑවට වඩා ඔනේම නැතිබවයි.
එකම වර්ගයේ දර්ෂණ තල , ඇදුම් ආයිත්තම් , සංස්කරන රටාවන් දැන් අපේ රටේ ප්‍රේක්ෂකයාට එපා වී ගොසිනි. දෙයක් ජනප්‍රිය වූ විට එයම පට්ට ගසන්නට වී තිබෙන්නනේ ජාතියේ අවාසනවට ජාතික නාලිකාවලිනි. කොරියානු ඓතිහාසික කතා හොදය. නමුත් මෙලෙස පට්ට ගැසිමෙන් නැවත සිදුවන්නේ ප්‍රේක්ෂක රසවින්දනයට හානි කිරිමක් නොවේද.
වෙනදාට රාජ්‍ය මාධ්‍ය පෞද්ගලික නාලිකාවලින්වත් බලා තම වැඩසටහන් වෙනස් කරගත්තේය.
නමුත් අද පෞද්ගලික නාලිකාවලින්ද පෙරකී ඔලමෙට්ටලයම ක්‍රියත්මක කරන්නට සැරසේ.
චීනෙට වඩා මෙහෙ චීන අවන්හල් තියෙනවා වගේම , අපි කොරියානුවන්ට වඩා කොරියන් කතා නරඹන යුගය වැඩි ඈතක නොවේ.
                                     
එහෙම නොවේව‍ා කියා අපි ප්‍රාර්ථනා කරමු !

සාමයෙන් සැතපේවා රොබින් විලියම්ස් මහතාණෙනි


ඔස්කාර් සම්මාන ලාභී රූපවාහිනී සහ සිනමා ප්‍රහසන නළු රොබින් විලියම්ස් මහතා පසුගිය 11 වන දිනමෙලොවින් සමුගන්නා ලදී. මියයන විට 63වන වියේ පසුවිය. ඔහුගේ සිරුර කැලිෆෝනියාවේ ටිබියුරන් හි ඔහුගේ නිවසේ තිබී හමුවී ඇත.
ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් හෝ හුස්මගැනීමේ අපහසුවක් නිසා සිදු වූ බවට මේ වන විට පැවසේ.
1951 ජූලි 21 උපන් ඔහු මිය යන විට දරුවන් තිදෙනෙකුගේ පියෙක් විය (Zelda Rae Williams, Cody Alan Williams, Zachary Pym Williams). ඔහු විවාහ ජීවිත තුනක් ගතකර ඇති අතර මියයන විට ඔහු Susan Schneider සමඟින් 2011 සිට විවාහ වී සිට ඇත. (Marsha Garces (1989–2010),Valerie Velardi (1978–1988))
Academy Award for Best Actor in a Supporting Role ඇතුළු සම්මාන රැසකින් ඔහු තම රංගන දිවිය තුල පිදුම් ලබා ඇත. ඔහු නළුවෙකු, ප්‍රහසන ශිල්පියෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ තිරපිටපත් රචකයෙකු ලෙස කටයුතු කර ඇත. අවසන් වරට ඔහු රංගනයෙන් දායක වුනු Absolutely AnythingNight at the Museum: Secret of the Tomb, Merry Friggin’ Christmas යන සිනමාපට ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

රොබින් විලියම්ස් මහතාණෙනි. ඔබ ඔබ දැන් අපි අතර නොමැති වුවද ඔබ නිසා වරක් හෝ සිනාසුනු අපගේ සිත් තුල ඔබ සදා අමරණීයයි. ඔබ සාමයේ සැතපේවා.


 ඔහු රංගනයෙන් දායක වුනු සිනමාපට සහ රූපවාහිනී කතාමාලා මෙලෙස දැක්විය හැකිය
    • Absolutely Anything (post-production)
    • Night at the Museum: Secret of the Tomb (post-production) 
    • Merry Friggin’ Christmas (post-production) 
    • The Angriest Man in Brooklyn
    • Boulevard 
    • The Crazy Ones (TV Series) 
    • Robin Williams in Multiple Exposures (Short)
    • The Face of Love
    • Lee Daniels’ The Butler 
    • The Big Wedding 
    • Louie (TV Series) 
    • Wilfred (TV Series) 
    • Happy Feet Two 
    • Old Dogs 
    • Night at the Museum: Battle of the Smithsonian 
    • World’s Greatest Dad 
    • Shrink 
    • Law & Order: Special Victims Unit (TV Series) 
    • August Rush 
    • License to Wed 
    • Night at the Museum 
    • Happy Feet 
    • Man of the Year 
    • Everyone’s Hero 
    • RV 
    • The Night Listener 
    • The Big White 
    • Robots 
    • Noel 
    • House of D 
    • The Final Cut 
    • Life with Bonnie (TV Series) 
    • Freedom: A History of Us (TV Series documentary) 
    • Insomnia 
    • Death to Smoochy 
    • One Hour Photo 
    • A.I. Artificial Intelligence 
    • Bicentennial Man 
    • Jakob the Liar 
    • L.A. Doctors (TV Series) 
    • Disney’s Math Quest with Aladdin (Video Game) 
    • Patch Adams 
    • What Dreams May Come 
    • One Saturday Morning (TV Series) 
    • Great Minds Think for Themselves (TV Series) 
    • Good Will Hunting 
    • Flubber 
    • Deconstructing Harry 
    • Fathers’ Day 
    • Friends (TV Series) 
    • Hamlet 
    • The Secret Agent 
    • Aladdin and the King of Thieves (Video) 
    • Jack 
    • The Birdcage 
    • Jumanji 
    • Aladdin on Ice (TV Movie) 
    • To Wong Foo Thanks for Everything, Julie Newmar 
    • Nine Months 
    • In Search of Dr. Seuss (TV Movie) 
    • The Larry Sanders Show (TV Series) 
    • Being Human 
    • Homicide: Life on the Street (TV Series) 
    • Mrs. Doubtfire 
    • Toys 
    • Aladdin 
    • From Time to Time (Short) 
    • FernGully: The Last Rainforest 
    • Rabbit Ears: The Fool and the Flying Ship (Video short) 
    • A Wish for Wings That Work (TV Short) 
    • Hook 
    • The Fisher King 
    • Shakes the Clown 
    • Dead Again 
    • Awakenings 
    • Cadillac Man 
    • Dead Poets Society 
    • Portrait of a White Marriage 
    • Rabbit Ears: Pecos Bill (Video) 
    • The Adventures of Baron Munchausen 
    • King of the Moon (as Ray D. Tutto)
    • Jonathan Winters: On the Ledge (TV Movie) 
    •  Good Morning, Vietnam Dear America: Letters Home from Vietnam (TV Movie documentary) 
    • Seize the Day 
    • Club Paradise 
    • The Best of Times 
    • Pryor’s Place (TV Series) 
    • Moscow on the Hudson 
    • The Survivors 
    • SCTV Network (TV Series) 
    • Mork & Mindy/Laverne & Shirley/Fonz Hour (TV Series) 
    • Faerie Tale Theatre (TV Series) 
    • The World According to Garp 
    • Mork & Mindy (TV Series) 
    • Popeye 
    • Out of the Blue (TV Series) 
    • Happy Days (TV Series) 
    • America 2-Night (TV Series) 
    • Eight Is Enough (TV Series) 
    • Laugh-In (TV Series) 
    • The Richard Pryor Show (TV Series) 
    • Can I Do It ‘Till I Need Glasses?         
  උපුටා ගැනිම  [බයිස්කෝප් මංසල ]             

The X Files (1998) | අනාගතය වෙනුවෙන් සටනක්. [සිංහල උපසිරසි සමඟ]



කළිදු වසුක
ඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9 අගයක් තියෙනවා (කොහොමත් මේවගේ අද්භූත කතාවලට ලොකු අගයක් ලැබෙන්නෑනේ)
කතාව පටන් ගන්නේ ආදී මානවයිගේ යුගයේ සිට පැවත එන අද්භූත සිදුවීම් දාමකින්. ඊට සියවස්ගානකට පස්සේ එකවර අමරිකාවේ ගොඩනැගිල්ලක බෝම්බයක් පිපිරෙනවා. ස්කලිටයි මොල්ඩර්ටයි තමයි මේක වරද පැටවෙන්නේ. ඒ අතරේ කට්ටියක් රාජ්‍ය බලය පැහැරගන්න හදනවා. මේ එකකට එකක් සම්බන්ධ නැති මේ අවුල විසදන්න මේ පරික්ෂකයින් දෙන්නට හැකිවෙයිද? ***
“එයා තනි මිනිහෙක්”
“තනි මිනිහෙක්ට බෑ අනාගතය වෙනුවෙන් සටන් කරන්න”

වෙනස වෙනස්වී නැත

ඔබට මතක ඇති ස්වාධීන රූපවාහිනයේ විකාශයවන වෙනස වැඩ සටහනේ පසුගිය මාර්තු 05 වෙනි දින පෙන්වු අදිසි පුද්ගලයෙකුගේ විඩියොව
ඔවුන් පැවසුවේ මෙය සත්‍ය වීඩියොවක් බවත් ජාත්‍යන්තර මාධ්‍ය මගින්ද විකාශය කල බවත්ය. නමුත් මෙය සැබවින්ම එරට පරිඝනක ක්‍රීඩාවක ප්‍රචාරනය වෙනුවෙන් සෑදු විඩියොවක්

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive