Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

පුනරාගමනය - විද්යා ප්රබන්ධ

මහාචාර්ය්ය දහම් විඡේවර්ධන
සිය අසුනින් නැඟී සිටියේ,
බොහෝ වේලාවක් පරිගණකය
දෙස බලා සිටීමෙන් වෙහෙසට
පත් සිය දැසට විවේකයක් දෙනු
සඳහා ය. හෙතෙම සිය
කාර්යාල කාමරයේ වූ ජනෙල්
පෙළ වෙත ගොස් ඉන් පිටත
පෙනෙන ලොව දෙස නෙත් යොමු
කළේ ය.
එසේ කාර්යාලයේ ජනේලයෙන්
පිටත බලන සැම විට ම
පාහේ සිදු වන අයුරින් ඔහු
වෙතින් අද ද සුසුමක් පිට විය.
අද දිනය ක්රි.ව. 2040 අප්රේල්
27 වැනි දා ය. මීට දශක
දෙකකට පමණ පෙර
මිනිසා අනාගතය පිළිබඳ
ඉතා අප්රසන්න සිහින දුටුවේ ය.
ජීවයට අහිතකර වාතයෙන්
ආරක්ෂා වීමට ශ්වසනාධාරක
වෙස්මුහුණු පැළඳ උෂ්ණාධික
කොන්ක්රීට් වනාන්තරයක
විවිධාකාරයේ යන්ත්ර-සූත්ර
අතර ජීවත් වීම සිය ඉරණම
වෙතැ'යි මිනිසා බිය විය.
තුන්වැනි ලෝක යුද්ධයෙන් පසු
ලොව බොහෝ රටවල් එම ඉරණම
අත්පත් කොටගෙන කාලයක් දුක්
විඳ, අවසානයේ ආර්ථික ව
අස්ථාවර ව, සාගත
හා වසංගත නිසා විනාශයට
පත් විය. එහෙත්,
දේශප්රේමිත්වයෙන් එක් වූ
බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනකු
ගේ අප්රතිහත
ධෛර්යයේ ප්රතිඵලයක් ලෙස අද
ශ්රී ලංකාව එම අවාසනාවන්ත
ඉරණමෙන් මිදී ඇත.
අද ශ්රී ලංකාවේ පවතින
මේ සුන්දර පරිසරයත්, ස්ථාවර
ආර්ථිකයත්, සාමූහික ජන
සමාජයත් දැන් සාමාන්ය
දේ බවට පත් ව ඇත.
මේ තත්ත්වයට රට ගෙන ඒමට
කළ කැපවීම් බොහෝ දෙනකුට
දැන් අමතක ව ඇතත්, එම
මහා සමාජ
විප්ලවයේ පුරෝගාමී
මෙහෙවරක් ඉටු කළ
මහාචාර්ය්ය දහම්ට එම
තීරණාත්මක කාල පරිච්ඡේදය
අමතක කළ නො හැකි ය. සිය
කාර්යාලයේ ජනේලයෙන් ඉවත
බලන සැම මොහොතක ම සිය
කාර්යභාරය සාර්ථක ව ඉටු වී
ඇතැ'යි යන සැනසිලිදායක
සිතිවිල්ල නිසා ඔහු ගේ සිත
සැහැල්ලු වේ.
තව දින දෙකකින් ශ්රී
ලංකාවේ හතරවැනි පාලක
මණ්ඩලයේ නායකතුමා ගේ පදවි
ප්රාප්තියේ පස්වැනි සංවත්සර
උත්සවය යෙදී ඇත. ඒ වෙනුවෙන්
පැවැත්වෙන්නේ, ඉතා චාම්
රාජ්ය උත්සවයකි. එනමුත්,
නායකතුමා ගේ ඉල්ලීම පරිදි
සැම විද්වත් සභාවක් විසින් ම,
රටේ පුරවැසියන්
ගේ යහපැවැත්ම උදෙසා වූ
නව නිර්මාණයක්, යෝජනාවක්
හෝ සංකල්පයක් එදින ඉදිරිපත්
කළ යුතු ය.
මීට වසර 15කට පෙර ඇති කළ
එම ''විද්වත් සභා'' සංකල්පය
පාඨකයාට නුහුරු දෙයක් විය
හැකි ය. එහෙත්,
මේ මහා විප්ලවයේ,
මේ සාර්ථකත්වයේ,
මේ සැනසිලිදායක වටපිටාවේ,
කොඳුනාරටිය එයයි. විධායක
ජනාධිපති ධූරය තමා විසින් ම
අහෝසි කරමින් නව පාලක
සභා ක්රමය හඳුන්වා දුන්,
පුනරුද යුගයේ ප්රථම
නායකතුමා ගේත්, මහාචාර්ය්ය
දහම් විඡේවර්ධන ඇතුළු උගත්
දේශප්රේමීන් පිරිසක ගේත්
සංකල්පයක් අනුව ප්රධාන
විද්වත් සභා 7ක් ඇති කරන ලදී. ඒ
කෘෂිකර්මය, බලශක්තිය,
කර්මාන්ත හා තාක්ෂණය,
ආහාර හා සෞඛ්යය, ආර්ථිකය,
අධ්යාපනය හා සංස්කෘතිය,
ආරක්ෂාව හා යටිතල පහසුකම්
යන අංශ 7 සඳහා ය.
රටේ වර්තමානය හෝ අනාගතය
හෝ වෙනුවෙන් ගනු ලබන සැම
තීරණයක් ම ගනු ලැබුවේ, ඒ ඒ
අංශයට අදාළ විද්වත් සභාව
හෝ විද්වත් සභා කිහිපයක
එකතුවක් විසිනි. පාලක
මණ්ඩලයේ හා ඊට අනුබද්ධ
ප්රාදේශීය දේශපාලන
ආයතනවල කාර්යභාරය වූයේ,
ජනතාව ගේ අදහස් හා ගැටලු
විද්වත් සභා වෙත ගෙන යැම
හා විද්වත් සභාව විසින්
යෝජනා කෙරෙන ව්යාපෘතීන් ඒ
අකාරයට ම ක්රිsයාත්මක කිරීම
ය.
බලශක්ති සභාවේ ප්රධානියා වූ
මහාචාර්ය්ය දහම්,
ලංකාවේ සිටින උගතුන් අතරින්
එම තනතුර සඳහා උචිත ම
පුද්ගලයා ය. ඒ
එතුමා ගේ බුද්ධිය, හසල දැනුම
හා ක්ෂේත්රයේ අත්දැකීම
නිසා පමණක් නො ව,
දේශප්රේමීත්වය
හා නො පසුබස්නා උත්සාහය ද
නිසා ය. වර්තමානයේ ජාතික
වීරවරයකු ලෙස බුහුමන් ලැබ
සිටින එතුමා, එම ගෞරව නාමය
සඳහා නිසැකව ම සුදුසු ය.
එතුමා දැනට වසර 20ක් වන
පුනරුද යුගයේ ප්රධාන
නියමුවෙකි. මුළු ලොව ම බලශක්ති
අර්බුදයේ පතුලට කිමිදෙන තුරු
ම, ප්රබල රටවල් ඉතිරි වූ
ස්වාභාවික ශක්ති ප්රභව
වෙනුවෙන් ඇන කොටා ගනිත් දී,
ලොව සියලු ම න්යෂ්ටික
බලාගාර තෙවැනි ලෝක
යුද්ධයෙන් විනාශ ව යද්දී
මේ පඬිවරයා ගේ දූරදර්ශී
ඥනය නිසා ශ්රී ලංකාවට එම
විපතින් මිදීමට වාසනාව
ලැබිණ. මීට වසර 20කට පෙර
එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ
උපහාසයට ලක් කළ, එයට එකල
සහාය පළ නො කළ අඥනයන්
පවා අද එතුමා සිහි
කරන්නේ කෘතඥතා පූර්වකව ය.
තව දින දෙකකින් එළඹෙන
සංවත්සර දින උළෙලේ දී,
බලශක්ති සභාව වෙනුවෙන්
තමාට ජාතිය හමුවේ විනාඩි
15ක පමණ කතාවක් පවත්වා,
සිය නව සංකල්පය
හෝ නිර්මාණය ඉදිරිපත් කිරීම
ඔහුට භාර ව ඇත. එදිනට
ඉදිරිපත් කරන නව නිර්මාණය
හෝ යෝජනාව කුමක්දැ'යි දහම්
තව ම තීරණයක් ගෙන නැත.
මේ වන විටත් ඔහු යටතේ කටයුතු
කරන ව්යාපෘති කණ්ඩායම් 7ක්
නව නිර්මාණ 7ක් පිළිබඳ
පරීක්ෂණ පවත්වමින් සිටියි.
බලශක්ති
ව්යාපෘතියේ සාර්ථකත්වය,
ප්රායෝගිකත්වය,
කාර්යක්ෂමතාව
හා ආකර්ෂණීයත්වය මත ඉන්
වඩාත් සුදුසු ව්යාපෘතිය
තෝරා ගත යුතු ව ඇත්තේ ද,
දහම් ප්රමුඛ බලශක්ති
සභාවේ විධායක මණ්ඩලය ය.
නව නිර්මාණයක් කිරීමට වඩා,
ඊට පෙර කිරීමට සිදු වන
දේශනය අසීරු යෑ'යි දහම්ට
සිතේ. මක්නිසා ද යත්, එය ද
භාරදූර වගකීමක් වන බැවිනි.
තමා ගේ සැම වදනක් ම පොදු
ජන සමාජය වෙත යම්
බලපෑමක් එල්ල කරන බව ඔහු
දනියි. ඒ ජනතා සිත් තුළ
මේ අසිරිමත් පඬිවරයා කෙරෙහි
අතිමහත් ගෞරවයක්
හා විශ්වාසයක් ඇති නිsසා ය.
ජනතා සිත්වල විශ්වාසය,
උද්යෝගය, දේශප්රේමීත්වය
හා අවබෝධය ඇති වන අයුරින්
සිය දේශනය පැවැත්වීම විශාල
අභියෝගයකි.
ජනේලයෙන් පෙනෙන, අවට
පරිසරය සිසාරා විහිද ඇති
හරිතවන්
තුරුලතාදියේ සුන්දරත්වය
විඳිමින්, ඔහු සිතට විවේකයක්
ලබා දුන්නේ දේශනය
සඳහා හොඳ අදහස් කිහිපයක්
ගොනු කර
ගැනීමේ බලාපොරොත්තුවෙනි.
ක්ෂිතිජය තෙක් සිසාරා විහිද
ඇති හරිත පැහැය දකින දහම්
ගේ සිත අතීතය
ආවර්ජනා කරන්නට විය.
එවක පැවැති රජය විසින්
පෙට්රල් ලීටරය රු. 2000/-ක්
ලෙස මිල ඉහළ දැමූ දිනය ඔහුට
අද මෙන් මතක ය. ඒ තවත් රු. තුන්
සියයකින් ඉන්ධන මිල වැඩි වී ජන
ජීවිත පීඩාවට පත් වූ නිසා ම
නො ව, සිය ජීවිතයේ ප්රධාන
හැරුම් ලCෂ්යය සටහන් වන්නේ,
එදා නිසා ය. ඒ වන විට ඔහු
මොරටුව
විශ්වවිද්යාලයයේ තෙවැනි
වසරේ ඉංජිනේරු සිසුවෙකි. ඔහු
සිය විෂය පථය ලෙස
තෝරාගෙන තිබුණේ, පරිගණක
ඉංජිනේරු විද්යාව වුව ද,
මේ සුවිශේෂ දිනයේ සිsට ඔහු
ගේ සිත වෙහෙසුණේ,
අනාගතයේ උදා වන ලෝක
බලශක්ති අර්බුදයට විසඳුම්
සෙවීමට ය. එදා සිට ඔහු
දිවා රාත්රී නො බලා එම විෂය
පථය අධ්යයනය කළේ ය.
අසහාය බුද්ධිමතකු වූ දහම්
විඡේවර්ධන නම් ඉංජිනේරු
සිසුවාට බොහෝ බහුජාතික
සමාගම් හා ප්රබල රටවල්
සාමාන්ය ජනතාව ගෙන් වසන්
කිරීමට උත්සාහ කළ, ලෝක
බලශක්ති අර්බුදයේ වර්තමාන
තත්ත්වය හා අනාගතය
අතැඹුලක් ලෙස අවබෝධ විය.
ඒ වන විට ඇමෙරිකාව ප්රමුඛ
අධිරාජ්යවාදී රටවල් කිහිපයක්
ලොව පුරා බොහොමයක් රාජ්ය
සිය කුමන්ත්රණකාරී උපක්රම
යොදා අරාජික කොට වක්ර ව
සිය අණසකට යටත් කොටගෙන
තිබිණ. ඔවුහු එම රටවල සම්පත්
සූක්ෂ්ම ලෙස සිය රටවල් වෙත
අද්දමින් සිටිය හ.
අධිරාජ්යවාදී කුමන්ත්රණ
හමුවේ අගතියට පත් රාජ්යයන්
තුළ ඇති ව තිබූ, දිනපතා බෝම්බ
පිපිරෙමින් උනුන් ඇන
කොටා ගන්නා ඉතා ඛේදනීය
තත්ත්වය දැක දැකත්, තව තවත්
රටවල් බල ලෝභය හා ධන
ලෝභය පදනම් කොටගෙන හටගත්
අභ්යන්තර දේශපාලන
පාවාදීම් නිසා ඇමෙරිකානු
කඳවුරේ උගුල්වලට හසු විය. සිදු
වෙමින් පවතින මේ කුරිරු
හා අමානුෂික ව්යාපාරයට ද
මූල හේතු ව ඛනිජ ඉන්ධනවල
ශීඝ්ර ක්ෂය වීම බව දහම්
ගේ විචක්ෂණ නුවණට අවබෝධ
විය. ලොව ඇති සම්පත්වලට වඩා,
නාමික ව නිකුත් කර ඇති
ඇමෙරිකන් ඩොලර් ප්රමාණය
ඉහළ යැම සිදු වන්නේ ද ඛනිජ
ඉන්ධන අත්පත් කරගැනීම
වෙනුවෙන් අධිරාජ්යවාදී
රටවල් ගෙන යන අදූරදර්ශී
හා ආත්මාර්ථකාමී
ක්රියා පිළිවෙත නිසා ය.
මේ නිසා ලොව පුරා ආර්ථික
අර්බුදයක් ඇති වනු වැළැක්විය
නො හැකි බව දහම්ට පැහැදිලි
විය.

MICHAEL JACKSON STILL ALIVE?

The journalist who wrote the article did not bother to research the fact but makes a snide
remark on how “Elvis would still be alive”, and that “this case almost certainly has nothing to
do with Michael Jackson”. Why on Earth a Coroner’s vehicle is transporting a living person
with a deliberately covered up face, a person which looks like Jackson’s spitting image (apart
from his face), in the same car that transported Jackson’s body. The mainstream media isn’t
interested in calling the Coroner’s office and asking why they transport very-alive people
with blankets over their faces who look like Michael Jackson. No, that’s totally uninteresting
because “We all know Michael Jackson is dead”. A classical case of “Don’t confuse us with the
facts – our mind is made up”.

වගකීම් හොඳින් ඉටු කරන විට දුම්කොළ සමාගම් අකුල් හෙළනවා

"නිෂ්පාදකයා බලාපොරොත්තු
වන ආකාරයෙන් ම
පාරිභෝගිකයා මරා දමන එක
ම නීත්යනුකූල නිෂ්පාදනය
දුම්වැටිය හෙවත් සිගරට්ටුවයි.
ගෝලීය වශයෙන් සැම වර්ෂයක
ම මිලියන 6ක පමණ ජනතාවක්
දුම්වැටි පානයෙන් අකාලේ මිය
යනවා. මෙයින් 600000ක් පමණ
අක්රිය දුම්පානයට ගොදුරු වූ
අයයි. මිලියන 20ක ජනගහණයක්
සිටින ශ්රී ලංකාවේ දුම් බීම
ආශ්රිත රෝගවලින් 12000ක් පමණ
ජනතාවක් වර්ෂයකට මිය
යනවා" යනුවෙන් මහාචාර්ය
කාලෝ ෆොන්සේකා මහතා පවසයි.
පුවත්පත් නිවේදනයක් මඟින්
මේ අළලා තවදුරටත් අදහස්
දක්වන මහාචාර්ය ෆොන්සේකා,
"මේ සම්බන්ධව ක්රියාත්මක
නො වුණොත් වසර 2030 වන විට
මේ සංඛ්යාව මිලියන 8ක්
දක්වා වැඩි වෙනවා.
මේ තත්ත්වයට ගොදුරු වන අය
ගෙන් සියයට 80කට වඩා වැඩි
සංඛ්යාවක් ජීවත් වන්නේ අඩු
හා මධ්යම ආදයම් ලබන
රටවලයි. මෙයට ශ්රී ලංකාවත්
අයත්. ලෝක සෞඛ්ය
සංවිධානයේ ප්රතිපත්තිවලට
අනුව තම වගකීම් වඩාත් හොඳින්
ඉටු කරන රටවලට දුම්කොළ
සමාගම් අකුල් හෙළනවා.
නිදසුනක් වශයෙන් දුම්කොළ
ඇසුරුම් මත රූපමය සෞඛ්ය
අනතුරු ඇඟවීම් ඇතුළත් කිරීම
වැළැක්වීමට දුම්කොළ සමාගම්
මෑතක දී අලුත් ම උපක්රමයක්
යොදා ගත්තා. ඒ තමයි දුම්කොළ
සමාගම්වලට තම නීත්යානුකූල
ලියාපදිංචි සිගරට් වර්ග නාම
භාවිත කිරීමට බලපෑමක්
දුම්කොළ අනතුරු ඇඟවීම්වලින් සිදු
වන බව කියා ද්විපාර්ශ්වික
ආයෝජන ගිවිසුමක් යටතේ ඒ ඒ
රටවලට නඩු පැවරීම.
මේ යටතේ දුම්කොළ ප්රඥප්තියට
අකුල් හෙළීම වෙනත් අංශ
හරහා ද කරගෙන යැමට
දුම්කොළ සමාගම් උත්සාහ
දරනවා. විශේෂයෙන් පොදු
ස්ථානවල දුම්වැටි පානය,
ප්රචාරණය, ප්රවර්ධනය සහ
අනුග්රහය දැක්වීම තහනම්
කිරීමට විරුද්ධව මොවුන්
ක්රියා කරනවා. ඒ නිසා වසර
2012 ලෝක දුම්වැටි විරෝධී
දිනයේ දී දුම්කොළ
කර්මාන්තයේ මේ දුෂ්ට
හා හානිකර උපක්රම පිළිබඳව
මහජනයා සහ ප්රතිපත්ති
සම්පාදකයන් දැනුවත් විය
යුතුයි. ලෝක සෞඛ්ය
සංවිධානයේ දුම්කොළ පාලන
ප්රඥප්තියේ පාර්ශ්වකරුවකු වන
ශ්රී ලංකාව එම
ගිවිසුමේ වැදගත්
ප්රතිපත්තිවලින් එකක්
ක්රියාත්මක කිරීම සඳහා ඇති වී
තිබෙන දිගු ප්රමාදය එනම්
මේ ප්රඥප්තියේ දෙමළ
භාෂා පරිවර්තනය ප්රමාද වීම
පිළිබඳව වෛද්ය, සෞඛ්ය
ප්රජාව සහ සිවිල් සමාජය
අතර බලාපොරොත්තු කඩ වීමක්
දක්නට ලැබෙනවා. 2005
වසරේ සිට වර්ෂ 3ක් ඇතුළත
සිගරට් ඇසුරුම් මත 50%ක් වත්
ආවරණය වන පරිදි රූපමය
සෞඛ්ය අනතුරු ඇඟවීම් ඇතුළත්
කිරීමේ නීතිය පාර්ශ්වකාර
රාජ්යයන් ක්රියාත්මක කළ යුතු
බවට FCTC ගිවිසුම නිර්දේශ කර
ඇතත් ශ්රී ලංකාව එය
ක්රියාත්මක නො කිරීම
නිසා වසර හතරකින් පසුපසින්
සිටිනවා. එමනිසා සෞඛ්යමය
ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේ දී
දුම්කොළ කර්මාන්තකරුවන්
ගේ බලපෑම්වලට කිසිසේත් ම
යටත් නො වී ක්රියා කිරීමට
බලධාරීන් වගබලාගත යුතුයි"
යනුවෙන් පවසයි.

64904276+ !


පැරැණි පොත්පත් රාක්කයක්
අවුස්සමින් සිටි මට හදිසියේ ම
අවුරුදු 35කට පමණ
එහා කාලයේ දී එනම් 1977 දී
පමණ මා විසින් ම තැපැල් කරන
ලද තැපැල් පතක් හමු විය. එය
පාසල් නේවාසිකාගාරයේ සිට
මා විසින් අපේ අම්මා වෙත
එවන ලද්දකි. එය මා සුව
සේ අනතුරකින් තොර ව බෝඩිමට
ගිය බව දැන්වීමට ලියූවකි. ඒ
කාලයේ දී මා පමණක් නො ව
අපේ පාසල්
නේවාසිකාගාරයේ සිටි හැම
ශිෂ්යයකු ම මෙවැනි
අවශ්යතාවල දී
සන්නිවේදනයේ යෙදුණේ තැපැල්
පත් මඟිනි. අපට ඒ
කාලයේ ජංගම දුරකථනයක්
ඇහැට දක්නට තිබුණේ වත් නැත.
අපේ ගෙවල්වල
හා නේවාසිකාගාරයේ දුරකථන
නො තිබිණි. අපේ ගමේ ස්ථාවර
දුරකථනයක් පැවතියේ ද,
විශාල සල්ලිකාරයකු වූ පොල්
මුදලාලි කෙනකුට පමණි.
ගමේ කාට හෝ ඈත එපිටක සිට
පණිවිඩයක් ලැබුණේ නම් ඒ
මේ මුදලාලි ගේ ගෙදර
දුරකථනයට ය. ඒ නිසා දුරකථන
පණිවිඩයක් ලබා ගන්නට
මේ මුදලාලි හිතවත් ව තබා ගත
යුතු විය. ඒ මුදලාලි අප සම`ග
හිතවත් ව සිටියත් ඒ කාලයේ දී
අපට කාගෙන් වත් දුරකථන
ඇමතුමක් ආ බව මතක නැත.
කෙසේ වෙතත්
මා දන්නා මගේ වයසේ ඒ හැම
දෙනා ගේ ම එකල ජනප්රිය ම
සන්නිවේදන ක්රමවේදය
වූයේ තැපැල්පතයි. ලියුමකට
ගැසිය යුතු මුද්දර ගාස්තුවට
වඩා හරි අඩක් පමණ අඩු
නිසා ආර්ථික වශයෙන් ද මෙය
ලාභදායි විය. එසේ ම මුද්දර
අලවා, ලියුම් කවරය ද
අලවා වැඩි වැඩ කරන්නට
අවශ්ය නො වූ නිසා ද, අපි
තැපැල්පතට කැමැති වීමු.
අනෙක් අතට අපට ලොකුවට
ලියන්නට දේවල් තිබුණේ ද නැත
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive