Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට


2012.12.21 මොකද වෙන්නේ?

‍‍‍‍‍‍‍‍.............................................. ‍;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; බොහෝ වෙලාවට වෙනදා වගේ කම්මැලි දවසක් වෙයි එහෙම නැති නම් භූකම්පනයක් වෙයි  (මෙකද ඒක විතරයි අනාවැකි කියන්න බැරි ව්‍යසනය) 
ඔයාට හිතෙන්නේ මොකක්ද?

mema

සාස්තර කියන අහිංසක පුංචා

ක්‍රීඩාවට, කලාවට ලැබෙන අනුග්‍රහය විද්‍යාවටත්ලැබිය යුතුයි

මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු සභාපති, ජාතික විද්‍යා පදනම ඇත්තට ම තාක්‌ෂණය අපේ ජීවිතේ එදිනෙදා කටයුතුවල කොටසක්‌ වෙලා. ඒත් අපි සලකන්නේ නෑ. අද අපේ ලෝකයේ දියුණුව ගොඩනැ`ගී තිබෙන්නේ මේ තාක්‌ෂණය මතයි. මේ තාක්‌ෂණය රටක්‌ තුළ විසිරෙන්නේ විද්‍යාව පදනම් කරගෙනයි. ඒ නිසා අපිට පිළිගන්න වෙනවා, අපි දකින්නේ නැති වුණත් විද්‍යාව අපිට ඉතා ම සමීප දෙයක්‌ කියලා. මේ එවන් කාල වකවානුවක්‌ නිසා අපි ජනතාවට නිවැරැදි විද්‍යාත්මක දැනුම ලබා දිය යුතු වනවා. බහුතර ජනතාවක්‌ කුමක්‌ හෝ විදුලි උපකරණයක්‌ ක්‍රියාත්මක කරන්නත්, එයින් ප්‍රයෝජන ලබා ගන්නත් දන්නවා. නමුත් බොහෝ දෙනා මේ උපකරණය තුළ අන්තර්ගත වන විද්‍යාව කුමක්‌ ද කියලා දන්නේ නැහැ. අපි මේ විද්‍යාව පිළිබඳව ඔවුන්ට දැනුමක්‌ ලබා දිය යුතුයි. එහෙම වුණොත් තමයි ඔවුනට අවදානමක්‌ නැති ව වඩාත් ප්‍රයේජනවත් වන ආකාරයෙන් බලශක්‌තියේ පිරිමැසීමකින් යුතු ව එම උපකරණය පරිහරණය කළ හැකි වන්නේ. තාක්‌ෂණික උපකරණ භාවිතයෙන් අනිසි ඵලවිපාක ලබා ගන්නේ එහි අන්තර්ගත විද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ නොමැති නිසයි. මේ දේ සෑම ක්‌ෂේත්‍රයකට ම බලපානවා. ජාතික විද්‍යා පදනම පර්යේෂණයක්‌ කරගෙන යනවා. තවම ඒක අවසන් වෙලා නැහැ. කරගෙන යන ආකාරයට අපට වැටහෙන්නේ මේ රටේ බහුතරයට ඉහළ මට්‌ටමක විද්‍යා සාක්‌ෂරතාවක්‌ නැහැයි කියලයි. ඒ ගැන අපි කණගාටු විය යුතුයි. විද්‍යාත්මක චින්තනයක්‌ ගොඩනැඟෙන්න නම් විද්‍යා සාක්‌ෂරතාවක්‌ තිබිය යුතුයි. විද්‍යා සාක්‌ෂරතාව සමාජයේ සැම තරාතිරමක අයකුට ම අත්‍යවශ්‍යයි. මේකට කරුණු කීපයක්‌ බලපානවා. එකක්‌ අපේ අධ්‍යාපන ක්‍රමය, ශ්‍රී ලංකාවේ තිබෙන පාසල් දස දහසකට ආසන්න ගණනකින් විද්‍යා අධ්‍යාපනය ලබා දෙන්නේ පාසල් හය සිය ගණනක පමණයි. ඉතිරි සියලු පාසල්වලට විධිමත් විද්‍යා අධ්‍යාපනයක්‌ ලබා දෙන්න පහසුකම් නැති නිසා බහුතර සිසුන් පිරිසකට විද්‍යා දැනුම ලබා ගන්න හැකි වෙලා නැහැ. මේ තත්ත්වය අපේ රටේ දියුණුවට බෙහෙවින් බලපානවා. සමාජයක්‌ හැටියට අප මේ ගැන දුක්‌ විය යුතුයි. අපේ රටේ ඉහළ තලයේ පාලකයන් පවා විද්‍යාවට පිළිගැනීමක්‌ ලබා දී නැහැ. තොරතුරු තාක්‌ෂණයට නම් කිසියම් තැනක්‌ ලබා දී තිsබෙනවා. මේ නිසා විද්‍යාවේ වෙනත් ක්‌Fෂ්ත්‍රවලට වඩා තොරතුරු තාක්‌ෂණය මඳක්‌ ඉදිරියට ගිsය බවක්‌ දක්‌නට ලැබෙනවා. ඒ වගේ ම පිළිගැනීමට ලක්‌ වන බවක්‌ ද දක්‌නට ලැබෙනවා. විද්‍යාව රට තුළ ප්‍රචලිත කරන්න රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි. විදුසරට ස්‌තූති කළ යුතුයි, මේ රටේ විදුසරෙන් විද්‍යා සන්නිවේදනයටත්, විද්‍යා දැනුම ලබා දීමටත් ගන්නා උත්සාහයට. විදුසර මේ වන තෙක්‌ වටිනා සේවයක්‌ රටට, සමාජයට කරලා තිබෙනවා. මේ වගේ අවස්‌ථා අපි දකින්නේ ඉතා ම අඩුවෙන්. අවාසනාවකට වගේ වෙනත් ජනමාධ්‍ය ඒ කියන්නේ විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යත්, රාජ්‍ය තන්ත්‍රයත් විද්‍යාව දෙස බලන්නේ වපර ඇසින්. මේ නිසා අපිට බැරි වෙලා තිබෙනවා විද්‍යාව කෙරෙහි පොදු ජනතාව ගේ උනන්දුවක්‌ ඇති කරලා දැනුමක්‌ ලබා දී විද්‍යාත්මක චින්තනයකට යොමු කරවන්න. මම කතුවරුන්ට කථා කරලා තිබෙනවා. ඔවුන්ට විද්‍යාවේ වැදගත්කම පහදා දෙන්නට අපහසුයි. අපි විද්‍යාත්මක ලිපියක්‌ පළ කරන්න දුන්නත් පළ කරන්නේ නැහැ. අපේ රටේ මාධ්‍ය ආයතනවලට විද්‍යාව ගැන අවබෝධයක්‌ ලබා දිය යුතුයි. රජය ක්‍රීඩාවට, වගේ ම, කලා ක්‌ෂේත්‍රයට ඉතා හොඳ අනුග්‍රහයක්‌ ලබා දෙනවා. ඒ නිසා එම ක්‌ෂේත්‍රවල දියුණුවක්‌ වගේ ම ඒ ක්‌ෂේත්‍ර පිළිබඳ දැනුමක්‌ ඇති ජනතාවක්‌ බිහි වී තිබනවා. විද්‍යාවටත් ඒ වගේ අනුග්‍රහයක්‌ ලබා දෙනවා නම් පොදු ජනතාව විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ කරන්න පුළුවන්. මේ වෙනස අපි ඇති කළ යුතුයි. මේ රටේ විද්‍යාව ජනප්‍රිය කරන්න වරමක්‌ දී තිබෙන්නේ ජාතික විද්‍යා පදනමටයි. ඒ නිසා අපි විද්‍යාව ජනප්‍රිය කරන්න බැඳී සිටිනවා. අපිට ලැබෙන අරමුදල්වලින් කොටසක්‌ ඒ සඳහා වෙන් කර තිsබෙනවා. නමුත් අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉතා ම සීමීත ප්‍රමාණයක්‌. දිවයින පුරා සම්මන්ත්‍රණ පැවැත්වූවත් සීමීත පිරිසකටයි දැනුම ලබා දෙන්න හැකි වෙන්නේ. නමුත් මාධ්‍යයට ඒ හැකියාව තිබෙනවා. අපි ගුවන් විදුලියේ මිහිම`ඩල කියලා විද්‍යාත්මක වැඩසටහනක්‌ කළා. ඒක හොඳ වැඩසටහනක්‌ වුණා. ඒක රූපවහිනී වැඩසටහනක්‌ ආකාරයට සකස්‌ කරන්න ගියා ම ගැටලු රාශියක්‌ මතු වුණා. විකාශය කරන්න දුන්නේ පාන්දර 06ට සහ රාත්‍රී 10න් පසු කාල සීමාවයි. විද්‍යාව හා සම්බන්ධ වැඩසටහනක්‌ ප්‍රචාරණයට මේ කාල සීමා සුදුසු නැහැ. අපි විද්‍යාව ඉගෙන ගත්තේa ඉංග්‍රී්‍රසි භාෂාවෙන්. එනිසා ඉංග්‍රී්‍රසියෙන් තමයි අපි විද්‍යාව හා සම්බන්ධව හිතන්න පුරුදු වුණේ. ශ්‍රී ලංකාවේ සිතුම් පැතුම් බටහිර සම්ප්‍රදායෙන් වෙනස්‌. ඒ නිසා අපේ සංස්‌කෘතියට ගැළපෙන විදිහට විද්‍යාව ප්‍රචලිත කිරීමත් වැදගත්. ඒ සඳහා ප්‍රයත්නයක්‌ දරලා නැහැ. මේක විශාල අඩුවක්‌. විද්‍යා සන්නිවේදනය වෙන ම කලාවක්‌. මේක තේරුම් ගත් සන්නිවේදකයන් ඉතා ම සීමීත පිරිසක්‌ තමයි ඉන්නේ. වෙනත් රටවල ඉංශ්‍රීසි කථා කරන සමාජයේ වුවත් විද්‍යා සන්නිssවේදනයට හොඳ ඉඩකඩක්‌ ලබා දී තිබෙනවා. යුද්ධය අවසන් කළේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණ නිසයි. ඒ වගේ ම මහජනයා ගේත් ඒ සඳහා ආශිර්වාදය ලැබුණා. ඒ නිසා යුද්ධය දිනුවා. ඒ වගේ ම විද්‍යාව ජනප්‍රිය කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. සංවර්ධනය වූ රටවල විද්‍යාව ජනප්‍රිය කිරීමටත් විද්‍යා සන්නිවේදනයටත් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. අපි මේ කියන දැනුම පදනම් කරගත් සමාජයක්‌ දැනුම පදනම් කරගත් ආර්ථිකයක්‌ ගොඩනැ`ගීම සඳහා විද්‍යාව අත්‍යවශ්‍යයි. අපේ ආර්ථිකය සංවර්ධනය කරගන්න විද්‍යාව ඉවහල් කරගත යුතුයි. විද්‍යාත්මක දැනුම පදනම් කරගත යුතුයි. ඒ සඳහා විශාල කාර්ය භාරයක්‌ කළ යුතුයි. විදාඥයන් ඒ අය ගේ කාර්ය භාරයත්, ජනමාධ්‍ය ආයතන ඒ අයගේ කාර්ය භාරයත්, කර්මාන්ත කරුවන් ඒ අය ගේ කාර්ය භාරයත්, විද්‍යාව රට තුළ ස්‌ථාපිත කිරීමට සිදු කළ යුතුයි. අපිට ඉලක්‌කයක්‌ තියෙන්න ඕනේ විද්‍යාත්මක දැනුම පදනම් කරගත් ආර්ථිකයක්‌ ගොඩන`ගන්න. අපේ රටින් පිටරට යවන භාණ්‌ඩවලට තාක්‌ෂණික වටිනාකමක්‌ දෙන්නේ නෑ. අමුද්‍රව්‍ය ලෙසටයි පිටරට යවන්නේ. හේතුව විද්‍යාත්මක අවබෝධයක්‌ නොමැති වීමයි. අධිතාක්‌ෂණය එකතු කරලා අපේ රටේ වැඩි වටිනාකමක්‌ ලබා දී යවන භාණ්‌ඩවල ප්‍රතිශතය සියයට 1.5ක්‌ පමණ සුළු ප්‍රමාණයක්‌. ඒ වගේ ම රට තුළ කරන විද්‍යාත්මක පර්යේෂණ ප්‍රමාණය වැඩි විය යුතුයි. එමෙන් ම අපේ රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය පර්යේෂණවලට පමණක්‌ ආධාර දිය යුතුයි. එවන් පර්යේෂණ රට තුළ කරන අතර ම ඒ සම්බන්ධව විද්‍යාත්මක දැනුම පොදු ජනතාවට ලබා දීමත් අවශ්‍යයි. මේ හැර විද්‍යා සන්නිවේදනය විෂය ක්‌ෂේත්‍රයක්‌ ලෙසට පිළිගත යුතුයි. විද්‍යඥයන් සහ සන්නිවේදකයන් ගේ එකතුවක්‌ තිබිය යුතුයි. එවැනි එකතුවක්‌ අපේ රටේ දකින්න නැහැ. එවැනි එකතුවක්‌ ඇති වුණොත් ඉදිරි වසර 25 තුළ ශ්‍රී ලංකාව සාර්ථක විද්‍යා සන්නිවේදනයකින් හා විද්‍යා දැනුමකින් සන්නද්ධ කළ හැකියි.

බටහිර විද්‍යාවේ අදහස්‌ පිළිගැනීම

මෙරට ඊනියා වාමාංශිකයන් අතර තරම් බටහිර ගැත්තන් වෙනත් තැනක දැකිය නො හැකි ය. එයට හේතුව ඔවුන් ගේ මුළු පැවැත්ම ම රදා ඇත්තේ විද්‍යාත්මක යෑයි කියෑවෙන මාක්‌ස්‌වාදයෙහි වීම ය. මාක්‌ස්‌වාදයෙහි ඊනියා ඓතිහාසික භෞතිකවාදයෙහි කම්කරු පංති විප්ලවයක්‌ පුරෝකථනය කර තිබීම හේතුවෙන් හා එය අනිවාර්යයෙන් ම සිදු වන්නේ යෑයි කියෑවෙන බැවින් එය සාක්‍ෂාත් කර ගැනීමට මිනිමැරීම වුව ද යුක්‌තියුක්‌ත කෙරෙයි. ධනපති පන්තිය බලය ඊනියා කම්කරු පන්තියකට පවරා සාමයෙන් ඉතිහාසයේ වේදිකාවෙන් බැස නො යන්නේ යෑයි කියමින් ලේ හළන විප්ලවයට මාක්‌ස්‌වාදියෝ සූදානම් වෙති. ඒ සියල්ල කෙරෙන්නේ ඊනියා විද්‍යාවෙහි නාමයෙනි.

මේ විද්‍යාව අනෙකක්‌ නො ව බටහිර විද්‍යාව ය. බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ කාල් පොපර් වැන්නන් මාක්‌ස්‌වාදය විද්‍යාවක්‌ නො වේ යෑයි පවසා ඇතත් මෙරට මාක්‌ස්‌වාදීන්ට ඉන් කම් නැත. පොපර් මාක්‌ස්‌වාදයට විද්‍යාවක්‌ නො වේ යෑයි කීවේ මාක්‌ස්‌වාදය අසත්‍යකරණයට ලක්‌ නො වේ යන අරුතිනි. පොපර්ට අනුව බටහිර විද්‍යාවේ ප්‍රධානතම ලක්‍ෂණය වනුයේ, එය අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙන් කරගත හැක්‌කේ, එය අසත්‍යකරණයට ලක්‌ කළ හැකි බැවිනි. ඔහුට අනුව බටහිර විද්‍යාඥයන් ගේ කාර්යභාරය වූයේ බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීම ය. එහෙත් මාක්‌ස්‌වාදය හා ජ්‍යෙdතිෂය අසත්‍යකරණයට ලක්‌ කළ නො හැකි යෑයි ඔහු කියා සිටියේ ය. එබැවින් ඒ දැනුම් පද්ධතීන් ද විද්‍යාවන් නො වේ යෑයි ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු මාක්‌ස්‌වාදය සම්බන්ධයෙන් කී දේ ඇත්ත ය. මාක්‌ස්‌වාදය අසත්‍යකරණයට ලක්‌ කළ හැකි නො වේ. එයට හේතුව මාක්‌ස්‌වාදය සත්‍ය වීම නො ව මාක්‌ස්‌වාදය ප්‍රබන්ධ කර ඇති ආකාරය, එසේත් නැත හොත් එහි ප්‍රවාද නිර්මාණය කර ඇති ආකාරය අනුව අසත්‍යකරණයට ලක්‌ කළ නො හැකි වීම ය. කම්කරු විප්ලවය නැත්තේ අඩු ම තරමෙන් විප්ලවීය නායකත්වයක්‌ නැති නිසා යෑයි කීමට මාක්‌ස්‌වාදීන්ට හැකි ය. ධනපති ක්‍රමය බිඳ නො වැටෙන්නේ විප්ලවීය නායකත්වය නොමැති බැවින් යෑයි කියමින් විකල්ප නායකත්ව ගොඩනැඟීමට ඇතැමුන්ට හැකියාව ලැබෙයි.

අද ජනතා විමුක්‌ති පෙරමුණේ සිදු වන්නේ ද ඊනියා විකල්ප නායකත්වය ගොඩනැඟීම ය. මේ නව නායකත්වය ද විප්ලවීය නො වේ යෑයි කියමින් මතු දිනෙක තවත් කණ්‌ඩායමක්‌ විප්ලවීය නායකත්වය ගොඩනැඟීමට ඉදිරිපත් වනු ඇත. ඊනියා කම්කරු පන්ති විප්ලවය කිසි දිනෙක සිදු නො වන බැවින් මේ විකල්ප නායකත්ව ගොඩනැඟීම බටහිර විද්‍යාව කෙරෙහි ඇති භක්‌තිය (එය භක්‌තියක්‌ මිස අනෙනක්‌ නො වේ) තිබෙන තාක්‌ හා මාක්‌ස්‌වාදය විද්‍යාත්මක යෑයි සිතෙන තෙක්‌ කරගෙන ගිය හැකි ය. මාක්‌ස්‌වාදයේ බංකොළොත් බව, මාක්‌ස්‌වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය යන පොත් කියවීමෙන් දැනගත හැකි වෙයි.

එක්‌ අතකින් ගත් කල ඊනියා කම්කරු පන්ති විප්ලවය නො සිදු වීම ම මාක්‌ස්‌වාදයේ පැවැත්මට හේතු වෙයි. මාක්‌ස්‌වාදය පවත්වාගෙන යනු ලබන්නේ විශ්වවිද්‍යාලවල බොහෝ විට තැනක්‌ ලබාගැනීමට, අවධානය ලබාගැනීමට, මාක්‌ස්‌වාදීන් වී සිටින ආචාර්යවරුන් කිහිප දෙනකු විසින් නො ව කුඩා කුඩා පක්‍ෂවලට කැඩී මාක්‌ස්‌වාදයේ නාමයෙන් ඊනියා විප්ලවවාදී නායකත්ව ගොඩනඟන පිරිස විසිනි. විප්ලවය නො සිදු වන්නේ එවැනි ඊනියා කම්කරු පන්තික විප්ලව සිදු වීමට කිසිදු ඉඩක්‌ නොමැති බැවින් යෑයි ඔවුහු නො පිළිගනිති. ඒ වෙනුවට තිබෙන නායකත්ව විවේචනය කරමින් ඊනියා විප්ලවවාදී නායකත්වය ගොඩනැඟීමට ඔවුහු කාලය නාස්‌ති කරති.

කෙසේ වෙතත් අසත්‍යකරණය සම්බන්ධයෙන් පොපර් කියා ඇති දේ ද අසත්‍ය ය. මාක්‌ස්‌වාදීන් මාක්‌ස්‌වාදය සත්‍ය බව අනාගතයේ දී පෙන්වීමට ඊනියා විප්ලවවාදී නායකත්ව ගොඩනඟන අයුරෙන් බටහිර විද්‍යාඥයෝ ද තත්කාලීන බටහිර විද්‍යා ප්‍රවාද සත්‍ය බව පෙන්වීමට කටයුතු කරති. බටහිර විද්‍යාව වර්ධනය වන්නේ (එයට වර්ධනයක්‌ යෑයි කියන්නේ නම්) බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්‌ කිරීමෙන් නො වන බව තෝමස්‌ කුන් පෙන්වා දී දැන් අවුරුදු පනහක්‌ පමණ ගත වී ඇත. ඔහු කියා ඇත්තේ බටහිර විද්‍යාවේ සාමාන්‍ය කාල හා විප්ලවීය කාල යනුවෙන් කාල ඇති බවත් සාමාන්‍ය කාලවල දී බටහිර විද්‍යාඥයන් කරන්නේ තත්කාලීන බටහිර විද්‍යා ප්‍රවාද සත්‍ය බව පෙන්වීම බවත් ය.

විප්ලවීය කාල යනු ඉතා කුඩා අවධි වෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි ක්‌වොන්ටම් විප්ලවයෙන් පසු විප්ලවීය කාලයක්‌ උදා වී නැත. විප්ලවීය කාලයක දී නව සුසමාදර්ශයක්‌ (Paradigm) ඉදිරිපත් වෙයි. සුසමාදර්ශ යනු චින්තනයක මූලික ගුණ ඉවත නො දමා ඇතැම් කරුණක්‌ දෙකක්‌ වෙනස්‌ කර නිර්මාණය කරගන්නා වූ ආකල්පමය වෙනස්‌ කිරීම්වලින් ඇති කරගන්නා වූ දැනුම් පදනම් වෙයි. අයින්ස්‌ටයින් එවැනි සුසමාදර්ශී වෙනසක්‌ තම විශේෂ සාපේක්‍ෂතාවාදය මගින් ඉදිරිපත් කළේ ය. ක්‌වොන්ටම් විප්ලවයෙහි දී ද එeවනි සුසමාදර්ශී වෙනසක්‌ සිදු විය. අයින්ස්‌ටයින් තම සුසමාදර්ශී වෙනස මගින් සන්නිවේදනයට උපරිම වේගයක්‌ නිර්මාණය කළේ ය. එය ආලෝකයේ වේගය වෙයි.

අද අභියෝගයට ලක්‌ වී තිබෙන්නේ ම උපරිම අගය ය. සර්න් (CERN) විද්‍යාඥයන් වුවමනාවෙන් අයින්ස්‌ටයින් අසත්‍යකරණයට ලක්‌ කිරීමට ගියා නො වේ. න්‍යqටි්‍රනෝව බටහිර භෞතික විද්‍යාඥයන්ට මහත් හිසරදයකි. එය වර්ග (බටහිර විද්‍යාඥයන් ඒවා හඳුන්වන්නේ රස - flo avours- නමිනි. ඒ වියුක්‌ත ගුණ වෙයි) තුනකින් යුක්‌ත වෙයි. න්‍යqටි්‍රනෝවලට එක්‌ වර්ගයක සිට තවත් වර්ගයකට මාරු විය හැකි ය. සර්න් විද්‍යාඥයන් කටයුතු කරන්නේ මුවොන් න්‍යqට්‍රීනෝ නමින් හැඳින්වෙන න්‍යqට්‍රීනෝ වර්ගය සමඟ ය. න්‍යqට්‍රීනෝවේ ස්‌කන්ධය පිළිබඳ විවිධ මත වෙයි. ඇතැමුනට අනුව න්‍යqට්‍රීනෝවල ස්‌කන්ධය ශූන්‍ය වෙයි.

න්‍යqට්‍රීනෝ සම්බන්ධයෙන් අද එකතු වන්නේ ආනුභවික සංසිද්ධි හා සම්බන්ධ තොරතුරු ය. දැන් දශක ගණනාවක සිට මේ දත්ත එකතු වෙමින් පවතියි. න්‍යqට්‍රීනෝ ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව දැනගෙන දැන් තරමක කාලයක්‌ ගත වී ඇත. 1987 දී විශාල මැගලනික වලාකුළ නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිට පෘථිවියට පැමිණි න්‍යqට්‍රීනෝ ඒ සමඟ වලාකුළෙන් නිකුත් වූ ආලෝකයට වඩා ඉක්‌මනින් ළඟා විය. එම වලාකුළේa සිදු වූ අධිස්‌පෝඨන (Supernova) තාරකාවක්‌ පිපිරීමෙන් නිකුත් වූ ආලෝකය හා න්‍යqටීනෝ මෙහි දී නිරීක්‍ෂණය කෙරිණි. මේ දත්ත ඉතා නිවැරැදි නො වූ නමුත් බටහිර විද්‍යාඥයන්ට ඒ ගැන නො සලකා සිටීමට නො හැකි විය. එහෙත් ඔවුන් අතිවිශාල බහුතරය මුලිකව ම ඒ ගැන සිතුවේ මිනුම්වල වරදක්‌ ලෙස ය.

ඉන්පසු 2007 දී පමණ ෆර්මි පරීක්‍ෂණාගාරයෙන් යවන ලද න්‍යqට්‍රීනෝ ද ආලෝකයේ වේගයට වැඩි වේගයක්‌ වාර්තා කර ඇත. මේ පරීක්‍ෂණ මිනෝස්‌ (MINOS) පරීක්‍ෂණ නමින් හැඳින්වෙන අතර පසුගිය දා සර්න් විද්‍යාඥයන් විසින් කරන ලද පරීක්‍ෂණ ඔපෙරා (OPERA) නමින් හැඳින්වෙයි. මේ පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ තුනෙන් එකක්‌ වත් කෙරුණේ සාපේක්‍ෂතාවාදය අසත්‍යකරණයට ලක්‌ කිරීම සඳහා නො වන බව පැහැදිලි ය. මුල් නිරීක්‍ෂණය හා පරීක්‍ෂණය බටහිර විද්‍යාඥයන් ගේ අවධානයට එතරම් යොමු නො වූ නමුත් සර්න් පරීක්‍ෂණ පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ බටහිර විද්‍යාඥයන් අතර වෙයි. ඔවුන් ඒ පිළිබඳව කෙතරම් කැළඹී ඇත් ද යන්න බටහිර පුවත්පත් හා සඟරා මගින් හෙළිදරව් වෙයි. මෙරට සිටින ඇතැමුන් සිතා සිටින්නේ බටහිර විද්‍යාඥයන් මේ ප්‍රතිඵලවලින් කැළඹීමට පත් වී නැති බවත් ඔවුන් ඒවා යථා කාලයේ දී විස්‌තර කරනු ඇති බවත් ය.

මෙහි දී කිවයුතු කරුණු දෙකක්‌ වෙයි. එකක්‌ මෙරට සිටින ඊනියා විද්‍යාඥයන් ද (ඔවුහු හුදු තාක්‍ෂණ ශිල්පීහු පමණක්‌ වෙති. ඔවුන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ සඳහන් කරන්න) නො දන්නා නමුත් බටහිර විද්‍යාවේ නව අදහස්‌ පිළිගැනෙන්නේ තරුණ විද්‍යාඥයන් අතර මිස මහලු විද්‍යාඥයන් අතර නො වේ. භෞතික විද්‍යාව පිsළිබඳ නොබෙල් ත්‍යාගලාභී ප්ලෑන්ක්‌ නම් බටහිර භෞතික විද්‍යාඥයා ඒ බව මැනැවින් විස්‌තර කර ඇත. ඔහු කියා ඇත්තේ බටහිර භෞතික විද්‍යාවේ අලුත් අදහස්‌ පිළිගැනෙන්නේ මහලු විද්‍යාඥයන් මිය ගොස්‌ ඒ අදහස්‌ තරුණයන් අතර ප්‍රචලිත වන නිසා බව ය.

මට කීමට ඇති දෙවැනි කරුණ දැනටමත් සර්න් පරීක්‍ෂණය තේරුම් ගැනීමට කතා විසි පහකට වඩා ගොතා ඇති බව ය. එහෙත් දැනට ගෙතී ඇති සියලු කතා වත්මන් බටහිර භෞතික විද්‍යාවේ ප්‍රවාද මත ගොඩනැඟෙයි. එහෙත් ඒ කතා එතරම් සංගත නො වෙයි. මෙහි දී විප්ලවීය කතාවක්‌ ගෙතීමට කිසිවකු පෙලඹී නැත. විප්ලවීය කතා ආප්ප බාන්නාක්‌ මෙන් ගෙතිය හැකි ද නො වේ. මා දන්නා තරමින් සර්න් පරීක්‍ෂණය ගැන ඇසිය යුතු මූලික ප්‍රශ්න වත් තව ම අසා නැත. අවශ්‍ය අයකුට මේ කතාවලින් සමහරක්‌ කෝනල් විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යන වෙබ් අඩවියට ඇතුළු වී ඔවුන් ගේ ඉලෙක්‌ට්‍රොනික සඟරාවේ කියවිය හැකි ය. එහෙත් එය ඉලෙක්‌ට්‍රොනික සඟරාවක්‌ පමණක්‌ බවත් එය සාම්‍ය සමාලෝචනයකට භාජන නො වන බවත්, සර්න් විද්‍යාඥයන් දැනටමත් පත්‍රිකාවක්‌ පළ කර ඇති බව පවසමින් මාක්‌ස්‌වාදීන් ගේ ද දායකත්වය ලබන කසිකබල් වෙබ් අඩවි පවත්වාගෙන යන්නවුන් දැනගත යුතු ය. ඉලෙක්‌ට්‍රොනික සඟරාවකට යවන ලිපියක්‌ බොහෝ විට පසු දින පළ කරවා ගත හැකි ය. සාම්‍ය සමාලෝචනයට භාජන වන පත්‍රිකා පළ වීමට සාමාන්‍යයෙන් මාස තුනක්‌ හා අවුරුද්දක්‌ අතර කාලයක්‌ ගත වෙයි. ඉලෙක්‌ට්‍රොනික සඟරාවක හා සාම්‍ය සමාලෝචනයට ලක්‌ කරන සඟරා අතර ඇති වෙනස වත් නො දන්නෝ සර්න් පරීක්‍ෂණ සාම්‍ය සමාලෝචනයට ලක්‌ වන සඟරාවක පළ වී නැතැයි අප කී විට අපට ඔච්චම් කරති. මේ පඬියන් ගේ දැනුම ගැන කිව හැක්‌කේ කුමක්‌ ද?

සර්න් පරීක්‍ෂණවලින් බටහිර විද්‍යාවේ ස්‌වභාවය හෙළි වෙයි. ඒ පරීක්‍ෂණ අයින්ස්‌ටයින් අසත්‍යකරණයට ලක්‌ කිරීමට කළා නො වේ. කෙසේ වුවත් න්‍යqට්‍රීනෝවල වේගය ආලෝකයේ වේගයට වැඩි යෑයි ඒ පරීක්‍ෂණවලින් කියෑවෙයි. එහෙත් පරීක්‍ෂණ තුනෙන් න්‍යqට්‍රීනෝවල වේගය පිළිබඳව ලැබී ඇත්තේ ප්‍රතිඵල තුනකි. එහි වරදක්‌ නැත. න්‍යqට්‍රීනෝ එක ම වේගයකින් විශ්වය පුරා චලිත වීම අනිවාර්ය නො වේ. අධිස්‌ඵෝටනයෙන් විසි වුණු න්‍යqට්‍රීනෝවලට වැඩි වේගයකින් සර්න් විද්‍යාඥයන් න්‍යqටෝන විදින්නට ඇත. න්‍යqට්‍රීනෝ ෆොaටෝන මෙන් එක ම වේගයකින් ගමන් කළ යුත්තේ ඇයි දැයි කිසිවෙක්‌ නො කියති. එසේ වීමට අවශ්‍යතාවක්‌ ද නැත.

මහාචාර්ය නලින් ද සිල්වා
(විදුසර)

බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීම හා නෙස්‌ටෝරියන් කුරුසය

පැටළුණු අංශු පිළිබඳ තවත් බොහෝ දේ කීමට ඇතත් අපි එය පසුවට කල් දමමු. අද අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වන්නේ දෘශ්‍යමානය සත්‍ය ද අසත්‍ය ද යන්නත් අදෘශ්‍යමානය නිසැකයෙන් ම අසත්‍ය ද යන්නත් දැනගැනීම ය. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති යන බෞද්ධ නො වන සම්ප්‍රදායක ලියෑවුණු වාක්‍යයක්‌ වැලිකඩ සිරගෙදර තාප්පවල ප්‍රදර්ශනය කෙරෙන අයුරු ඔබ ඇතැම් විට දැක ඇත. ඒ වැකිය බෞද්ධ සම්ප්‍රදායට අයත් නො වුණත්, අප තේරුම් ගත යුතු කරුණ නම් සිරකරුවන් ද මනුෂ්‍ය ප්‍රජාවට අයත් වන බව ය. මිනිස්‌සු ද සත්ත්ව ගණයකට අයත් වෙති. මිනිසුන් පමණක්‌ නො ව තිරිසන් සත්තු ද සත්ත්ව ගණයට අයත් වෙති. මිනිසුන් හැරෙන්නට අනෙක්‌ සත්ත්වයන් ගේ මනස පිළිබඳව බටහිර බොහෝ ජීව විද්‍යාඥයන්ට ප්‍රශ්න ඇත. ඔවුන් අති විශාල බහුතරයකට අනුව අනෙක්‌ සතුන්ට මනස්‌ නැත.

ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට අනුව අනෙක්‌ සත්ත්වයන්ට ද මනස්‌ ඇත. මේ පිළිබඳව මෙරට සිටින පුහු චණ්‌ඩි බටහිර විද්‍යාඥයන් කියන්නේ කුමක්‌ දැයි අපි නො දනිමු. ඔවුන් නාථ දෙවියන් පිළිබඳව දරන ස්‌ථාවරය ද මෙතෙක්‌ නිරවුල් ව කියා නොමැත. ඔවුන් නාථ දෙවියන් නැතැයි කියන්නේ ද? මතු බුදු වන නාථ දෙවි කෙනකු ගැන ඔවුහු විශ්වාස නො කරත් ද? ඔවුහු නාථ දෙවි කෙනකු සිටින බව විශ්වාස කරන නමුත් එතුමා නරයන් (නරයන් ගෙන් කිහිප දෙනකු) සමග ඇතැම් දෑ පිළිබඳව යම් සන්නිවේදනයක යෙදෙන බව විශ්වාස නො කරත් ද? නාථ දෙවියන් ඇතැම් දෑ ගැන එලෙස සන්නිවේදනයක යෙදුණත් රජරට වකුගඩු රෝගයට හේතු (ප්‍රධාන හේතුව වෙන ම සඳහන් කර) පිළිබඳව සන්නිවේදනයක නිරත වන බව ඔවුනට අවිශ්වාස ද? බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් ඉහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල කිනම් ස්‌ථාවරවල සිටින්නේ දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. කෙසේ වෙතත් වරුණ ගුණතිලක දොස්‌තර මහතා ඇතුළු ඒ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට අප කියා සිටින්නේ ආසනික්‌ ප්‍රශ්නය පිළිබඳව දෙවියන් තවමත් ක්‍රියාකාරී වන බවත් ඔවුන් තව කලකට මිනිස්‌ ලොව සැරිසරන බවත් ය.

බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් නො දැන සිටිය ද ප්‍රාණීන් ගේ ලෝකයකට හා අප්‍රාණ ජෛවීන් ගේ ලෝකයකට බටහිර විද්‍යාඥයන් විසින් ජෛවීන් ලෙස හැඳින්වෙන්නවුන් ගේ ලෝකය බෙදිය හැකි බව බෞද්ධයෝ දනිති. මේ ප්‍රාණීහු සසර සැරසරති. ඔවුන්ට මනස්‌ වෙයි. මනස්‌ තිබීමට මොළය හා කොඳු ඇට පේළිය වැනි අවයව තිබීම අනිවාර්ය නො වේ. පණුවන්ට ද මනස්‌ ඇත. තිරිසන් සත්තු අපා දෙපා සිවුපා බහුපා ලෙස වර්ග කරනු ලැබෙති. බටහිර විද්‍යාඥයෝ ඒ සතුන්ට මනස්‌ ඇති බව විශ්වාස නො කළ ද ඒ සතුන් ඇති බව විශ්වාස කරති. ඒ ඔවුන්ට මිනිසුන් මෙන් ම තිරිසන් සතුන් ද පෙනෙන බැවිනි. ඒ සත්ත්වයන් මිනිසුන් ගේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන බැවින් ඒ සතුන් ගේ පැවැත්ම බටහිර විද්‍යාඥයන්ට, පශු වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක්‌ නො වේ.

එහෙත් ප්‍රශ්නය වනුයේ දෙවිවරුන් වැනි නො පෙනෙන සත්ත්වයන් ගේ පැවැත්ම ය. බටහිර විද්‍යාඥයන් ගෙන් අති විශාල බහුතරය දෙවිවරුන් ගේ පැවැත්ම විශ්වාස නො කරන්නේ එවැනි සත්ත්වයන් නොමැති බව ඔවුන් ගේ ඊනියා පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන බැවින් ද? නැති දෙයක්‌ නැති බව ඔප්පු කිරීමට පර්යේෂණ කිරීමට අවශ්‍ය ඇයි දැයි යමකු ප්‍රශ්න කරනු ඇත. කළ යුත්තේ ඇති බව ඔප්පු කිරීම නො වේ දැයි එවැන්නකු තවදුරටත් කියනු ඇත. මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය සමඟ ද ගැටගැසෙයි. එහෙත් අද ඒ ගැන ශිෂ්ට යෑයි සම්මත සමාජයේ සාකච්ජා නො කෙරෙයි.

දෙවියන් වහන්සේ නමින් හැඳින්වෙන, ලෝකය නිර්මාණය කළා යෑයි කියන අයකු ඇත් ද නැත් ද යන වග අප දැනගන්නේ කෙසේ ද? මේ දෙවියන් වහන්සේ ගැන ආබ්‍රහමික ආගම් ලෙස හැඳින්වෙන යුදෙව්, කතෝලික, ක්‍රිස්‌තියානි හා ඉස්‌ලාම් යන ප්‍රධාන ආගම්වල විවිධ නම්වලින් සඳහන් වෙයි. එවැනි දෙවියන් වහන්සේ කෙනකු නැතැයි කීම යම් ආගමකට කරන අපහාසයක්‌ යෑයි කියන්නෝ වෙති. ඒ අතර තවත් අයට අනුව එසේ පැවසීම අන්‍ය ආගම් ඉවසීමට එරෙහි ව යන්නකි. මේ අතර හින්දු භක්‌තිකයෝ ලෝකය නිර්මාණය කළ බ්‍රහ්මන් කෙනකු ගැන විශ්වාස කරති. බ්‍රහ්මන් නැතැයි කීම ද ආගමික සහජීවනයට එල්ල කරන පහරක්‌ යෑයි කියන්නෝ ද වෙති.

එහෙත් සිංහල බෞද්ධයන් විශ්වාස කරන දෙවිවරුන් ගේ පැවැත්ම ගැන තම තමන්ට කැමැති දෙයක්‌ කීමේ නිදහස මෙරට ඕනෑ ම අයකුට ඇත. ඒ දෙවිවරුන් නැතැයි කීමේ දී ආගමික සහජීවනයට, අන්‍ය ආගමික මත ඉවසීම ආදී සම්මතයන්ට කුමක්‌ සිදු වන්නේ දැයි ප්‍රශ්න කරන කිසිවකු නැත. එහි දී ඊනියා යථාර්ථවාදී බෞද්ධයන් ගේ සහාය ඔවුන්ට ලැබෙයි. මේ යථාර්ථවාදී බෞද්ධයෝ බොහෝ විට බටහිර විද්‍යාව කටගා ගත්තෝ වෙති. මේ ඇතැමුන්ට අනුව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර නැත. ඔවුන් එසේ කියන්නේ බුදුන් වහන්සේ ලංකාවට වැඩි බවට සාක්‍ෂි නැතැයි කියමිනි. මේ සාක්‍ෂි අන් කිසිවක්‌ නො ව එකල, එනම් බුදුන් වහන්සේ වැඩි සමයෙහි ලිත සාක්‍ෂි ය. පසු කලෙක ලියූ ලේඛන ඔවුහු නො පිළිගනිති. තවත් සමහර යථාර්ථවාදී බෞද්ධයනට අනුව පුනරුත්පත්තියක්‌ නැත. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්‌ මේ ගණයට අයත් වෙති. ඒ පුනරුත්පත්තිය බටහිර විද්‍යාවට අනුව පෙන්විය නො හැකි නිසා ය. පුනරුත්පත්තිය නැත හොත් පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නො වේ ය යන්න එසේත් නැත්නම් ඒ සඳහා ආනුභවික පදනමක්‌ නැත යන්න මේ යථාර්ථවාදී බෞද්ධයන් ගේ මතය වෙයි.

ඇතැම් යථාර්ථවාදී බෞද්ධයෝ (ඔවුන්ට බටහිර විද්‍යාත්මක බෞද්ධයන් යෑයි කීමේ ද වරදක්‌ නැත) පුනබ්භවයක්‌ නැත යන්න ද ඉක්‌මවා ගොස්‌ බුදුන් වහන්සේ

රැවටිලිකරුවකු ලෙස පෙන්වීමට උත්සාහ දරති. කලක්‌ පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වූ ද දැනට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිකරුවකු වූ ද වික්‌ටර් ගුණසේකර මහතා පවසන්නේ බුදුන් වහන්සේ ආචාර ධර්ම පද්ධතියක්‌ දේශනා කළ බවත් එහෙත් මිනිසුන් එලෙස ආචාර ධර්ම පද්ධතියක්‌ නිසගයෙන් ම නො පිළිගන්නා බැවින් ඔවුන් ඒ සඳහා යොමු කරවීමට එවකටත් දඹදිව විශ්වාසයක්‌ ලෙස පැවැති පුනබ්භවයක්‌ ගැන සඳහන් කළ බවත් ය. එයින් අදහස්‌ කරන්නේ බුදුන් වහන්සේ මිනිසුන් ලවා තමන් වහන්සේගේ ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරවීමට පමණක්‌, නැති පුනබ්භවයක්‌ ගැන කතා කළ බව ය. බුදුන් වහන්සේට මෙතරම් නිග්‍රහයක්‌ කළ හැකි බෞද්ධයන් මේ රටින් ම බිහි වීම බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්‌ මිස අනෙකක්‌ නො වේ.

අප ඉතිහාසය ගොඩනඟන්නේ, එනම් සංස්‌කරණය කරන්නේ වර්තමානයේ දී ය. සැම ඉතිහාසයක්‌ ම එසේ ය. එමෙන් ම වර්තමානය හා අනාගතය ද ඉතිහාසය විසින් සකස්‌ කරනු ලැබෙයි. මෙහි ඇත්තේ චක්‍රීය ස්‌වභාවයකි. අද වැනි කාලයක සිද්ධි පිළිබඳ වාර්තා එදිනෙදා ම ලියෑවෙන නමුත් අනාගතයේ දී ඒ ලියකියවිලි වුවත් කියෑවෙන්නේ එකල ඇති වන සමාජයට හෝ සමාජයේ විවිධ කොටස්‌වලට හෝ සාපේක්‍ෂව ය. අද පශ්චාත්නූතනවාදීන් මහත් උජාරුවෙන් අලුත් කියෑවීමක්‌ ආදී වශයෙන් සඳහන් කරන්නේ නව සාපේක්‍ෂ අර්ථ විවරණයකට මිස අනෙකකට නො වේ. අද ලියෑවෙන ලිපි ලේඛන අනාගතයේ දී ඒ ඒ අයට (ඒ ඒ සමාජ කොටස්‌වලට) සාපේක්‍ෂව අර්ථ විවරණය කෙරෙන්නේ නම් ඉතිහාසය යනුවෙන් ඊනියා යථාර්ථයක්‌ නොමැති බව එයින් පැහැදිලි වෙයි. අනාගතයට කල් නො දී වර්තමානයේ වුව ද සිද්ධීන් එකිනෙකා වාර්තා කරන්නේ ද තම තමන්ට සාපේක්‍ෂව බව අපට පෙනී යයි. එක ම පුවත්පත් කාර්යාලයෙන් නිකුත් කරන සිංහල හා ඉංගිරිසි පුවත්පත්වල එක සිද්ධියක්‌ පිළිබඳව අර්ථකථන දෙකක්‌ දෙනු ලැබීම සුලබ කරුණක්‌ වෙයි.

එසේ නම් පඬියන් ලිත සාක්‍ෂි ඉල්ලීම එතරම් තේරුමක්‌ ඇති දෙයක්‌ නො වෙයි. ඇතැම් දේ ජනප්‍රවාදයෙහි අලිඛිත ව පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය වෙයි. එසේ සන්නිවේදනය වීමේ දී යම් යම් දේ එකතු වීම් අඩු වීම් සිදු වන බව පැහැදිලි ය. එහෙත් එසේ වන්නේ මුඛ පරම්පරාගත කරුණුවල දී පමණක්‌ නො වේ. ලේඛන ද පරම්පරාවෙන් පරම්පරාවට පිටපත් කිරිමේ දී වෙනස්‌ වෙයි. එසේ නො වුණ ද අර්ථකථන ලෙස ගත හොත් ඒ සියල්ල වෙනස්‌ වෙයි. ඒ වෙනස සිදු වන්නේ ඒ ඒ සමාජයේ ජීවත් වන විවිධ සමාජ කොටස්‌වලට අවශ්‍ය පරිදි ය. අප අනාගතය සකස්‌ කරගන්නේ අතීතය හා වර්තමානය අනුව බැවින් අනාගතය වර්තමානයේ දී අප අතීතය දකින ආකාරයෙන් සකස්‌ කෙරෙයි. ඒ අර්ථයෙන් ගත හොත් අප අනාගතය සකස්‌ කරගැනීම සඳහා ඉතිහාසය අර්ථකථනය කරන්නේ යෑයි කිසිවකුට කිව හැකි ය.

අපි ඉතිහාසය සකස්‌ කර ගැනීමේ දී ලිඛිත සාක්‍ෂි මත ද ජනප්‍රවාද මත ද පදනම් වෙමු. ලිත සාක්‍ෂි, එනම් අදාළ යුගයේ ම ලියෑවුණු ලිඛිත සාක්‍ෂි නොමැති ව ඉතිහාසය හැදෑරිය නො හැකි නම් ප්‍රාග් ඉතිහාසයට කුමක්‌ සිදු වේ ද? අද පුරාවිද්‍යාව නමින් හැදැරෙන ක්‍ෂෙත්‍රයෙහි ඒ ඒ යුගවල ලියෑවුණු ලිඛිත සාක්‍ෂි නොමැත. එහෙත් අපි ඒ සඳහා වෙනත් සාධක සාක්‍ෂි වශයෙන් ගනිමු. අපට අවශ්‍ය වන්නේ ජනප්‍රවාද, ලිපි ලේඛන (ශිලා ලේඛන ඇතුළත් ව) පුරාවිද්‍යාත්මක සාධක ආදිය උපයෝගී කරගනිමින් සංගත කතාවක්‌ ගොඩනඟා ගැනීම ය. කුමන ඉතිහාස කතාවක්‌ වුව ද අර්ථකථනයක්‌ බව අමතක නො කළ යුතු ය. එය විවිධ කරුණුවලට සාපේක්‍ෂ වූවකි. ඉතිහාසය පමණක්‌ නො ව බටහිර භෞතික විද්‍යාව ද සාපේක්‍ෂ වූ කතාන්දර රාශියක එකතුවක්‌ පමණකි.

එහෙත් අද ඇතැමුන් එක්‌ පැත්තකින් ඊනියා සාක්‍ෂි නොමැති ව ලෝකය මැවූ දෙවියන් වහන්සේ පිළිගන්නා අතර සාක්‍ෂි නොමැති යෑයි කියමින් දෙවිවරුන් ගේ පැවැත්ම නො පිළිගන්නේ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයේ බලපෑම හේතු කොටගෙන ය. ඒ අතර අද සමහර ක්‍රිස්‌තියානි අන්තවාදීහු කිසි ම සාක්‍ෂියක්‌ නොමැති ව කාශ්‍යප රජු ක්‍රිස්‌තු භක්‌තිකයකු යෑයි කීමට උත්සාහ ගනිති. ඇතැම් ප්‍රසිද්ධ දේවස්‌ථානවල ක්‍රිස්‌තියානි කාශ්‍යප රජකු ගේ පිළිම ඇඹිමකට උත්සාහ ගනු පෙනෙයි. අනුරාධපුරයේ හමු වී යෑයි කියන නෙස්‌ටෝරියන් කුරුසයක්‌ මත පදනම් වී එකල මෙහි ක්‍රිස්‌තියානින් ජිවත් වී යෑයි කීමට හැකි නො වේ. පළමුවෙන් ම නෙස්‌ටෝරියන් කුරුසය හමු වීම පිළිබඳ සාම්‍ය සමාලෝචනයට බඳුන් වූ ඊනියා පර්යේෂණ පත්‍රිකාවක්‌ තිබේ ද?

අප මේ ප්‍රශ්නය නඟන්නේ සාම්‍ය සමාලෝචන හා පර්යේෂණ පත්‍රිකා ගැන අප විශ්වාස කරන බැවින් නො ව එය ක්‍රිස්‌තියානි සම්ප්‍රදායට අයත් නිසා ය. නෙස්‌ටෝරියන් කුරුසයේ මතු වීම පිළිබඳ ව ක්‍රිස්‌තියානි සම්ප්‍රදාය අනුව පළ වී ඇති පත්‍රිකා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමේ කිසිදු වරදක්‌ නැත. එවැනි කුරුසයක්‌ තිබිණි ද එයින් ක්‍රිස්‌තියානි ස්‌ථිර පදිංචිකරුවන් සිටි බවක්‌ ඔප්පු කිරීමට අන්තවාදීන්ට නො හැකි ය. බටහිර ආසියාවෙන් පැමිණි ක්‍රිස්‌තියානි වෙළෙන්දන් එවැනි කුරුසයක්‌ ගෙන ඒමට ඇති සම්භාවිතාව ඉතා අධික ය. අන්තවාදීන් නෙස්‌ටෝරියන් කුරුසය තිබූ පමණින් කාශ්‍යප රජු ක්‍රිස්‌තියානි යෑයි කියන්නේ කවර පදනමකින් ද? මේ නම් පැහැදිලිව ම ඉතිහාසය විකෘති කිරීමකි. ඉතිහාසය එලෙස විකෘති කරමින් ම බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ බවට සාක්‍ෂි නැතැයි කියන්නේ ජනප්‍රවාදය ඉවත ලමිනි.

මහාචාර්ය නලින් ද සිල්වා
(විදුසර)

අඩවියට විඩියෝ Gadget එකක්

Form Example:
PRIVIEW

සරල Navigation Bar එකක්! -READ MORE

ඔගෝල්ලෙන්ගේ අඩවියට සරල Navigation Bar එකක්!

Form Example:



ආධානග්‍රාහී අයින්ස්‌ටයින්

බටහිර විද්‍යාවේ ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පාර තොටේ හමුවන ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ නො ව බටහිර විද්‍යාව හදාරා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි යම් පරිණතභාවයකට පත් වූ අයකුට කළ හැකි පරීක්‍ෂණ බව අපි දුටුවෙමු. එහෙත් බටහිර විද්‍යාවේ හා විද්‍යාවේ දර්ශනයේ එසේ නො කියෑවෙනවා පමණක්‌ නො ව ජනතාවට වැරැදි නිගමනවලට පැමිණීමට ඉඩ සලසවමින් ඒ පාරතොටේ හමු වන ඕනෑ ම අයකුට වුව ද කළ හැකි පරීක්‍ෂණ ලෙස ඒත්තු ගැන්වෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි ය.

බටහිරයන් එසේ කරන්නේ එක්‌තරා තක්‌කඩි අදහසකින් යෑයි සිතමි. එසේ බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ පාරතොටේ වුවත් හමු වන ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ ලෙස හඳුනා ගැනීමට සැලැස්‌වූ කල අනෙක්‌ දැනුම් පද්ධතියක්‌ ද ඕනෑ ම අයකුට දැනගැනීමට හැකි අයුරෙන් තිබිය යුතු බවට නිර්ණායකයක්‌ පැනවීමට බටහිරයන්ට අවකාශ ලැබෙයි. ඒ තම දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යැම උදෙසා කරන සටකපට ප්‍රයෝගයක්‌ වේ. බටහිරයන් අනෙක්‌ අය ගෙන් ඉල්ලන්නේ තමන් ද නො රකින ප්‍රතිපත්තියක්‌ රැකීමට ය. පාරතොටේ හමු වන ඕනෑ ම අයකුට තබා විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක්‌ ලත් අයකුට වත් ගිබ්ස්‌ බෝසෝනය ඇත් ද නැත් ද යනුවෙන් දැනගැනීමට පරීක්‍ෂණයක්‌ කළ නොහැකි ය.

පළමුවෙන් ම ඒ සඳහා බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවක්‌ හදාරා තිබිය යුතු ය. දෙවනුව ඒ සඳහා පරීක්‍ෂණ කරන කණ්‌ඩායමක්‌ සමඟ එකතු විය යුතු ය. එවැනි කණ්‌ඩායම් ලෝකය පුරා හතු පිපී ඇත්තාක්‌ මෙන් දැකගත හැකි නො වේ. එයට හේතුව ඒ සඳහා විශාල ධනස්‌කන්ධයක්‌ වැය කිරීමට සිදු වීම ය. තමන් ගේ වියදමින් එවැනි පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ ඇති කර ගැනීමට හැකියාවක්‌ හා උනන්දුවක්‌ ඇති පුද්ගලයකු ඇතැයි සිතිය නො හැකි ය. ගිබ්ස්‌ බෝසෝනය ඕනෑ ම අයෙකුට කළ නො හැකි පරීක්‍ෂණයක්‌ සඳහා දිය හැකි එක ම උදාහරණය නො වේ. බොහෝ සාමාන්‍ය පරීක්‍ෂණ පවා ඕනෑකම තිබිණ ද ඕනෑ ම අයකුට කළ හැකි නො වේ.

අනෙක්‌ අතට බටහිර විද්‍යාව ප්‍රථම උපාධි මට්‌ටමට වත් හැදෑරීමට අවකාශ ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ දෙනකු සාමාන්‍ය පෙළ මට්‌ටමෙන් ඉහළට බටහිර විද්‍යාව නො හදාරති. එයට විවිධ හේතු තිබිය හැකි ය. අදාළ පාසලේ අවශ්‍ය පහසුකම් නැති වීම එයට එක්‌ හේතුවක්‌ පමණකි. ඇතැමුනට බටහිර විද්‍යාව ඉගෙනීමට එතරම් කැමැත්තක්‌ නැති වීම තවත් හේතුවකි. ඔවුන් වඩා කැමැති මානව ශාස්‌ත්‍ර, සමාජයීය විද්‍යා විෂය හැදෑරීමට ය. තවත් අයට බටහිර විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය චින්තනය නැත. විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට තරමක වුවත් වියුක්‌ත චින්තනයක්‌ අවශ්‍ය වෙයි. බොහෝ බටහිර ජෛවීය විද්‍යා ශිෂ්‍යයනට තරමක වියුක්‌ත චින්තනයක්‌ තිබිණි ද බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය තරමේ වියුක්‌ත චින්තනයක්‌ නැත.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෝ දෙවිවරුන් ගෙන් හෝ අත්පත් කරගන්නා දැනුම් සම්බන්ධයෙන් ද කිව හැක්‌කේ එවැනි ම කරුණු ය. ඕනෑ ම අයකුට එසේ දැනීම ලබාගැනීමේ හැකියාව නැත. ඒ සඳහා සසර කරන ලද කුසල් තිබිය යුතු ය. ඇතැම් විට පාරමී ශක්‌තිය වර්ධනය කර තිබිය යුතු ය. බටහිරයන් තමන් ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑ ම අයකුට දැනගත හැකි වන අයුරින් අදාළ දැනුම ඉදිරිපත් කරන ලෙස කියා සිටිය ද අප එසේ කිරීමට බැඳී නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ බටහිරයන් ගේ පරීක්‍ෂණ ඕනෑ ම අයකුට කළ හැකි ගණයේ ඒවා නො වීම ය. ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ කිරීමට හැකියාව ඇත්තේ ලෝක ජනගහනයෙන් කී දෙනකුට ද?

එසේ නම් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ හැකියාව ඇති අය ගේ ප්‍රතිශතය එයටත් වඩා අඩු විය යුතු ය. සමස්‌ත සත්ත්ව සංඛ්‍යාව ගත හොත් මිනිස්‌ භවයක්‌ ලබාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක්‌ බව ඉතා පැහැදිලි ය. මිනිසුන් අතර ආධ්‍යාත්මික ශක්‌තියෙන් හෙබි අය ගේ ප්‍රතිශතය ඉතා කුඩා වීම අරුමයක්‌ නො වේ. ඒ සඳහා කුසල් ශක්‌තිය අවශ්‍ය වෙයි. මට ද ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක්‌, කුසල ශක්‌තියක්‌ නොමැති බව ප්‍රකාශ කළ යුතු ය. එහෙත් එවැනි ශක්‌තීන් ඇති පුද්ගලයන් සිටින බව පිළිගැනීමට මගේ නොහැකියාව ප්‍රශ්නයක්‌ නො වේ.

අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නො වේ. එසේ කිරීමට ගිය හොත් අපට කිසිවක්‌ කරගත නො හැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි. අප ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරන්නේ අප ඉලෙක්‌ට්‍රොaන දැක ඇති නිසා නො වේ. අප තබා කිසිවකු ඉලෙක්‌ට්‍රොaන දැක නැති සන්දර්භයක අප ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරන්නේ අපේ විශ්වාසයට පාත්‍ර වූ පුද්ගලයන්, ගුරුවරුන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් ඉලෙක්‌ට්‍රොaන ඇතැයි යන හැඟීම අපට දී ඇති බැවිනි. බොහෝ විට ඒ අයට ද ඒ හැඟීම ඇත. ඉලෙක්‌ට්‍රොaන ගැන නො ව විද්යුතය ගැන වත් කිසි ම පරීක්‍ෂණයක්‌ නො කළ අය ඉලෙක්‌ට්‍රොaන ඇතැයි විශ්වාස කරන්නේ පරීක්‍ෂණවල බලමහිමය නිසා නො වන බව පැහැදිලි ය. ඔවුන්ට එසේ විශ්වාස කිරීමට පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නො නඟී. ඔවුහු ඒ ගැන ප්‍රශ්න කිරීමකින් පවා තොර ව ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරති.

උගත් යෑයි සම්මත අය ආධ්‍යාත්මික ශක්‌තිය ඔස්‌සේ දැනුම ලබාගන්නන් කියන දේ විශ්වාස නො කරන බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ඒ අය පිළිබඳ ප්‍රසිද්ධියේ විශ්වාසයක්‌ ඇති කර ගැනීමට සමාජයෙන් ඉඩක්‌ නො ලැබෙන බැවිනි. මෙරට උගතුන් යෑයි සම්මත වූවනට අයින්ස්‌ටයින් කියා ඇති මෝඩ කතාවක්‌ වුව ද විශ්වාස කිරීමට හා එය පුනරුච්චාරණය කිරීමට බාධාවක්‌ නැත. දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි අයින්ස්‌ටයින් ප්‍රකාශ කර ඇත්තේ ක්‌වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණය ගැන එකඟ නො වෙමිනි.

කෝපන්හේගන් විවරණයේ අඩුපාඩුකම් ඇති බව පැහැදිලි ය. එහෙත් ක්‌වොන්ටම් භෞතිකයේ මිනුම් ගැන ද නිව්ටෝනීය හා අයින්ස්‌ටයිනීය භෞතිකයේ මිනුම් ගැන මෙන් කල් ඇති ව ප්‍රකාශ කළ හැකි විය යුතු යෑයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ ආධානග්‍රාහීව (dogmatically) කරන මෝඩ ප්‍රකාශයක්‌ පමණකි. ක්‌වොන්ටම් අංශූ හා ඊනියා සම්භාව්‍ය අංශූ එක ම ආකාරයකින් හැසිරිය යුතු යෑයි අපට උපකල්පනය කිරීමට ඇති අයිතිය කුමක්‌ ද? එහෙත් අයින්ස්‌ටයින් ගේ ප්‍රකාශය මහදැනමුත්තකු ගේ ප්‍රකාශයක්‌ ලෙස ඉදිරිපත් කිරීමට මෙරට උගතුන් යෑයි සම්මත අය ගෙන් ඒ ප්‍රකාශය ගැන කියවා ඇති අය (ඔවුන් මහා පරිමාණයෙන් සොයාගත නො හැකි ය) සැදී පැහැදී සිටිති. ක්‌වොන්ටම් භෞතිකය සම්බන්ධයෙන් අයින්ස්‌ටයින් ඉතා ම ආධානග්‍රාහී පුද්ගලයකු ලෙස එයට විරුද්ධව විවිධ ප්‍රකාශ කළේ ය.

දෙවියන් දැක ඇති අය දෙවියන් සිටින බව කී විට මෙරට උගතුන් ඒ විශ්වාස නො කරන්නේ ඇයි? අද නාථ දෙවියන් නමින් පෙනී සිටින දෙවි කෙනෙක්‌ හා තවත් දෙවිවරු, විශේෂයෙන් ම විපස්‌සක දෙවියන්, ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන එක්‌ කාන්තාවකට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳව විවිධ උපදෙස්‌ දෙති. මට දෙවිවරුන් සමඟ සම්බන්ධ වීමට තරම් කුසල් ශක්‌තියක්‌ නොමැති නමුත්, ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක්‌ නැති නමුත්, ඉතා මෑතක දී මගේ හෘදයාබාධයක්‌ සුව කරන ලද්දේ මේ දෙවිවරුන් විසින් බව මා කිහිප වතාවක්‌ ම ප්‍රසිද්ධියේ කියා ඇත. මේ දෙවිවරුන් සිටින බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවිවරුන්ට ඉතා විශිෂ්ට වූ දැනුමක්‌ ඇති බවත් මම දනිමි.

එහෙත් ඒ දැනුම පිළිබඳ විශ්වාසයක්‌ ඇති කර ගැනීමට උගත් සමාජයෙන් අපට බාධා එල්ල වෙයි. මේ උගතුන් ගෙන් බොහෝ දෙනා කතරගම යන බව ද පෞද්ගලික ව දෙවියන් විශ්වාස කරන බව ද මම දනිමි. එපමණක්‌ නො ව ඔවුන් ගෙන් කිහිප දෙනකු පෞද්ගලික ව විපස්‌සක හා නාථ දෙවිවරුන් ගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට වැළඳී තිබූ අසනීප සුව කරගත් බවත් දනිමි. අවශ්‍ය වුව හොත් ඔවුන් ගේ නම් ගම් හෙළිදරව් කිරීමට ද මම පසුබට නො වෙමි. එහෙත් ඒ නාථ දෙවියන් ම රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ (ආසනේට්‌) බව ද ඇතැම් පෙදෙස්‌වල ඇති කිවුල සහිත ජලය හා කුඹුරු පස ද එයට අවශ්‍ය වන බව ද පවසන විට මේ උගත්තු එයට විරුද්ධ වෙති.

මේ නාථ දෙවියන් යනු මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ යෑයි ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන කාන්තාව කියයි. එය ඇත්ත වුවත් නැතත් මේ දේව මණ්‌ඩලයෙහි ප්‍රධානියා නාථ නම් දෙවි කෙනකු බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවියන් කවරකු වුවත් තවමත් බුද්ධත්වයට පැමිණ නොමැති බැවින් එතුමන් අතින් ඇතැම් විට වැරැදි සිදු විය හැකි බවත් මම විශ්වාස කරමි. එමෙන් ම එතුමන්ට ද යම්කිසි දේශපාලනයක්‌ ඇති බවත් මෙරට සුබ සිද්ධිය සඳහා මේ මේ දේ මේ මේ ආකාරයට සිදු විය යුතු යෑයි එතුමන් විශ්වාස කරන බවත් මට තේරුම් ගොස්‌ ඇත. ඒ දේශපාලන ව්‍යාපෘතියෙහි මා සිටියත් නැතත්, එතුමන් ගේ සැම ක්‍රියාවක්‌ සමඟ ම මට එකඟ වීමට නොහැකි වුවත්, සිංහල බෞද්ධ විද්‍යාවක්‌ ගොඩනැඟීම හා සිංහල බෞද්ධ සමාජයක්‌ නැවත ඇති කිරීම යන කරුණුවල දී මම එතුමන්ට සහාය වෙමි.

එතුමන් ගේ ඇතැම් අදහස්‌ සමග මා එකඟ නො වන්නේ මට වැටහෙන ආකාරයට බව අමුතුවෙන් කිව යුතු නො වේ. මට වැටහෙන අයුරින් මා ඇතැම් කරුණුවල දී එතුමන් සමඟ එකඟ නො වන්නේ වෙනත් අයකු සමග එකඟ නො වන ආකාරයෙන් ම ය. වර්තමානය සම්බන්ධයෙන් මේ දෙවිවරුන්ට ඇති දැනුම අති විශිෂ්ට ය. ඒ දෙවිවරු තම දැනුම ප්‍රකාශ කිරිමේ දී මාධ්‍යයක්‌ ලෙස ඇතැම් විට බටහිර විද්‍යාවේ බස ද යොදා ගනිති. ඒ අපේ පහසුව සඳහා ය. විපස්‌සක දෙවියන් ගේ දැනුම සම්බන්ධයෙන් එතුමන්ට නොබෙල් තෑගි දෙන්නේ නම් රාශියක්‌ ම දිය හැකි ය. එහෙත් අනාගතය ගැන දෙවිවරුන්ට වුව ද සියයට සියයක විශ්වාසයකින් ප්‍රකාශ කළ හැකි නො වේ. රහතන් වහන්සේ අතර ද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අගතැන් පත් වූවෝ සිටිය හ. එසේ නම් දෙවිවරුන් අතර අනාගතය කීම සම්බන්ධයෙන් ද විවිධ හැකියාවන්a ඇති අය සිටීම අරුමයක්‌ නො වේ.

පෞද්ගලික ජීවිතයෙහි දී නාථ දෙවියන් විශ්වාස කරමින් එතුමන් ගෙන් ප්‍රතිකාර ගනිමින් ප්‍රසිද්ධ ජීවිතයෙහි දී නාථ දෙවියන් නැතැයි කීමට තරම් ඊනියා උගතුන්, විද්‍යාඥයන් යෑයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පීන් (මේ, තාක්‍ෂණ ශිල්පීන්ට කරන අගෞරවයක්‌ ලෙස නො සැලකිය යුතු ය) කුහක වන්නේ ඔවුන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ඇති බිය මේ යෑයි පෙන්නුම් කරමිනි. අයින්ස්‌ටයින් මොන තරම් මෝඩ ආධානග්‍රාහී ප්‍රකාශයක්‌ කළත් එය පිළිගැනීමටත්, නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් සංයුක්‌තව වර්තමානයේ දී තමන්ට දැනෙන දේ ප්‍රකාශ කළ විට ඒ ප්‍රතික්‍ෂේප කිරීමටත් ඊනියා විද්‍යාඥයන් පෙලඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වන බැවින් ය. වත්මන් දේශපාලනය ප්‍රධාන වශයෙන් ම බටහිර දැනුම ඔස්‌සේ ක්‍රියාත්මක වෙයි. ඊනියා දැනුම් සමාජ ආදී සංකල්ප බටහිරින් අපට එවන්නේ මේ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. අනෙක්‌ පැත්තෙන් ඒ සංකල්ප ඔස්‌සේ බටහිර ආධිපත්‍යය දිගට ම පැවැත්වෙයි. 

මහාචාර්ය නලින් ද සිල්වා 2011අගෝස්තු 

පුනරාගමනය - විද්යා ප්රබන්ධ

මහාචාර්ය්ය දහම් විඡේවර්ධන
සිය අසුනින් නැඟී සිටියේ,
බොහෝ වේලාවක් පරිගණකය
දෙස බලා සිටීමෙන් වෙහෙසට
පත් සිය දැසට විවේකයක් දෙනු
සඳහා ය. හෙතෙම සිය
කාර්යාල කාමරයේ වූ ජනෙල්
පෙළ වෙත ගොස් ඉන් පිටත
පෙනෙන ලොව දෙස නෙත් යොමු
කළේ ය.
එසේ කාර්යාලයේ ජනේලයෙන්
පිටත බලන සැම විට ම
පාහේ සිදු වන අයුරින් ඔහු
වෙතින් අද ද සුසුමක් පිට විය.
අද දිනය ක්රි.ව. 2040 අප්රේල්
27 වැනි දා ය. මීට දශක
දෙකකට පමණ පෙර
මිනිසා අනාගතය පිළිබඳ
ඉතා අප්රසන්න සිහින දුටුවේ ය.
ජීවයට අහිතකර වාතයෙන්
ආරක්ෂා වීමට ශ්වසනාධාරක
වෙස්මුහුණු පැළඳ උෂ්ණාධික
කොන්ක්රීට් වනාන්තරයක
විවිධාකාරයේ යන්ත්ර-සූත්ර
අතර ජීවත් වීම සිය ඉරණම
වෙතැ'යි මිනිසා බිය විය.
තුන්වැනි ලෝක යුද්ධයෙන් පසු
ලොව බොහෝ රටවල් එම ඉරණම
අත්පත් කොටගෙන කාලයක් දුක්
විඳ, අවසානයේ ආර්ථික ව
අස්ථාවර ව, සාගත
හා වසංගත නිසා විනාශයට
පත් විය. එහෙත්,
දේශප්රේමිත්වයෙන් එක් වූ
බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනකු
ගේ අප්රතිහත
ධෛර්යයේ ප්රතිඵලයක් ලෙස අද
ශ්රී ලංකාව එම අවාසනාවන්ත
ඉරණමෙන් මිදී ඇත.
අද ශ්රී ලංකාවේ පවතින
මේ සුන්දර පරිසරයත්, ස්ථාවර
ආර්ථිකයත්, සාමූහික ජන
සමාජයත් දැන් සාමාන්ය
දේ බවට පත් ව ඇත.
මේ තත්ත්වයට රට ගෙන ඒමට
කළ කැපවීම් බොහෝ දෙනකුට
දැන් අමතක ව ඇතත්, එම
මහා සමාජ
විප්ලවයේ පුරෝගාමී
මෙහෙවරක් ඉටු කළ
මහාචාර්ය්ය දහම්ට එම
තීරණාත්මක කාල පරිච්ඡේදය
අමතක කළ නො හැකි ය. සිය
කාර්යාලයේ ජනේලයෙන් ඉවත
බලන සැම මොහොතක ම සිය
කාර්යභාරය සාර්ථක ව ඉටු වී
ඇතැ'යි යන සැනසිලිදායක
සිතිවිල්ල නිසා ඔහු ගේ සිත
සැහැල්ලු වේ.
තව දින දෙකකින් ශ්රී
ලංකාවේ හතරවැනි පාලක
මණ්ඩලයේ නායකතුමා ගේ පදවි
ප්රාප්තියේ පස්වැනි සංවත්සර
උත්සවය යෙදී ඇත. ඒ වෙනුවෙන්
පැවැත්වෙන්නේ, ඉතා චාම්
රාජ්ය උත්සවයකි. එනමුත්,
නායකතුමා ගේ ඉල්ලීම පරිදි
සැම විද්වත් සභාවක් විසින් ම,
රටේ පුරවැසියන්
ගේ යහපැවැත්ම උදෙසා වූ
නව නිර්මාණයක්, යෝජනාවක්
හෝ සංකල්පයක් එදින ඉදිරිපත්
කළ යුතු ය.
මීට වසර 15කට පෙර ඇති කළ
එම ''විද්වත් සභා'' සංකල්පය
පාඨකයාට නුහුරු දෙයක් විය
හැකි ය. එහෙත්,
මේ මහා විප්ලවයේ,
මේ සාර්ථකත්වයේ,
මේ සැනසිලිදායක වටපිටාවේ,
කොඳුනාරටිය එයයි. විධායක
ජනාධිපති ධූරය තමා විසින් ම
අහෝසි කරමින් නව පාලක
සභා ක්රමය හඳුන්වා දුන්,
පුනරුද යුගයේ ප්රථම
නායකතුමා ගේත්, මහාචාර්ය්ය
දහම් විඡේවර්ධන ඇතුළු උගත්
දේශප්රේමීන් පිරිසක ගේත්
සංකල්පයක් අනුව ප්රධාන
විද්වත් සභා 7ක් ඇති කරන ලදී. ඒ
කෘෂිකර්මය, බලශක්තිය,
කර්මාන්ත හා තාක්ෂණය,
ආහාර හා සෞඛ්යය, ආර්ථිකය,
අධ්යාපනය හා සංස්කෘතිය,
ආරක්ෂාව හා යටිතල පහසුකම්
යන අංශ 7 සඳහා ය.
රටේ වර්තමානය හෝ අනාගතය
හෝ වෙනුවෙන් ගනු ලබන සැම
තීරණයක් ම ගනු ලැබුවේ, ඒ ඒ
අංශයට අදාළ විද්වත් සභාව
හෝ විද්වත් සභා කිහිපයක
එකතුවක් විසිනි. පාලක
මණ්ඩලයේ හා ඊට අනුබද්ධ
ප්රාදේශීය දේශපාලන
ආයතනවල කාර්යභාරය වූයේ,
ජනතාව ගේ අදහස් හා ගැටලු
විද්වත් සභා වෙත ගෙන යැම
හා විද්වත් සභාව විසින්
යෝජනා කෙරෙන ව්යාපෘතීන් ඒ
අකාරයට ම ක්රිsයාත්මක කිරීම
ය.
බලශක්ති සභාවේ ප්රධානියා වූ
මහාචාර්ය්ය දහම්,
ලංකාවේ සිටින උගතුන් අතරින්
එම තනතුර සඳහා උචිත ම
පුද්ගලයා ය. ඒ
එතුමා ගේ බුද්ධිය, හසල දැනුම
හා ක්ෂේත්රයේ අත්දැකීම
නිසා පමණක් නො ව,
දේශප්රේමීත්වය
හා නො පසුබස්නා උත්සාහය ද
නිසා ය. වර්තමානයේ ජාතික
වීරවරයකු ලෙස බුහුමන් ලැබ
සිටින එතුමා, එම ගෞරව නාමය
සඳහා නිසැකව ම සුදුසු ය.
එතුමා දැනට වසර 20ක් වන
පුනරුද යුගයේ ප්රධාන
නියමුවෙකි. මුළු ලොව ම බලශක්ති
අර්බුදයේ පතුලට කිමිදෙන තුරු
ම, ප්රබල රටවල් ඉතිරි වූ
ස්වාභාවික ශක්ති ප්රභව
වෙනුවෙන් ඇන කොටා ගනිත් දී,
ලොව සියලු ම න්යෂ්ටික
බලාගාර තෙවැනි ලෝක
යුද්ධයෙන් විනාශ ව යද්දී
මේ පඬිවරයා ගේ දූරදර්ශී
ඥනය නිසා ශ්රී ලංකාවට එම
විපතින් මිදීමට වාසනාව
ලැබිණ. මීට වසර 20කට පෙර
එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ
උපහාසයට ලක් කළ, එයට එකල
සහාය පළ නො කළ අඥනයන්
පවා අද එතුමා සිහි
කරන්නේ කෘතඥතා පූර්වකව ය.
තව දින දෙකකින් එළඹෙන
සංවත්සර දින උළෙලේ දී,
බලශක්ති සභාව වෙනුවෙන්
තමාට ජාතිය හමුවේ විනාඩි
15ක පමණ කතාවක් පවත්වා,
සිය නව සංකල්පය
හෝ නිර්මාණය ඉදිරිපත් කිරීම
ඔහුට භාර ව ඇත. එදිනට
ඉදිරිපත් කරන නව නිර්මාණය
හෝ යෝජනාව කුමක්දැ'යි දහම්
තව ම තීරණයක් ගෙන නැත.
මේ වන විටත් ඔහු යටතේ කටයුතු
කරන ව්යාපෘති කණ්ඩායම් 7ක්
නව නිර්මාණ 7ක් පිළිබඳ
පරීක්ෂණ පවත්වමින් සිටියි.
බලශක්ති
ව්යාපෘතියේ සාර්ථකත්වය,
ප්රායෝගිකත්වය,
කාර්යක්ෂමතාව
හා ආකර්ෂණීයත්වය මත ඉන්
වඩාත් සුදුසු ව්යාපෘතිය
තෝරා ගත යුතු ව ඇත්තේ ද,
දහම් ප්රමුඛ බලශක්ති
සභාවේ විධායක මණ්ඩලය ය.
නව නිර්මාණයක් කිරීමට වඩා,
ඊට පෙර කිරීමට සිදු වන
දේශනය අසීරු යෑ'යි දහම්ට
සිතේ. මක්නිසා ද යත්, එය ද
භාරදූර වගකීමක් වන බැවිනි.
තමා ගේ සැම වදනක් ම පොදු
ජන සමාජය වෙත යම්
බලපෑමක් එල්ල කරන බව ඔහු
දනියි. ඒ ජනතා සිත් තුළ
මේ අසිරිමත් පඬිවරයා කෙරෙහි
අතිමහත් ගෞරවයක්
හා විශ්වාසයක් ඇති නිsසා ය.
ජනතා සිත්වල විශ්වාසය,
උද්යෝගය, දේශප්රේමීත්වය
හා අවබෝධය ඇති වන අයුරින්
සිය දේශනය පැවැත්වීම විශාල
අභියෝගයකි.
ජනේලයෙන් පෙනෙන, අවට
පරිසරය සිසාරා විහිද ඇති
හරිතවන්
තුරුලතාදියේ සුන්දරත්වය
විඳිමින්, ඔහු සිතට විවේකයක්
ලබා දුන්නේ දේශනය
සඳහා හොඳ අදහස් කිහිපයක්
ගොනු කර
ගැනීමේ බලාපොරොත්තුවෙනි.
ක්ෂිතිජය තෙක් සිසාරා විහිද
ඇති හරිත පැහැය දකින දහම්
ගේ සිත අතීතය
ආවර්ජනා කරන්නට විය.
එවක පැවැති රජය විසින්
පෙට්රල් ලීටරය රු. 2000/-ක්
ලෙස මිල ඉහළ දැමූ දිනය ඔහුට
අද මෙන් මතක ය. ඒ තවත් රු. තුන්
සියයකින් ඉන්ධන මිල වැඩි වී ජන
ජීවිත පීඩාවට පත් වූ නිසා ම
නො ව, සිය ජීවිතයේ ප්රධාන
හැරුම් ලCෂ්යය සටහන් වන්නේ,
එදා නිසා ය. ඒ වන විට ඔහු
මොරටුව
විශ්වවිද්යාලයයේ තෙවැනි
වසරේ ඉංජිනේරු සිසුවෙකි. ඔහු
සිය විෂය පථය ලෙස
තෝරාගෙන තිබුණේ, පරිගණක
ඉංජිනේරු විද්යාව වුව ද,
මේ සුවිශේෂ දිනයේ සිsට ඔහු
ගේ සිත වෙහෙසුණේ,
අනාගතයේ උදා වන ලෝක
බලශක්ති අර්බුදයට විසඳුම්
සෙවීමට ය. එදා සිට ඔහු
දිවා රාත්රී නො බලා එම විෂය
පථය අධ්යයනය කළේ ය.
අසහාය බුද්ධිමතකු වූ දහම්
විඡේවර්ධන නම් ඉංජිනේරු
සිසුවාට බොහෝ බහුජාතික
සමාගම් හා ප්රබල රටවල්
සාමාන්ය ජනතාව ගෙන් වසන්
කිරීමට උත්සාහ කළ, ලෝක
බලශක්ති අර්බුදයේ වර්තමාන
තත්ත්වය හා අනාගතය
අතැඹුලක් ලෙස අවබෝධ විය.
ඒ වන විට ඇමෙරිකාව ප්රමුඛ
අධිරාජ්යවාදී රටවල් කිහිපයක්
ලොව පුරා බොහොමයක් රාජ්ය
සිය කුමන්ත්රණකාරී උපක්රම
යොදා අරාජික කොට වක්ර ව
සිය අණසකට යටත් කොටගෙන
තිබිණ. ඔවුහු එම රටවල සම්පත්
සූක්ෂ්ම ලෙස සිය රටවල් වෙත
අද්දමින් සිටිය හ.
අධිරාජ්යවාදී කුමන්ත්රණ
හමුවේ අගතියට පත් රාජ්යයන්
තුළ ඇති ව තිබූ, දිනපතා බෝම්බ
පිපිරෙමින් උනුන් ඇන
කොටා ගන්නා ඉතා ඛේදනීය
තත්ත්වය දැක දැකත්, තව තවත්
රටවල් බල ලෝභය හා ධන
ලෝභය පදනම් කොටගෙන හටගත්
අභ්යන්තර දේශපාලන
පාවාදීම් නිසා ඇමෙරිකානු
කඳවුරේ උගුල්වලට හසු විය. සිදු
වෙමින් පවතින මේ කුරිරු
හා අමානුෂික ව්යාපාරයට ද
මූල හේතු ව ඛනිජ ඉන්ධනවල
ශීඝ්ර ක්ෂය වීම බව දහම්
ගේ විචක්ෂණ නුවණට අවබෝධ
විය. ලොව ඇති සම්පත්වලට වඩා,
නාමික ව නිකුත් කර ඇති
ඇමෙරිකන් ඩොලර් ප්රමාණය
ඉහළ යැම සිදු වන්නේ ද ඛනිජ
ඉන්ධන අත්පත් කරගැනීම
වෙනුවෙන් අධිරාජ්යවාදී
රටවල් ගෙන යන අදූරදර්ශී
හා ආත්මාර්ථකාමී
ක්රියා පිළිවෙත නිසා ය.
මේ නිසා ලොව පුරා ආර්ථික
අර්බුදයක් ඇති වනු වැළැක්විය
නො හැකි බව දහම්ට පැහැදිලි
විය.

MICHAEL JACKSON STILL ALIVE?

The journalist who wrote the article did not bother to research the fact but makes a snide
remark on how “Elvis would still be alive”, and that “this case almost certainly has nothing to
do with Michael Jackson”. Why on Earth a Coroner’s vehicle is transporting a living person
with a deliberately covered up face, a person which looks like Jackson’s spitting image (apart
from his face), in the same car that transported Jackson’s body. The mainstream media isn’t
interested in calling the Coroner’s office and asking why they transport very-alive people
with blankets over their faces who look like Michael Jackson. No, that’s totally uninteresting
because “We all know Michael Jackson is dead”. A classical case of “Don’t confuse us with the
facts – our mind is made up”.

වගකීම් හොඳින් ඉටු කරන විට දුම්කොළ සමාගම් අකුල් හෙළනවා

"නිෂ්පාදකයා බලාපොරොත්තු
වන ආකාරයෙන් ම
පාරිභෝගිකයා මරා දමන එක
ම නීත්යනුකූල නිෂ්පාදනය
දුම්වැටිය හෙවත් සිගරට්ටුවයි.
ගෝලීය වශයෙන් සැම වර්ෂයක
ම මිලියන 6ක පමණ ජනතාවක්
දුම්වැටි පානයෙන් අකාලේ මිය
යනවා. මෙයින් 600000ක් පමණ
අක්රිය දුම්පානයට ගොදුරු වූ
අයයි. මිලියන 20ක ජනගහණයක්
සිටින ශ්රී ලංකාවේ දුම් බීම
ආශ්රිත රෝගවලින් 12000ක් පමණ
ජනතාවක් වර්ෂයකට මිය
යනවා" යනුවෙන් මහාචාර්ය
කාලෝ ෆොන්සේකා මහතා පවසයි.
පුවත්පත් නිවේදනයක් මඟින්
මේ අළලා තවදුරටත් අදහස්
දක්වන මහාචාර්ය ෆොන්සේකා,
"මේ සම්බන්ධව ක්රියාත්මක
නො වුණොත් වසර 2030 වන විට
මේ සංඛ්යාව මිලියන 8ක්
දක්වා වැඩි වෙනවා.
මේ තත්ත්වයට ගොදුරු වන අය
ගෙන් සියයට 80කට වඩා වැඩි
සංඛ්යාවක් ජීවත් වන්නේ අඩු
හා මධ්යම ආදයම් ලබන
රටවලයි. මෙයට ශ්රී ලංකාවත්
අයත්. ලෝක සෞඛ්ය
සංවිධානයේ ප්රතිපත්තිවලට
අනුව තම වගකීම් වඩාත් හොඳින්
ඉටු කරන රටවලට දුම්කොළ
සමාගම් අකුල් හෙළනවා.
නිදසුනක් වශයෙන් දුම්කොළ
ඇසුරුම් මත රූපමය සෞඛ්ය
අනතුරු ඇඟවීම් ඇතුළත් කිරීම
වැළැක්වීමට දුම්කොළ සමාගම්
මෑතක දී අලුත් ම උපක්රමයක්
යොදා ගත්තා. ඒ තමයි දුම්කොළ
සමාගම්වලට තම නීත්යානුකූල
ලියාපදිංචි සිගරට් වර්ග නාම
භාවිත කිරීමට බලපෑමක්
දුම්කොළ අනතුරු ඇඟවීම්වලින් සිදු
වන බව කියා ද්විපාර්ශ්වික
ආයෝජන ගිවිසුමක් යටතේ ඒ ඒ
රටවලට නඩු පැවරීම.
මේ යටතේ දුම්කොළ ප්රඥප්තියට
අකුල් හෙළීම වෙනත් අංශ
හරහා ද කරගෙන යැමට
දුම්කොළ සමාගම් උත්සාහ
දරනවා. විශේෂයෙන් පොදු
ස්ථානවල දුම්වැටි පානය,
ප්රචාරණය, ප්රවර්ධනය සහ
අනුග්රහය දැක්වීම තහනම්
කිරීමට විරුද්ධව මොවුන්
ක්රියා කරනවා. ඒ නිසා වසර
2012 ලෝක දුම්වැටි විරෝධී
දිනයේ දී දුම්කොළ
කර්මාන්තයේ මේ දුෂ්ට
හා හානිකර උපක්රම පිළිබඳව
මහජනයා සහ ප්රතිපත්ති
සම්පාදකයන් දැනුවත් විය
යුතුයි. ලෝක සෞඛ්ය
සංවිධානයේ දුම්කොළ පාලන
ප්රඥප්තියේ පාර්ශ්වකරුවකු වන
ශ්රී ලංකාව එම
ගිවිසුමේ වැදගත්
ප්රතිපත්තිවලින් එකක්
ක්රියාත්මක කිරීම සඳහා ඇති වී
තිබෙන දිගු ප්රමාදය එනම්
මේ ප්රඥප්තියේ දෙමළ
භාෂා පරිවර්තනය ප්රමාද වීම
පිළිබඳව වෛද්ය, සෞඛ්ය
ප්රජාව සහ සිවිල් සමාජය
අතර බලාපොරොත්තු කඩ වීමක්
දක්නට ලැබෙනවා. 2005
වසරේ සිට වර්ෂ 3ක් ඇතුළත
සිගරට් ඇසුරුම් මත 50%ක් වත්
ආවරණය වන පරිදි රූපමය
සෞඛ්ය අනතුරු ඇඟවීම් ඇතුළත්
කිරීමේ නීතිය පාර්ශ්වකාර
රාජ්යයන් ක්රියාත්මක කළ යුතු
බවට FCTC ගිවිසුම නිර්දේශ කර
ඇතත් ශ්රී ලංකාව එය
ක්රියාත්මක නො කිරීම
නිසා වසර හතරකින් පසුපසින්
සිටිනවා. එමනිසා සෞඛ්යමය
ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේ දී
දුම්කොළ කර්මාන්තකරුවන්
ගේ බලපෑම්වලට කිසිසේත් ම
යටත් නො වී ක්රියා කිරීමට
බලධාරීන් වගබලාගත යුතුයි"
යනුවෙන් පවසයි.

64904276+ !


පැරැණි පොත්පත් රාක්කයක්
අවුස්සමින් සිටි මට හදිසියේ ම
අවුරුදු 35කට පමණ
එහා කාලයේ දී එනම් 1977 දී
පමණ මා විසින් ම තැපැල් කරන
ලද තැපැල් පතක් හමු විය. එය
පාසල් නේවාසිකාගාරයේ සිට
මා විසින් අපේ අම්මා වෙත
එවන ලද්දකි. එය මා සුව
සේ අනතුරකින් තොර ව බෝඩිමට
ගිය බව දැන්වීමට ලියූවකි. ඒ
කාලයේ දී මා පමණක් නො ව
අපේ පාසල්
නේවාසිකාගාරයේ සිටි හැම
ශිෂ්යයකු ම මෙවැනි
අවශ්යතාවල දී
සන්නිවේදනයේ යෙදුණේ තැපැල්
පත් මඟිනි. අපට ඒ
කාලයේ ජංගම දුරකථනයක්
ඇහැට දක්නට තිබුණේ වත් නැත.
අපේ ගෙවල්වල
හා නේවාසිකාගාරයේ දුරකථන
නො තිබිණි. අපේ ගමේ ස්ථාවර
දුරකථනයක් පැවතියේ ද,
විශාල සල්ලිකාරයකු වූ පොල්
මුදලාලි කෙනකුට පමණි.
ගමේ කාට හෝ ඈත එපිටක සිට
පණිවිඩයක් ලැබුණේ නම් ඒ
මේ මුදලාලි ගේ ගෙදර
දුරකථනයට ය. ඒ නිසා දුරකථන
පණිවිඩයක් ලබා ගන්නට
මේ මුදලාලි හිතවත් ව තබා ගත
යුතු විය. ඒ මුදලාලි අප සම`ග
හිතවත් ව සිටියත් ඒ කාලයේ දී
අපට කාගෙන් වත් දුරකථන
ඇමතුමක් ආ බව මතක නැත.
කෙසේ වෙතත්
මා දන්නා මගේ වයසේ ඒ හැම
දෙනා ගේ ම එකල ජනප්රිය ම
සන්නිවේදන ක්රමවේදය
වූයේ තැපැල්පතයි. ලියුමකට
ගැසිය යුතු මුද්දර ගාස්තුවට
වඩා හරි අඩක් පමණ අඩු
නිසා ආර්ථික වශයෙන් ද මෙය
ලාභදායි විය. එසේ ම මුද්දර
අලවා, ලියුම් කවරය ද
අලවා වැඩි වැඩ කරන්නට
අවශ්ය නො වූ නිසා ද, අපි
තැපැල්පතට කැමැති වීමු.
අනෙක් අතට අපට ලොකුවට
ලියන්නට දේවල් තිබුණේ ද නැත

¥ Happy science නම් අලුත්ම ගුන්ඩුව ¥ - 2

කට්ටිය දන්නවනේ කලින් සතියේ පලිගුවෙන් කියපු සතුටු විද්‍යාව ගැන .අද කියන්නේ ඒකේ තවත් විස්තර ටිකක් ‍.
මේ ව්‍යාපෘතියේ ප්‍රධන අරමුණ තමයි ථෙරවාදි බුදු දහම ලෝකයෙන් අතුගාදැමීම. මොකද ලගදි දවසක මේ අපූරු දිවයිනට එම පුද්ගලයා පැමිණියා ඇවිල්ලා ◊◊◊◊◊◊◊◊◊ කියන  හෝටලේ(නම කියන එක හරිනෑනේ) විශාල දේශනයක් පැවැත්වුවලු පලිගුවේ කෙනෙකු ඔය අතරට ගියේ වෙන්නේ මොකක්ද කියල බලන්න. කොහොම හරි වැදගත්ම දේ තමයි සංඝයා වහන්සේලා(සිවුරු ඇදන් හිටපු නිසා) විශාල ප්‍රමානයක් මේකට සහභාගිවුනාලු . හැබැයි මේ Ryuho Okawa කියලා තියෙන්නේ ලෝකය ගැන සාමාන්‍ය කතාවක්.
                                       * * * * *
මේ ගැන යන රූපවාහිනි වැඩසටහනෙදි (2011/12/20) Ryuho Okawa කියනවා "මම ශ්‍රි ලංකාවේ සංඝයා වහන්සේලා භාර කලමණාකරුටකව්වා ගෞතම මුණිදුගේ නැවත පුනාවර්ථනයක් විශ්වාස කරන  සංඝයා වහන්සේලා පමනක්  රැගෙන එන්න කියලා"
සංඝයා වහන්සේලා භාර කලමණාකරු කියලා අපි දන්න තරමින් ව්‍යුහයක් නෑ. කොහොම උනත් අරවගේ දෙයක් විශ්වාස කරන ◊◊◊යන්ට සංඝයා වහන්සේලා කියන්න පුලුවන්ද?
අනික Ryuho Okawa ට අනුව ථෙරවාදි බුදු දහමින් සැබෑ සතුට ලබන්න බෑහැලු . ඒ සදහා මහායානය අවශ්‍යලු හැපි සයන්ස් කියන්නේ ජපනුන්ට බිදින්න බැරිවුනු ආසියාවේ එකම සංස්කෘතිය විනාශ කරන  ට්‍රෝජන්  අස්සයාටයි. ජපනුන් අපේ මිතුරන් තමයි හැබැයි ඔවුනුත් සිහින දකින්නේ ලෝක බලවතුන්වන්ට  බව අමතක කරන්න එපා . හැපිය කෙස් වෙතත්මේ වගේ පිරිත් 365/6 යේම හැහෙනරටේ සංඝයා වහන්සේලාගේ පරිහිම ඇති වෙලා. පරාක්‍රමබාහු සංඝ නිති  නැවත ගේන එක හිතන්න ගැන මේ අලුත් අවුරද්දෙදිවත් හිතන්න.

Happy New year | සුභ නව වසරක් වේවා ඔබ සැමට !

ලෝකේ කොහේ හිටියත් කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වේවා ඔබට !
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive