Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

මඛාදේව ජාතකය | සම්බුද්ධ ජයන්තිය වෙනුවෙනි

තවද එක් සමයක තිලෝගුරු බුදු රජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරෙයි වැඩවෙසෙන කල් හි මහා අබිනික්මන පිලිබද අතිත කතාව මෙසේ වදාල සේක.
     යටගියදවස මියුලු නුවර මඛාදේව නම් රජ කෙනෙකු දැහැමින් රටපාලනය කරන්නටවිය.මෙම රජු සිය රාජකීය කරණවැමියට මෙසේ පැවසුවේය.”කරණවැමිය යම් දවසක මාගේ හිසෙහි ඉදුනු කෙස් ගසක් දුටුවහොත් මාහට ඒ බව කියව”.කාලය  අවෑමෙන් දිනක් කරණවැමියා රජුගේ ඉදුනු කෙස්ගසක් දැක ඒබව රජුට දැනුවුයේය.රජු එම කෙස් ගස ගලවා තම අතමත තබන්න යැයි කියුහ. පසුව එම කෙස් ගස දුටු රජතුමා මෙතෙක් කල් කෙලෙස් දුරුනොකිරිමට උත්සහා කොදැරිම පිලිබද තමටම දොස් පැවරුවේය. පසුව රජු රාජ්‍ය තම පුතුට පවරා කරණවෑමියාටද ගම්වරයක් තෑගි දි මඛාදේව නම් අ‍‍ඔ වනයට ගොස් පැවිදි විය. එදා මඛාදේව රජු අප මහා බෝසතුන්ය,කරණවෑමියා ආනන්ද හිමියන්ය.පුතු රාහුල කුමරුය.

කණ්ඩින ජාතකය | සම්බුද්ධ ජයන්තිය වෙනුවෙනි


තවද එක් සමයක තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරමයෙහි වැඩවෙසෙන කල් හි කාන්තාවක් කෙරෙහි සිත බැදුනු භික්ෂුනක් අරබයා මෙසේ වදාල සේක.
     යටගියදවස මගධ නම් රටේ මගධ  නම් රජ කෙනෙකු දැහැමින් රටපාලනය කරන්නටවිය.මෙම රටේ වැසියන් වගා කරන කල්හි මුවන්ට උපද්ර ව වන්නේය එමනිසා මුවන්  වන සිමාවෙන් ඔබ්බට නොගියේය.නමුදු එක් මුවෙකු අසල ගමක මුවැත්තියකට සිතබැදි  ඈ සමග ගමදෙසට යාමට සැරසුනි.මුවැත්තිය ගමදෙසට නෙයන ලෙස තරුණ මුවාට පැවසුවද  එය නොතකා ඉදියටම ගියහ. මුවැත්තියට අනතුර පිලිබද ඉව වැටී මුවා පසුපසු ගමන් ගන්නටවිය. එකෙනෙහිම මිනිසෙකුගේ හිසැරයකින් මුවා මැරි වැටුනේය. මුවැත්තිය වනයට පලාගියේය. ස්ත්රික සේවනයට ගිජු විමෙන් දුක් කම්කටොලු වලට මුහුනපෑමට සිදුවන බව බුදුරදුන් වදාල සේක.

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive