Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

සරසවි ඇදුරන්ගේ සාක්කු පිරෙයි

ඒ අනුව ආධුනික කථිකාචාර්යවරයෙකුගේ වැටුප් රු.27,750 සිට රු.75,000 දක්වාද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ වැටුප් රු.50,000 සිට දෙලක්ෂය දක්වාද වැඩි කෙරෙනු ඇති බව හෙතෙම කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. 

වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනයට සැරසෙන බවත්,ඔවුන්ගේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් විය යුතු බවත් අනුර කුමාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වාදීමෙන් අනතුරුව එස්.බී දිසානායක මහතා මේ බව කියා සිටියේය. 
විශ්ව විද්‍යාලවල සේවය කරන ගුරු භවතුන්ගෙන් බොහොමයක් ජ.වි.පෙ හිතෛෂි බැවින් ඔවුන්ගේ සහය ද ‍ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇත. 
මේ වන විට ලබා ගන්නා වැටුපට වඩා හත් අට ගුණයකින් වැඩි වැටුපක් ලබා ගැනීමට විදෙස්ගතවී රැකියා කිරීමට අවස්ථාව ඇතත් එසේ නොකොට අඩු වැටුපකට ශ්‍රී ලංකාවේ සේවය කරන ආචාර්යවරුන් පිළිබඳ තමන් සිය ප්‍රසාදය පළ කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. 
cpalead-verification: HFfwR0kDEGa5QPg0mk06j-T_mDzRWibgqGsNBfyV0Zl
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive