Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

 සෝම හිමියන් අපවත් වී ගිය ඉරු දිනට හරියටම වසර  7 යක් ගතවෙලා ලාංකිය ඉතිහාසයේ මහින්දාගමනයෙන් පසු සිදු වු විශාලම ආගමික පිබිදිම ඇති කෙලේ සෝම හිමියන් යැයි පැවසුහොත් එහිවරදක් නෑ(වැරදිනම් කියන්න).සෝම හිමියන්ට මෙතරම් ජනතාව පැහැදුනේ ඇයි? අපි ටිකක් මේගැන විමර්ෂනය කරලා බැලුවා.
රාජකීය පණ්ඩිත පුජ්‍ය නරමානේ බුද්ධ රක්කිත හිමියන් අප සමග මේ පිලිබද අදහස් දැක්වුවා.‍‍‍‍‍"සෝම හිමියන් දේශනාකලේ බුදු දහමේ නිරපේක්ෂතාව හෙවත් නිර්වානයට ගිහි,පැවදි දෙපක්ෂයටම අනුගමනය කලහැකි කාලීන උපදේශයන්.සමහර ඇත්තො කියනවා උන් වහන්සේ අපවත් වුනේ දෙවියන් ප්‍රතික්ෂ්ප කරපු නිසා කියලා.ඒත් උන්වහන්සේ ‍දේශනා කලේ දෙවියන් පසු පස උදවි ඉල්ලමින් යන්න එපා කියලයි බුදු හිමියන්ගෙන් බණ අහන්න දෙවියන් වැඩම කලේ බුදු දර්ෂණයේ පවතින වැදගත්කම නිසානේ හැබැයි බෙදු බැතිමතුන් යන්නේ දෙවියෙන් ගේ පස්සේ. බැතිමතුන් සෝම හිමියන්ගේ රුව සහිත ඡායාරූප බුදු පහන තුල තියාගෙන ඉන්නවා. මේක සෝම හිමියන් ‍දේශනාකල දේට ත් බුදු දහමටත් පටහැඩියි."
කොහොම උනත් සොම හිමියන් අපවත් විම අදටත් අභිරහසක්.එකල ජනාධිපති කොමිසමක් පවා පත් කලා,වාර්ථාවත් ඉදිරිපත් උනා හැබැයි වැඩක් උනේ නැ .
                                                   අසනු පිණිස සුමධුර බණ කතාවක්
                                                   වඩිනු මැනවි හිමියනි තව වතාවක්
 වෙසක් තරම්ම නොවුනත් නත්තල තුලත් සාමය සහජිවනය දකින්න පුලුවන් නිසයි පලිගුවේ අප ඔබට එය සමිප කරනනේ

Hack a website|හැක් කරමුද?

http://www.FreePremiumDomain.com/?r=281118
මෙමගින් වෙබ් අඩවියක පිටපතක් තාවකාලිතව අපේ  ග්‍රහනයට ගන්න හැකියි.




මේ ටිකේම ලිපියක් ලියන්න බැරි උනානේ.කොහෙද ඉතිං වැඩනේ
මෙක ජාවා ස්ක්‍රප්ට් එකක් හැබැයි නියමෙට වැඩකරනවා
හැබැයි තාවකාලිකව විතරයි පහත තියෙනවා 
site එකකට ගිහිල්ලා web browserරේ  address bar එකේ  Copy & pasteකරලා enter කරන්න.  
JavaScript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0
ඉන් පසු site ඒකේ කැමති text එකක්ට ඔබලා කැමති දෙයක් කොටන්න.
අදහස් දාන්න අමතක කරන්න එපා.

නවතන්නම බැරි ජංගම අසැබිය -2

ගිය සතියේ කිව්ව විදිහටම අද ගෙනාව ප්‍රශ්නෙට පුංවිම පුංවි පිලිතුරක්.පරිඝනක වගේම ජංගමයත් දැන් දියුණුවෙලා අද කාලේ අවුරුදු 14 ළමයටත් ජංගමය තියෙනවා.ඒවගේම ඒවට අන්තර්ජාල පහසුක මුත්තියෙනවා තත්ත්වෙ බරපතල එන්න එතනදි තමයි. පලිගුවෙන් බැලුවා මොකක්ද මේකට තියෙන විසදුම කියලා අපිට කරන්න පුඑවන් එකක් තමයි ජංගමය හරහා පිවිසිය හැකි අධ්‍යාපනික  අඩවි නිර්මානය හා ජනප්‍රිය කරවිම. හැබැයි මේක සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි.වෙනත් විසදුමක් තියෙනවානම් කොටලා යන්න.

නවතන්නම බැරි ජංගම අසැබිය

මෙ දවස් වල ඇහෙන මාතෘකාවක් තමයි ඔය.ඇත්තටම මේ අසැබි අඩවි(වචනේ තේරුම බොරුවට අහන්න එපා) නවත්වන්නම බැරිද? තාක්ෂණික වශයෙන් කියනවනම් බෝහෝ විට උත්තරය වෙන්නේ නොහැකියි යන්නයි.
එහෙම වෙන්නේ ඔය ගෙඩක් අඩවි විදේශ රටවල ධනපතියන්ගේ මුදලින් යැපෙන එවා නිසයි. අපිට(රජයට)පුඑවන් වන්නේ ඔය අඩවිවල URL(Universal  Resours Locater ) එක අවහිර කරන්න විතරයි.ඉතිං එහෙම කරාම dot.tkවගේ සේවාවලින් නැවත නාමිකකරන්න(rename) පුඑවන් අපේ රටේ කෙනෙකුට උනත් ඔය ගේම දෙන්න පුඑවන්. මෙිකට කරන ප්‍රතිකර්මයක් තියනවා නම් ලියලා යන්න.ලබන සතියේ ඉතිරි කොටස දාන්නම්.

අද කාලේ දැනුම

සමාවෙන්න ඔනේ තක්ෂණික අවුලක් හින්දා ලිපියේ භාගයයි පලඋනේ .....අපේ රටට රුපවාහිනි,ගුවන්විදුලි ආ කාලයේ පටන් තියෙන වැඩසටහනක් තමයි දැණුම මනින තරග.හැබැයි කට්ටිය තාම දන්නෑ ඔය තරග අද කාලෙට(21 ශතවර්ෂයට) ගැලපෙන්නැ කියලා.
එහෙම කිවුවාම ඔබ අහයි ඇ ඒවා අදට වලංගුනොවෙන්නේ කියා.
උදාහරනයක් කියන්නම් දවසක් ශ්‍රීමත් ඇල්බට් අයින්ස්ටයින්ගෙන්කෙනෙක් ඇහුවලු අඩි 12 කට අගල් කියක් තියෙනවද කියලා(ප්‍රශ්නේ වැරදි නම් කියන්න) එතකොට එතුමා කිව්වාලු මම මොකටද මට වැදගත් නැති දෙයක් ඔලුවෙ තියාගන්නේ කියලා.
තමංගේ අවට ගැන දැනුවත් විම හොදයි , හැබැයි ඕනාවට වඩා වැඩක් නෑ.
අද ලෝකය පිලිගන්නේ තොරතුරු ගබඩාව කියන සංකල්පය නොව තොරතුරු කැණිම කියන සංකල්පයයි.
5 ශිෂ්‍යත්වය කියන්නෙත් මේ වගේම සුලු පිරිසකට බොහෝ විට වාසි සැලසෙන වැ ඩක් .අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අවුලත් මේකම තමයි ."රටේ අනාගතේ" කියලා කැහැගැව්වට වෘත්තිය  අධ්‍යාපනයක් නැතිව සාමාන්‍යපෙළින්,උසස් පෙළින් සිසුන් සමාජයට යනවා. ලිව්වට වෙනස් වෙන්නේ නෑ තමයි එ උනාට කියවන කෙනෙක් අනාගතේදි හරි වෙනස් තරන්න පුලුවන් වෙවි.
සැ.යු: සාස්තර පුංචා අන්තරේ අයෙකු නොවන බව කරැනාවෙන් සලකන්න.

පළිගුවට දැන් වසරයි !

පලිගුව ‍ බ්ලෝග් අඩවියක් විදිහට පල උනේ 2009 ඔක්තෝබර් 5 දා.ඒත් ඒදවස්වල ලිපියක් දාන්න වේලාවක් නැති උනා. මේ වසර තුල පලිගුව සමග සිටි ඔබට අපේ හදපිරි පිරි ප්‍රණාමය
ඉතිං මේවසර තුල පලිගුව වෙනස්වෙමින් ඔබවෙත අප ගෙනආවා.
අප සිතන පරිදි පලිගුව සමාජිය බ්ලෝග් අඩවියක කර්තව්‍ය හරියට ඉටුකලා.
ඉදිරියටත් පලිගුව සමග රැදිසිටින්න.

පලිගුව ගැන ඔබේ අදහස් පහත Comment box එකේ දාන්න අපිට ඒවා හරි වටිනවා

Tuition මර යුද්දේ

අද මං කියන්නේ කවුරුත් දන්න දෙයක්ගැන.උඩිම්ම පෙනවනේ.
ඇත්තටම අද මේ අමතර පංති වල ප්‍රචාරනය තියෙන තරගේ පේනවා පාරට බස්සම මොකද Tuition කියන්නේ business එකක්නේ.
සාත්තර පුංචා මේ ලගදි ගාල්ල පැත්තේ කරක්ගහන්න උනා , ඒත් මේ පා.දු. පැත්තේ(නම නොකිවට දන්නවනේ) හිතවත් අමතර පංති ගුරුවරයෙක්ගේ ප්‍රචාරන වැඩකට.
එකනොවැ  වැඩේ ගාල්ලේ දි අපිට හමුවුනු සම්බන්ධිකරන Mans මාරකතාවක් කියුවා ,සර් මෙහේ පෝස්ටරයක් ගහලා පැය 4 කට වඩාතියන්න බෑ, ඒත් සර් බයවෙන්න එපා මම එහෙම නොවෙන්න කට්ටියක්දාලා තියෙන්නේ : කියලා හැබැයි ගුරැතුමානම් ඒවැඩෙට කැමති උනේ නැහැ. කොහොම උනත් ලගදි කළුතර 5 දෙනෙක් රෝහල් ගත වෙන කම් බලධරයන්ගෙ ඇස් ඇරුනේනැ
මතු සබැදේ
හිතලා මතලා Comment දාන්න

Facebook සහ අපේ කටිටිය

 ගොඩක් කලකට පස්සේ තමයි ඉතිං  post එකක් දාන්නේ.අද සාත්තරේ උඩින් දැක්කනේ .අපි Facebook, Blogger වලට දවස ගානේ ගියාට එවයේ භාෂා ඇති තැනට ගියාද? ගිහින්  බලන්න.ඒවයේ එකක වත් සිංහල භාෂාව නෑ.(Wikipedia ඇර) හැබැයි தமிழ்(දමිල) භාෂාව තියෙනවා. ඇයි සිංහල වලට මෙහෙම උනේ. දමිල ජනපිරිස(ඩයස්පෝරාව) තම මවුබසේ ප්‍රගමන(දියුණුව)කටයුතු කරන හැටි තමයි ඔය. මෙහෙම කිව්වම සමහරු කියයි අපි පොඩි රටක්නේ කියලා. ඔයා දන්නවද Microsoft වල ඉන්නවා ශ්‍රිලාංකික(සිංහල) ම හ ත් ත යෙ ක් . හිතලා බලන්න comments දාන්න. බ්ලෝග් කරුවන්ගේ සංසදය වැනි සේවාවක් වත් තිබිම හොදයි .බලන්න ඔබට කල හැකි දේ කුමක්දකියා මෙ සදහා. 
සාත්තර පුංචා ජාතිවාදියෙකු නොවේ.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගෙන් සම්බුද්ධ ශාසනයට සිදුවූ සේවය අගය කිරීමටත්,එකී සේවය යළි ලබා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ඉල්ලමින් ගම්පහ දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලා විසින් සංඝ සම්මේලනයක් පවත්වනු ලැබීය. මර්වින් සිල්වා මහතාට තවදුරටත් රට ජාතිය ආගම වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් මෙම සංඝ සම්මේලනය සංවිධානය කර තිබිණි. අද(20) පස්වරු තුනට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්‍ත්‍රණ ශාලාවේදී මෙම සංඝ සම්මේලනය පැවැත්විණි. එහිදී එම සංඝ සම්මේලනය කැඳවූ එක් යතිවරයෙකු වූ පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් ජනාධිපතිවරයාට භාරදීමට නියමිත සංදේශය අතැතිව සිටින අයුරු. 

කිසිම බලවේගයකට මගේ මහජන සේවය නවතන්න බෑ

කිසිදු බලවේගයකින් තමා කරන මහජන සේවය නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අවධාරණය කර සිටියි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ අද පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

රජයේ සේවකයින් සමග තමාගේ කිසිදු වෛරයක් නොමැති බව ද මන්ත්‍රීවරයා මෙහි දී සඳහන් කර සිටියේය. නමුත් වැඩ නොකරන යම් කිසි රාජ්‍ය සේවකයෙකු සිටිනවා නම් ඔහුගෙන් කෙසේ හෝ වැඩ ගන්නා බව ද මන්ත්‍රීවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

පලිගුව අපගේද සාතිශය සංවේගය

ඉංජිනේරුවකු, දහස් සංඛ්‍යාත සිසු පිරිසක් බිහිකල කෘතහස්ත ගුරුවරයකු මෙන්ම සිංහල බ්ලොග්කරුවකු වූ කුමුදු ලාල් පින්තු මහතා ඊයේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ නික්ම යෑම පිලිබඳව සියලු සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාතිශය සංවේගය මෙසේ පලකර සිටින්නෙමු.මෙම අභාවය පිලිබද පලිගුව අපගේද සාතිශය සංවේගය මෙසේ පලකර සිටින්නෙමු


එතුමා ලියූ බ්ලොග් අඩවිය වන “තම තම නැණ පමණ“ වෙත පහත යොමුවෙන් පිවිසිය හැකිය.

http://kumudupinto.wordpress.com/

දේහය තැන්පත් කර ඇත්තේ කොළොන්නාවෙය
[උපුටා ගැනිම sinhal boggers union]

සරසවි ඇදුරන්ගේ සාක්කු පිරෙයි

ඒ අනුව ආධුනික කථිකාචාර්යවරයෙකුගේ වැටුප් රු.27,750 සිට රු.75,000 දක්වාද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ වැටුප් රු.50,000 සිට දෙලක්ෂය දක්වාද වැඩි කෙරෙනු ඇති බව හෙතෙම කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. 

වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනයට සැරසෙන බවත්,ඔවුන්ගේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් විය යුතු බවත් අනුර කුමාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වාදීමෙන් අනතුරුව එස්.බී දිසානායක මහතා මේ බව කියා සිටියේය. 
විශ්ව විද්‍යාලවල සේවය කරන ගුරු භවතුන්ගෙන් බොහොමයක් ජ.වි.පෙ හිතෛෂි බැවින් ඔවුන්ගේ සහය ද ‍ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇත. 
මේ වන විට ලබා ගන්නා වැටුපට වඩා හත් අට ගුණයකින් වැඩි වැටුපක් ලබා ගැනීමට විදෙස්ගතවී රැකියා කිරීමට අවස්ථාව ඇතත් එසේ නොකොට අඩු වැටුපකට ශ්‍රී ලංකාවේ සේවය කරන ආචාර්යවරුන් පිළිබඳ තමන් සිය ප්‍රසාදය පළ කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. 
cpalead-verification: HFfwR0kDEGa5QPg0mk06j-T_mDzRWibgqGsNBfyV0Zl

ආයුබෝවන්

Now u can visit to paliguwa by:www.paliguwa.tk
ඔබට නවමු ලෙස පලිගුව ගෙන ඒමට අපි සිතුවා.
අප සමග රැදිසිටි ඔබට ස්තුතියි. ඉදිරියටත් රැදෙන්න අපසමග




IF y can't see above words click hear to get sinhala unicoad

‍‍‍‍‍ගිය සති‍‍‍යේ මට පෙනුන දේ

එබ්‍රහම් ‍කෝවුර් යනු අන්තවදි‍‍‍යෙක්ද
කෝවුර් මහතා ගැන ‍‍‍‍‍‍‍‍‍ගොඩක් අය දන් ‍න මිත්‍යාවන් ‍ ‍හෙලි කරන අ‍‍‍‍යෙකු ‍‍‍‍ ‍‍ලෙස උනත් ඔහු  තුල අන්තවාදි ලක්ෂණද නැතුවාම ‍ ‍‍නොවෙයි
හැබැයි ඔහු ‍‍හෙලි කරන ලද මිත්‍යාවන්ට අපි ස්තුති කරන්න ඔ‍‍න  තමයි එත්  ඔහු‍‍‍ගේ අන්තවාදි ලක්ෂණ ‍‍‍මෙන්න 
1.නියත මිනුම් දන්ඩක් භාවිත නොකිරිම.
2.ඔහුට ගෝචර නොවන සියල්ල මිත්‍යාවන්  ලෙස බැහැර කිරිම.

    කෝවුර් මහතා බෞදයන්ගේ ප්‍රධාන අංගයක් වන පිරිත් නූල ද  මිථ්‍යාවක් බවත්
ඒ වෙනුවට තඹ කම්බියක් සුදුසු යැයි පැවසිය. 
එතුමා විටක තම මිනුම් දන්ඩ විද්‍යාව ලෙසත් තවත් විටක ඔහුගේම නියායන් මගින් ගැටලු විසදයි.
සැබැ හේතුවාදියා යනු මොහුටද?
මෙම සටහන කෝවුර් මහතාට අපහස කිරිමට නොව එතුමා පිලිබද නොදැන ඔහුව අදහන අයට කියු සාත්තරයක් බව සලකන්න.
ර්‍වුරු කිවත්,කොතන තිබුනත් ය තමනසින්ම විමසා බැලිම නුවනට හුරුය.
IF you can't see above words click hear to get sinhala unicoad

අපේ රටේ internet ගුබ්බෑයම්

වර්ථමානයේ අපරට තුල ව්‍යාප්තවන අලුත්ම ව්‍යාපාරය INTERNET CAFE. රඡය මොන නීති ගෙනාවත් තවමත් ප්‍රමිතියක් නැති ව්‍යාපාර අතරින් එකක්‍‍.මේකේ තියෙන බරපතලම කාරනය තමයි තරුන පරපුරට අනවශ්‍ය පින්තූර,විඩියෝ දර්ශන ඉතා සුලු මුදලකට නරඹිමට හැකි වීම.Internet cafe කලාව නරක නෑ.නමුත් වරණයක් නැති අන්තර්ඡාලය නිසා ඒ කලාව අද ඡරාවෙලා.
මේ තත්ත්වයට යම් තරමක විසදුමන් විදිහට තමයි නැන සල   ආරම්බකරලා තියෙන්නේ නමුත් නගරබද අය ඒවට එනවද කියන එකයි ප්‍රශ්නේ.
රඡය කෙසේ හෝ මේවාට ප්‍රමිතියක් ගෙනආවොත් රටේ අනාගතය බේාර්වි.
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive